(සුජිත් හේවාජුලිගේ )
සංචරණ සීමා ඉවත් කිරීමත් සමග දිවයින පුරා මත්පැන් අලෙවිසල් ද හෙට සිට විවෘත කිරිමට අවසර ලැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
මේ සම්බන්ධයෙන් සියලුම සහකාර සුරාබදු කොමසාරිස්වරුන් , සුරාබදු අධිකාරිවරුන් හා සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත නිවේදනයක් නිකුත් කර ඇති සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව සියලු වෙළඳසල් විවෘත කිරීමට අවකාශ ලබාදී ඇති හෙයින් සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන පමණක් විවෘත කිරීමට අවසර ලබාදීමට කටයුතු කරන ලෙස දැනුම් දී ඇත.
දැනට වසා මුද්‍රා තබා ඇති බලපත්‍රලත් ස්ථානවල මුද්‍රා ඉවත් කිරීමට ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම අදාල සුරාබදු කොමසාරිස්වරුන්ට පවරන බවද එම නිවේදනයේ සඳහන් වේ .
සෙසු බලපත්‍රලත් ස්ථාන සම්බන්ධයෙන් ගතයුතු පියවර නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ලද පසු දැනුම්දෙන බවද එහි වැඩිදුරටත් සඳහන් වේ .
කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා සංචරණ සීමා පැනවීමත් සමග සියලු මත්පැන් අලෙවිසල්ද සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් අනුව සුරාබදු ප්‍රධානීන් විසින් වසා දමනු ලැබීය .
ආරක්ෂක පියවරක් ලෙස සියලුම මත්පැන් අලෙවිසල්වලට මුද්‍රා තැබීමට ද පසුව පියවර ගන්නා ලදී.
මත්පැන් අලෙවිසල් වසා දැමීම නිසා මේ දක්වා රජයට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 2000 කට ආසන්න යැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි .
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.
විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05)
බුස්ස අධිආරක්ෂිත බන්ධනගාරයේ දැනට රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු වන රණවිර ආරච්චිගේ ශානුක මදුෂාන් නොහොත් ඔලුමරා නමැත්තා සිර මැදිවියේ වැසිකිළි
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
රටබීම අලෙවිසල් හෙට සිටි විවෘතයි
Nihal Sunday, 20 June 2021 04:30 PM
දන්කොටුවේ වොඩ්කා අයත් පාරට බසීවිද? එහෙම වෙන එකක් නෑ. පසුගිය කාලේ හොඳට හම්බ කර ගත්තා.
pradeepa Sunday, 20 June 2021 04:57 PM
මාර උනන්දුවක් නේ තියෙන්නේ... මේ බාර් ටික විවෘත කරන්න. ඕකෙන් ජනතාව තව ලෙඩ වෙනවා, නැතිවෙනවා, ගෙවල්වල කරදර, මරාගන්නවා.., ඕකනේ වෙන්නේ...
රංග තේනුවර Sunday, 20 June 2021 05:21 PM
මේ සිංහල බෞද්ධ රටේ අරක්කු බීම සුදුසු නැහැ. මේවා තහනම් කරමු.
samanSunday, 20 June 2021 05:44 PM
බොන නොබොන එක මිනිස්සුන්ගේ අයිතියක්... ඔයා බොන්නේ නැතිනම් නොබී ඉන්න... ඒක ඔයාගේ වැඩක්. බෞද්ධ රටේ බොන එකට වඩා කොච්චර අබෞද්ධ දේවල් වෙනවද? තව ටික දවසකින් බෞද්ධ රටේ මස්, මාළු කන්න හොඳ නෑ කිව්වොත් ඒකත් නොකා ඉඳියිද? තමන්ගේ පුද්ගලික කැමැති, අකැමැතිකම් රටකට පොදු කරන්න යන්න එපා. ඒක තමන් කරගන්න.
