IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


'රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් යළි විශේෂ ආඥාවක්'

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා  සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ ආඥාවක් යළිත්  නිකුත් කරනු ලැබ ඇත

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙම ආඥා පිළිබඳව පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයා විසින්  මෙම ආඥාව නිකුත් කරනු ලැබ ඇත්තේ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තිය අනුව ඔහුට පැවරී ඇති බලතල අනුවය.

කතානායකවරයා සභාවේ කටයුතු ආරම්භයේදී  ජනාධිපතිවරයාගේ මෙම ආඥාව පිළිබඳව දැනුම් දුන්නේය.



අදහස් (46)

'රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් යළි විශේෂ ආඥාවක්'

nimelen Monday, 22 November 2021 10:46 AM

හැමදාම මේක කැඳවන්නේ ඇයි...? දන්නේ මේක විතරද? කමක් නෑ ආසාව නේ.

:       9       134

ase Monday, 22 November 2021 10:48 AM

අපේ ඉදිරී ගමන්මගේ පෙර ලකුනුද මේ ?

:       7       98

Sunil Monday, 22 November 2021 10:50 AM

මෙහි තේරුම කුමක්ද.? එන පොට හොඳ නැහැ වගේ.

:       7       104

Hafeel Monday, 22 November 2021 01:04 PM

පවුලේ ආරක්ෂාවට... මේ කතානායකයාටත් මේක කියලම එපා වේවි...

:       4       65

සාගර Monday, 22 November 2021 10:51 AM

හමුදා පාලන ඒකාධිපති තණ්හාව ක් පහළ වෙලා ද?

:       7       87

මහසෙන් Monday, 22 November 2021 10:56 AM

දැන් සියලු ප්‍රස්න අහවරවෙයි.පිලිතුර ලැබුනා.

:       8       81

පිටිගල මිලානෝ Monday, 22 November 2021 10:56 AM

ගොවියෝ ටික බෙල්ලෙන් අල්ලලා වගාකරවන්න වෙන්න ඇති. මේ වැඩ වලින් අපේ රට අන්තර්ජාතිකව අපකීර්තියට ලක් වෙනවා. ඒ ටිකවත් තේරෙන්නේ නැද්ද?

:       11       97

සිරිබිරිස් Monday, 22 November 2021 11:20 AM

කවුරුවත් ඕව ගණන් ගන්නේ නැහැ දැන්. රිවස් කරන එකම නේද වැඩේ.

:       6       83

ගජමිතුරු Monday, 22 November 2021 11:31 AM

දන්නදේ කරනවා මිස නොදන්නා දේවල් කරල අමාරුවෙ වැටෙන්නෙ මොකටද

:       6       80

Malika Monday, 22 November 2021 11:41 AM

කාව ආරක්ශා කරන්නද? අපිව නම් නෙවේ. පවුල රකින්න විතරමයි. රටේ ප්‍රශ්න නිසා මජනයා කුපිත් උනොත් මේ අයට වෙන දේ දන්න නිසයි මේ.

:       6       83

dayantha Monday, 22 November 2021 11:44 AM

අපි පොඩිකාලේ රූපවාහිනී කාටුන් එකක් තිබුනා. එකේ තේමා ගීතය මතක් උනා.

:       6       68

ලේක්කෝ ගලබඩ Monday, 22 November 2021 12:08 PM

නියමයි ස' අර ඒ දවස්වල චිත්‍ර ඇඳපු මෝඩයෝ සෙට් එකයි පුරන් කුඹුරු වගා කරපු සෙට් එකයි බෙල්ලෙන් අල්ලාගෙන ඇවිල්ලා ආපහු ඇද ඇද වගාකරන්න කියන්න.

:       4       67

චමරි Monday, 22 November 2021 12:10 PM

අනේ මන්දා.... මේ ප්‍රකාශවල බරපතලකම නානා අක්කාවත් කියලා දෙන්නේ නැද්ද?

:       3       63

චාන්දනී Monday, 22 November 2021 12:13 PM

ඇලිස් දුටු විස්මලන්‍තය කතාවේ ඉන්න පිස්සු පූසාගේ චරිතය මට මතක් වෙනවා.

