(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිළියන්දල මඩපාත සතොස සුපිරි වෙළඳසලක ඉදිරි වීදුරු දොරවල් කඩා ඇතුළු වූ පුද්ගලයන් පිරිසක් එහි තිබූ මත්පැන් බෝතල් තොගයක් සොරාගෙන ගොස් ඇතැයි පිලියන්දල පොලිසිය කියයි.
එම අවස්ථාවේ එහි ආරක්ෂක නිලධාරියා සැඟවී බලා සිට ඇතැයි පොලිසිය කියයි.
යකඩ පොලු අතැතිව වෑන් රථයකින් පැමිණ තිබූ පුද්ගලයන් හය දෙනකු පමණ මෙම සොරකම සිදුකර ඇතැයි ආරක්ෂක නිලධාරියාගේ ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මෙම සොරකම සිදු වන අවස්ථාවේ දී ආරක්ෂක නිලධාරියා 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දුරකථන ඇමතුමක් ලබාදීම හැරෙන්නට සොරකම වැළැක්වීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බව පොලිසිය කියයි.
ඔහු අවම වශයෙන් ඔවුන්ගේ ආරක්ෂක සමාගමට ,එහි උසස් නිලධාරියකුට හෝ අවම වශයෙන් යාබද නිවසකට ගොස් මේ බව දැනුම් දී නොතිබුණු බව උස ස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සොරකම සඳහා පිරිස පැමිණි වෑන් රථයේ ලියාපදිංචි අංකය සොයා ගැනීමට අවට සිසිටිවි කැමරා පරික්ෂා කරන බවත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සොරාගත් මත්පැන් බෝතල් ප්‍රමාණය හෝ එහි වටිනාකම මෙතෙක් ගණනය කර නැත.
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත
ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.
වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ
බලන්ගොඩ කල්තොට රජවක ප්‍රදේශයේ ඇති ගල් වලක බොර සවි කිරීමට ගිය පුද්ගලයකු ගල් කොරියේ ඉහළ ස්ථානයක සිට පහළට ඇදවැටී අද (19) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රටබීම හල හොරු කඩද්දි ආරක්ෂකයා සැඟවී බලා ඉඳලා
de silva Friday, 23 September 2022 01:21 PM
අනිවාර්යයෙන්ම ආරක්ෂක නිලධාරියා මේකට හවුල්...
Prabha Friday, 23 September 2022 05:08 PM
ඔබ හිටියා නම් මොකද කරන්නේ කියලා පොඩ්ඩක් කියන්න බැරිද?
අබිලින් Friday, 23 September 2022 06:39 PM
හිටියා නම් වාහනයේ අංකය ලියාගෙන පුළුවන් විදියක් තියෙනවා නම් ටයර් වල හුලං බස්සන්න බලනවා. නැත්නම් ඈතක සිට ඉදිරියේ වීදුරුවට ගලක් එවනවා.
Senarath Friday, 23 September 2022 01:23 PM
ඔහු බුද්ධිමත් ආරක්ෂක නිලධාරියෙක්... රුපියල් 30000ක් පඩි අරගන්න ජීවිතේ පුජාකරන්න ඕනෑ නැහැ කියලා හිතෙන්න ඇති. ඔහු පොලිසියට දැන්වූවාම, ආයුධත් තියෙන පොලිසිය මොනවද මොනවද කළේ? කිට්ටුව ඉන්න මිනිස්සු බැඳිලා හැහැ මත්පැන් හල්වල ආරක්ෂාව ගැන හොයා බලන්න...
විපරමා Friday, 23 September 2022 02:40 PM
යකඩ පොලු අරන් ආපු මැරයින් එක්ක ඔට්ටුවෙලා මැරෙන්නද කියන්නේ...? 119 කෝල් එකක් දුන්නා මදිද? පොලීසිය හදන්නෙත් ආරක්ෂක නිලධාරියා පිට ඔක්කොම වැරැදි පටවන්න. පොලිස් කියන වචනයේ තේරුමවත් හරියට නොදන්න අය ගැන මොන කතාද?
Bunny Preena Friday, 23 September 2022 03:49 PM
යකඩ පොලු අරන් ඇවිත් ඉන්න අය එක්ක තනි මනුස්සයෙක් කොහේ හැප්පෙන්නද? එහෙම ගියා නම් සමහරක් වෙලාවට ඔහුව ඝාතනය කරලා තියෙන්නත් පුළුවන්... අඩුම ගානේ ඔහුට පැමිණි පුද්ගලයින්ගේ මුහුණු මතක නම්, හඳුනාගන්නට පුළුවන් නම් ඒක ලොකු රුකුලක් වෙයි... හොරුන්ව අත්අඩංගුවට ගන්න. කොහේහරි ඇඟිලි සලකුණකුත් ඇතිනේ..
pakeer Friday, 23 September 2022 04:29 PM
මේ ආරක්ෂකයා ඉතාමත් නුවණ තියෙන මනුස්සයෙක්... මේ මනුස්සයා සුපර් මෑන්වත්, බෘෘස්ලිවත් නෙවෙයි. එයා කරන්න පුළුවන් හොඳම දේ තමයි 119ට කතා කළේ. ගෙවල් වල මිනිස්සු මොනවා කරන්නද?
ගමේ එකාලා Friday, 23 September 2022 05:41 PM
මැරයින් එක්ක තනි මිනිහෙකුට හැප්පෙන්න ද කියන්නේ? බැරිවේලාවකවත් ඔය මනුස්සයාට මොනවා හරි වුනොත් පවුලේ උදවිය ගැන පොලිසියේ ඇත්තෝ බලාගන්නවාද? පොලිස් නිලධාරීන්ට මොනවා කියන්න බැරිද?