IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


රටම ආවරණය වන පරිදි පී.සී.ආර්. පරීක්ෂණ කරන්න

 

‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වයිරසය පැතිර යෑම වැළැක්වීම සඳහා දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි පී.සී.ආර්. පරීක්ෂණ කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (29) නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අවස්ථා කිහිපයකදී නව කොරෝනා වයිරස ආසාදිතයන් වැඩි වීමට හේතු වූ කරුණු මොනවාදැයි හඳුනාගෙන ඒවා නැවත සිදු නොවීමට අවශ්‍ය පියවර ගන්නැයි ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

‘කොවිඩ්-19 මර්දන කාර්ය සාධක බලකායේ’ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (29) පැවැති රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම කරුණු සඳහන් කළේය.

මෙරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 350ක් තිබෙන බවත් ඉන් 28කින් ආසාදිතයන් හඳුනාගෙන ඇති බවත් සඳහන් කළ නිලධාරීහු වයිරසය සෙසු ප්‍රදේශවලට පැතිර වැළැක්වීමට උපරිම පියවර ගෙන ඇති බව ද කීහ.
 
055
 

 



අදහස් (30)

රටම ආවරණය වන පරිදි පී.සී.ආර්. පරීක්ෂණ කරන්න

බම්බුආරච්චි Thursday, 29 October 2020 02:31 PM

පී.සී.ආර්. මැෂින් 5න් කොහොමද සර් රටම ආවරණය කරන්නේ? අනෙක දැන් කරන ටෙස්ට්වලින් බහුතරයක් කරනනේ ප්‍රභූ ආරක්ෂක අංශවල නේද?

:       13       216

kamalFriday, 30 October 2020 02:01 AM

මුළු රටම කිව්වේ 225 ගැනයි කියන එක 69 ලක්ෂයට තාම තේරුම් ගිහින් නැහැ වගේ..

:       0       0

Rata Perata Thursday, 29 October 2020 02:40 PM

මෙන්න මෙයා ඉන්නවා නේද? හා සර් ... මෙ කාටත් අර සිංහරාජෙ ගිහින් පාර කපන හැටි කිව්වා වගේ තමයි. නොදන්න හැම මගුලටම අපදෙස් දෙන්න යන්නේ නැතිව වෘත්තීයවේදීන්ගෙන් අදහස් ගන්න. අපිට මෝඩකම පෙනුනට කමක් නැහැ. අපරාදෙ මිනිස්සු අපරාදේ මැරෙනවා නැත්නම්...

:       21       95

Demuni Uduwara Thursday, 29 October 2020 03:12 PM

විවෘත දෑසකින් සිටින්නේ ඔබ පමණයි.

:       107       17

ranaFriday, 30 October 2020 02:10 AM

සැමවිටම විවෘත දෑසකි...

:       0       0

දොලේවත්තFriday, 30 October 2020 04:00 PM

ජෝක් කරන්ඩ හොඳ කාල වකවානුවක් නෙමේ මේක...

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 29 October 2020 04:00 PM

ජනපතිතුමනි, මොනවද මේ කතා .. බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වූ විගස එය පැතිරීමට ඉඩදී සිටියා. ඒ නිසා රෝගය පැතිරුණා. බස්නාහිර පළාතට කළින් දැනුම්දී ඇඳිරිය දැමීම නිසා බොහෝ මිනිසුන් ඇඳිරි නීතිය දැමීමට ප්‍රථම ගම් බිම් බලා ගියා.මේ නිසා තත්ත්වය වඩා අවදානම් වෙයි කියා කලින් නොසිතුනේ මන්ද..? කව්ද මේ අඩුපාඩු සහිත තීන්දු ගන්නේ? කරුණාකර ඒ ගැන සොයාබලා නිසි අයුරින් අදාළ අය ගැන නිසි පියවර ගන්න. ස්තූතියි.