:       4       58

wasanthat Monday, 22 November 2021 12:15 PM

මිටියක් අතේ තියෙන මිනිහට හැම ප්‍රශ්නයක්ම පෙනෙන්නේ ඇනයක් විදිහට.

:       3       59

Manilka Monday, 22 November 2021 12:16 PM

පි.. මූ පි.. මූ පි.. පූසා මූ ?

:       3       60

kamal Monday, 22 November 2021 12:33 PM

දැන් ආණ්ඩුවට ඉන්න ලොකුම සතුරා වන මහජනතාව මෙල්ල කිරීමට සන්නද්ධ හමුදා කැඳවන ලදී

:       4       63

Surain Monday, 22 November 2021 12:45 PM

එයාට දැන් ජනතාව පෙන්නේ ත්‍රස්තවාදියෝ හැටියට .ජනතාවට දැන් තේරුම් ගිහිල්ලා රටේ ත්‍රස්තවාදියෙක් ඉන්නවා කියලා

:       4       52

ජයනී Monday, 22 November 2021 12:51 PM

හලෝ.... හමුදාව අයිති අපිට... මේ මහජනතාවට ඒක දන්නේ නැත්නම් තේරුම් ගන්න. ඔහෙලාට හිටියා ඇති කියලා හිතෙනවා නම් ආපහු යන්න ඇමරිකාවට අපට පව් නොදී...

:       2       52

සමිත සේනක අලුත්ගමගේ. Monday, 22 November 2021 12:51 PM

මහජනතාවට නම්, මේ හමුදාව දාලා කරන්න ආරක්ෂාවක් ඉතුරුවී නැහැ. මහජනතාවගෙන් දේශපාලනඥයින් නම් ආරක්ෂාවීම වැදගත්. අන්න කළුතර පැත්තේ එක්කෙනෙක්ව ගස් බැඳලා දාලා තිබුණා. මේ නිසා තෙල් ටික, පෝර ටික ගන්න සල්ලි නැති වෙලාවේ, හමුදා අංශ වෙත පඩියට අමතරව බටා ආදිය දෙන්න වේවි නේද?

:       2       48

nalin Monday, 22 November 2021 12:51 PM

ඒ පාර මොන ජල්ලියක් නටන්න හදනවද මන්දා අප්පා අනේ මන්දන්නේ නෑ.. රටේ මොනවා වෙනවාද කියලා...

:       3       33

සිල්වා Monday, 22 November 2021 12:58 PM

පාර පුරාම හැමතැනම හමුදාව යෙදෙව්වාම සංචාරකයින් භීතියට පත්වෙනවා. මේ වැඩෙන් සංචාරක ව්‍යාපාරය නැවත ගොඩනැඟිය නොහැකියි...

:       4       39

Virangi Monday, 22 November 2021 01:06 PM

අනේ මන්දා, වැටුණු රට ගොඩ ගැනීමට එකම විකල්පය විදෙස් ආයෝජකයින් හා සංචාරකයින් ගෙන්වීම බව මුදල් ඇමති කියන කොට... රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් යළි විශේෂ ආඥාවක්... එතකොට මොන විදිහේ විදෙස් ආයෝජකයින්ද මේ රටට එන්නේ... විදේශ සංචාරකයන් එයිද?

:       5       26

kamal Monday, 22 November 2021 01:09 PM

හිට්ලර් කෙනෙක් ඕනෑ කිව්වා නේද?

:       7       37

hesa Monday, 22 November 2021 01:44 PM

හොඳ වැඩේ. පාසල් ආරම්භයත් එක්කම ඔය හදන්නෙ ඒවා නතර වෙන තැනට වැඩ කරන්න.

:       5       20

sampath Monday, 22 November 2021 02:11 PM

චන්දේ දුන්නේ ඕනේ දෙයක් කරගන්න .ඒ නිසා මොකක් කලත් දැන් කරන්න දෙයක් නෑ .තව සතවර්ශයක් යනකම්

:       5       12

බද්රානි Monday, 22 November 2021 02:28 PM

ඔයිට වඩා හමුදා හයිකාරකම් පෙන්වපු ගඩාපිලා අවසානේ, බෝක්කු අස්සේ සැගවුනා කියලා වියරුවෙන් දඟලන අය මතක් කර ගත්තොත් කෝකටත් හොඳයි.