අමද්‍යප ලොක්කා Sunday, 20 June 2021 10:01 PM
එහෙම කියන්න එපා. මේක බුදුන් වැඩිය දේශය. අවුරුදු 2500 ක ඉතිහාසයක් තියෙනවා. මේ රටේ කිසිකෙනෙක් පන්සිල් පද 05 කඩන්නේ නැහැ. අපි හොඳ බෞද්ධයින්. හැබැයි මේවා ඔක්කොම පොතේ පමණයි. සාමාන්‍ය ජීවිතයේදී පන්සිල් පද 5 නොකඩා බැහැනේ මල්ලියේ.
RohanaSunday, 20 June 2021 10:46 PM
සමහරු බීල පාඩුවේ ඉන්නෙ නෑනේ... ගෙවල් දොරවල් වල යාළු මිත්‍රාදීන් සමග ආරවුල් ගහගන්නට යනවා ගෙදර ඇවිත් විකාර කියවනවා රැයක් දවාලක් දන්නේ නෑ. නොබොන අය අසරණ වෙනවා. සමාජය එහෙමයි. ගෙදර අඹු දරුවන්ට රැකවරණයක් නෑ. හම්බකරන සේසතම වියදම් කරන්නේ බීමට. අන්තිමට ලෙඩක් වෙලා මරණය පෙනි පෙනී ජීවත්වෙලා බීම නිසාම මියැදෙනවා. බීම කෙනෙකුගේ අයිතියක් වුණත් එම අයිතිය නරකට හිටින වාර බහුලයි.
chamaraMonday, 21 June 2021 11:37 AM
රංගගේ අදහසට ගරු කරන අතර ඊට විරුද්ධව ඇත්තේ බොන අයගේ විරෝධයයි. බුදු දහමේ, මස් මාළු ආහාරයට ගැනීමෙන් වලකිමි ලෙස සිල් පදයක් නොමැති නමුත් මත්ද්‍රව්‍ය මත්වෙන වෙනත් දේවල් ගැනීමෙන් වෙන් වෙමි ලෙස සිල් පදයක් තිබේ (පන්සිල් වල).
විජිත් Sunday, 20 June 2021 05:57 PM
සූකිරි බටිල්ලන්ගේ අලුත්ම ගීතය .."සුමිහිරි පානේ - පදමට ගහලා..., කොරෝනා හැදිලා හෙට මැරුණත්, ඉමු ජොලි කරලා..."
Palitha Sunday, 20 June 2021 06:06 PM
කාලෙකට පස්සේ... දෙවියන් අපගේ මුහුණ බැලුවා...!!!
kapila Sunday, 20 June 2021 06:39 PM
හෙට සිට රජයට කොටි 33.33ක් දිනකට එනවා. ඒ කියන්නේ මත්පැන් බොන අය රජයට දෙන දායකත්වය... මෙහෙම වෙන කවුරුත් ආණ්ඩුවට බදු ගෙවනවද?. ඒ නිසා බොන අයට "බොන විරුවා" කියමු.
bandara Sunday, 20 June 2021 06:44 PM
උදයේ යමු බාර් අරින්න... මීටරේ පෝලිමක් හැදෙන්න.... වේලි වේලි ඉන්න අපට ලිකර් ලබා දෙන්න ... මහතුනේ.... අප රැකගන්න ...!!!
fairoos Sunday, 20 June 2021 07:35 PM
හමුදාපති මොනවා කියයිද මන්දා?
parakkramaSunday, 20 June 2021 10:56 PM
හෙට අපේ කඩේ ඇරලා පළමුවැනි බෝතලය විකුණා ගන්නකම් මෙයාලත් එක්ක වැඩේ විශ්වාස නැහැ.
Rohana Sunday, 20 June 2021 10:32 PM
මොනවා ඇරියෙ නැතත් තැබෑරුම් අරින්න ලොකු උනන්දුවක් තියෙනවා. තැබෑරුම් ඇරීම මගින් රෝග ව්‍යාප්තියට උදව්වීමක්.
Demuni Uduwara Monday, 21 June 2021 02:55 AM
බළලා මල්ලෙන් එළියට පැන්නා...