:       9       89

siriThursday, 29 October 2020 06:58 PM

චීනෙන් සල්ලි ගත්ත එකට වැඩිය හපන් ඡන්දෙට බ්‍රැන්ඩික්ස් එකෙන් සල්ලි ගත්තු එක. ඒකනේ ඒකට " බ්‍රැන්ඩික්ස් පොකුර " කියන්නේ නැතුව " මිනුවන්ගොඩ පොකුර " කියලා කියන්න වෙලා තියෙන්නේ...

:       0       0

ශෂික මනෝහරFriday, 30 October 2020 11:15 AM

දැන් හෙට අනිද්දට කියයි. බස්නාහිර පළාතේ ජනතාව පිට පළාත්වලට ගිය නිසා සමාජයේ පැතිරීමක් තියෙනවා කියලා. අන්තිමේ ජනතාව වැරදි. එයාලා හරි. මාස්ටර් ප්ලෑන් මේවා...

:       0       6

සුනිල් සමරවීර Thursday, 29 October 2020 05:46 PM

පී.සී.ආර්.මැෂින් කැඩිලනම් ආචාර්ය චන්න ජයසුමනට කියලා නාථ දෙවියන්ට කියලා සුදර්ශන් පැණිය පිරිත් කියවලා බෙදන්න. ජනාධිපතිතුමනි, ඒ වගේ ගොන් හැත්තගෙ උපදෙස් ගත්තොත් අපි හැමෝම අනාථයි.

:       12       101

SLFriday, 30 October 2020 03:20 AM

මහා උගතා, කියන්නකෝ පර්යේෂණ කීයක් කරලා තියෙනවද? කීයකින් සාර්ථක ප්‍රතිඵල ලැබිලා තියෙනවද කියලා..?

:       0       0

සිරිබිරිස් Thursday, 29 October 2020 06:16 PM

කියන්න පුලුවන්. ඒවට පහසුකම් සලසලා නැති එක තමයි ප්‍රශ්නේ...

:       9       80

banda Thursday, 29 October 2020 06:35 PM

කට තිබුණු පලියට කියවන්න එපා.. රටේ PCR දවසට කරන්න පුළුවන් උපරිම ගණනක් තියෙනවා. කරන PCR පරීක්ෂණවලින් භාගයක් බොරු ප්‍රතිඵල...

:       0       0

Perera Thursday, 29 October 2020 06:38 PM

අදනේ දැක්කේ... කාලෙකට පස්සේ...

:       0       0

චමින්ද ජයනාත් ජයසූරිය Thursday, 29 October 2020 06:56 PM

ඊයෙයි, අදයි ගත්තු තීරණ ගන්න තිබුනේ එදා කියලා තමයි ජනපති තුමනි මට නම් හිතෙන්නේ.. අපි ගොඩක් තිරණ ගන්න මන්දගාමී වුණා කියලා හිතෙනවා. හැබැයි අපි එදා රට වහලා ආසාදිතයෝයි, පළමු, දෙවන ආශ්‍රිතයෝයි හොයලා නිරෝධායනය කරලා නම්, අද මේ වනවිට සමහර විට රට නැවතත් විවෘත කරන්නත් තිබුණා කියලත් හිතෙනවා.. මොනවා වුණත් දැන් අපි ගොඩක් පරක්කු වුණා කියා හිතෙනවා.. මේක මගේ පෞද්ගලික අදහසක් විතරයි.

:       0       0

Ashan Thursday, 29 October 2020 07:46 PM

මේ වයිරසය රජයේ වැරද්දක් නෙවෙයි. ඒ නිසා නියම තත්වය හංගන් නැතුව ජනතාවට හෙලිකල යුතුයි. වෙන රටවල දිනපතා මාධ්‍යයට නියම තත්වය කියනවා. එතකොට මිනිස්සු පරිස්සම් වෙනවා. අර ඡන්දෙ කාලේ වගේ උනන්දුවක් දැන් පේන්නේ නෑ. ලෝකේ කීවෙනි තැනද බලන්න... මේක රේස් එකක් නෙවෙයි.