:       4       28

[email protected] Monday, 22 November 2021 02:39 PM

දවසින් දවස වැඩිවන ගෑස් පෝළිම, පෙට්‍රල් පෝලිම, හෙට අනිද්ද එන එළවලු පෝලිම් වල ජනතාවට බැටේ දෙන්න නේ.

:       5       17

ලාලිනී Monday, 22 November 2021 02:45 PM

හීනෙන් බයවෙලාද...? ආතතියද....?

:       3       17

පියුමි රණසිංහ Monday, 22 November 2021 02:47 PM

පොදු සමාව ලබා දෙන්නේ කවදාද ?

:       3       10

de silva Monday, 22 November 2021 02:47 PM

ඔය හමුදාව දම්මලා කුඹුරු ටික වගා කරගන්න බැරිද ?

:       4       11

චමින්ද ජයනාත් ජයසූරිය Monday, 22 November 2021 02:54 PM

මෙය නම් රටකට එතරම් යහපත් දෙයක් නෙමේ...මොකද හමුදාවක් හැ මවිටකම කැදවිම යනු බොහෝ විට සිවිල් පරිපාලනයක් ඇති ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත රටක ඇවැසි ලක්ෂණයක් නොවන නිසා....බොහෝ විට රටක් හමුදාව කැදවන්නෙ විදේශීය ආක්‍රමණයකදි...එහෙමත් නැති නම් ජාතික ව්‍යාවසනයකදි...ඇත්තටම මෙම සිදුවිම් වලින් වන්නෙ හමුදාව ගැන ඇති ගෞරවය සහ විශේෂිත භාවය ජනතාව අතරින් ගිලිහී යාම...රටක පාලකයින් සතු යුතුකම වන්නෙ සන්නද්ධ හමුදාවන්ට ඔවුන්ගේ කාර්යය පටිපාටියට අනුව තම වැඩ කටයුතු කරගෙනයාමට ඉඩහැරීම...පුහුණුව සහ අවශ්‍ය උපකරණ නිසි වේලාවට ලබා දිම...එසේම දේශපලෙනික උවමනාවන් සදහා හමුදාව භාවිතාකිරීමෙන් සිදුවන්නෙ ඔවුන් අතරම මතභේද ගොඩනැගිම...රටක ආරක්ෂාවවෙනුවෙන් හමුදාවකට ඇත්තෙ වෙනම වගකිමක්...රටක අභ්‍යන්තර ආරක්ෂාව වෙනුවෙන් රජයක් සිදුකල යුත්තෙ පොලිසිය බුද්ධි අංශ සහ නීතිය නිසිලෙස බල ගැන්වීම...ශක්තිමත් බුද්ධි අංශයක් ඇත්නම් හැම තැනකටම පොලිස් භටයින් පවා යෙදවීමට ඇවැසි වන්නෙ නෑ...

:       4       18

ලසන්ති Monday, 22 November 2021 02:58 PM

මෙලෝ දනුමක් නැති කෙනෙක්නෙ මෙයා.... මේ හමුදාව ගෙන්නන ප්‍රකාශය නිසා සන්චාරකයෝ කීදෙනෙක් ටිකට් අවලන්ගු කරගන්න ඇත්ද..? කීදෙනෙක් ලංකාවට නොයන්න තීරනය කරන්න ඇත්ද..? කිසිම කල්පනාවකින් තොරව ඔහේ ප්‍රකාශ නිකුත් කරලා රිවස් කරනවා.... හැබැයි එතකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි. මෙයා ගැන හොදටම කිව්වේ සරත් ෆොන්සේකා.

:       4       21

හන්සිනී Monday, 22 November 2021 03:22 PM

මෙයාගේ වැඩ දැක්කාම මෙයාට ගැලපෙන එකම රස්සාව තමයි අර ඇමරිකාවේ කලේ. ඒකත් දාලා මෙහෙ ඇවිල්ලා හොඳටම කලේ මල්පාත්ති සහ තණකොළ වැවීම සහ පාර දෙපැත්තේ ටයිල් අල්ලපු එකයි. ඒ නිසා ආපහු ගිහින් පරන ජොබ් එකටම සෙට්වෙන්න...

:       3       19

mohomed agarapatana Monday, 22 November 2021 03:31 PM

ලංකාව මියන්මාරයක් වෙනවා 2025ට ඉස්සර..!

:       3       16

හෆීස් මුස්තාෆා හක්කසාද් Monday, 22 November 2021 03:37 PM

අපි හිතුවේ ලොකුම ජෝකර් සිරිසේන කියලා... බැලින්නම් එයා පරාදයි.

:       2       20

Ratne Monday, 22 November 2021 03:45 PM

හමුදාව කැඳවූවාට, ජනතාවට කැඳවත් නැහැ. පොහොට්ටුව පිපී, මල පැන ඇත...

:       0       0

hesa Monday, 22 November 2021 03:46 PM

පාර දිගේ සෙල්ලම් කරලා ඉවරයි වගේ...

:       0       0

ගමේ එකාලා Monday, 22 November 2021 03:47 PM

දූෂිත, බලලෝබි පවුලේ ආණ්ඩුවට මුලුමහත් ජනතාව විරුද්ධව නැගිටලා... ආණ්ඩුව.. සෑහෙන්න බයවෙලා වගේ... රජකම් කෙරුවත් කළකම් පලදෙන දවසක් එයි...

:       0       0

දාස Monday, 22 November 2021 03:58 PM

ඔය තුවක්කු අනිත් පැත්තට හැරවෙන්න වැඩි කාලයක් යන එකක්. ඒක තමයි මාකෝස්ලාට වුනේ...

:       0       0

මෝ Monday, 22 November 2021 07:28 PM

පුපුරන ද්‍රව්‍යත් අහු වුණා. දැන් ආරක්ෂාව තරකරන්න ඕනේ. ඡන්දයක් ළඟ එන ලකුණු පෙනේ. විකාර කරන්න පටන් ගත් වගයි.

:       2       12

පිටරැටියා Monday, 22 November 2021 08:42 PM

බටහිර කුමන්ත්‍රණ කියලා වීරවංශ ඉස්සර ඉඳලා කියන්න ඇත්තේ අනාගතය ගැන දිවැසින් දැකලා වෙන්නැති. හමුදා සීරුවෙන්, කලින් කරන්න තිබුණු දෙයක්, දැන්නම් ආණ්ඩුව බයවෙලා වගේ...

:       0       0

Demuni Uduwara Tuesday, 23 November 2021 01:05 AM

ඔබට ඇත්තේ සිවිල් මානසිකත්වයක් නොව හමුදා මානසිකත්වයකි!

:       0       0

jayanthi Tuesday, 23 November 2021 04:20 PM

පුද්ගලීකරණයට, වැටුප් වැඩි කර ගැනීමට, ජීවන තත්වයන් ඉහළ නංවගන්න, ජීවත්වෙන්න සටන් කරන කම්කරුවන්, ගොවියන්, පීඩිතයින් මැඩීමත් තම පංතිය ආරක්ෂා කර ගැනීමත් තමයි එල්ලය. දැන් සටන් කරන සැවොම කම්කරු පන්තියේ නායකත්වයෙන් අරගලයට බැසිය යුතුයි. මොක ද ධනවාදය වෙනස් කරන්න පුළුවන් පන්තිය..., කම්කරු පන්තිය නිසා...

:       1       0

lakvidu Tuesday, 23 November 2021 06:51 PM

දැං ඉතිරි වෙලා තියෙන්නේ මූදෙ ඉන්න මාලු ටික විතරයි. (තව පොඩ්ඩෙන් ඒකටත් කෙලවෙනවා). හමුදාව දාලා ඒ මාලු ටික අල්ලලා පිටරට යවලාවත් රටට ඩොලර් ටිකක් ගේන්න හිතලා වෙන්නැති මගෙ හිතේ..!

:       0       1

Eranga Wednesday, 24 November 2021 08:18 AM

මිනිස්සුන්ගෙ ආරක්ෂාවට නෙමෙයි ...තමන්ගෙ පවුලෙ ආරක්ෂාවට තමයි ඕක කරන්නෙ...මොකද දැන් දැන් මිනිස්සුන්ගෙ විරෝධය වැඩි වෙන බව දන්න හින්ද...ගුටි කෑමක් අතලඟ කියල දැනෙන කොට වෙන මොනව කරන්නද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 1737 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 334 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 591 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 878 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 159 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 591 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 727 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 507 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site