:       0       0

බද්රානි Thursday, 29 October 2020 10:20 PM

කටින් බතල හිටවන හැකියාව ඔබතුමාට වගේ අපටත් තිබුණා නම් ඉතින්, අපිත් අද මිනිස්සු තමයි. චීන්නුන්වයි, ඇමරිකන් කාරයින්වයි මේ රටට වද්දා ගත්තු ඔබතුමා තමයි මුල්ම PCR ටෙස්ට් එක කළයුතු මේ රටේ ප්‍රධාන පුද්ගලයා.. අපට කොයින්ද ඉතින් ජනතාව අන්දන්න හැකියාවක් තියන සහෝදරයන් ඉන්නේ? "කන්න පින තියනවා නම් ඉබ්බා ගෙට එනවා" කිව්වලු..

:       0       0

ලුම්බිණි Thursday, 29 October 2020 11:09 PM

පී.සී.ආර්. පරීක්ෂණ වැඩිකිරීම තුළින් පමණක් කොරෝනා පැතිරීම නවතන්නේ කොහොමද?

:       0       0

dugiya Friday, 30 October 2020 12:01 AM

මේවා නම් පුදුම කතා. අප්‍රේල් 25 ඡන්දේ තියන්න ඕනේ වුණාම අපි යුද්ද කලේ රටවල් වහලා නෙමේ කිව්වා. ඡන්දේ නැවත්තුවම රටම වැහැව්වා ආර්ථිකේ බල්ලට දාලා. ඉක්මනට ඡන්දේ තියන්න. දැන් ඡන්දේ ඉවර නිසා වයිරසය රටේම දුවනවා. නියපොත්තෙන් කඩන්න තිබ්බ එක දැන් අනාගත්තා. නොබෝ දිනකින් මේක හංගන්න බැරුව යනවා. එතකොට රටම ලොකු කාලයක් වහන්න වෙනවා. කිසිම ආර්ථික දැක්මක් නෑ. දේශපාලනය විතරයි. අවසානයේ කොවිඩ් නිසා මෙහෙම වුණා කියමින් දේශපාලනය කරයි.

:       0       0

මුණසිංහ Friday, 30 October 2020 02:03 AM

පුතා⁣ණෝගේ පැකනිල් දුන්නා නම් මෙලහකටත් ඕක ඉවරයි...

:       0       0

vikum Friday, 30 October 2020 02:07 AM

තවම කොරෝනාවල අවදානම නොතේරෙන එක ගැන දුකයි.. පිටරටක ජීවත්වන මා දන්නවා කොරෝනා වුවදුරට රජයන් ලැස්තිවූ, ලෑස්ති වෙමින් පවතින ආකාරය... අපි වගේ දුප්පත් රටකට සෞඛ්‍ය පද්ධතියේ ධාරිතා සීමාව හමාර වූ විට ගෙදරට වී නිරෝධායනය වීමට සිදුවේ. ගෙවල් ඇතුලේ මිනිස්සු මැරෙන තත්වය ඇතිවේ... දැන් 20ත් හමාර වූ නිසා, මේ පීඩිත මිනිස්සු පවුල් පිටින් මැරෙන්න දෙන්නැති වෙන්න වැඩ පිළිවෙලක් වෙනුවෙන් ප්‍රවීන නිලධාරි සහාය ගනු මැනවි. ජනධිපතිතුමනි, ඔබතුමන් සියල්ල නොදන්නා තැනැත්තෙක් බව මතක තියාගන්න..

:       0       0

කැලුම් මැදගම Friday, 30 October 2020 02:11 AM

රටක් හැටියට අපිට හැමදාම හුදකලා වෙලා කොරෝනා පාලනය කරන්න පුළුවන් කියන වැරදි වැටහීම නිසා තමා මෙහෙම වුනේ... කිසියම් හෝ අවස්ථාවක රට අර්ධ හෝ පූර්ණ වශයෙන් විවෘත කරන්න වෙනවා. එතකොට මගින් හෝ භාණ්ඩ හරහා මේ වෛරය රටට ඇතුල් වෙන්න පුළුවන්. නමුත් අපේ දේශපාලකයන් සහ ඉහළ පුටුවල ඉන්න කාටවත් එහෙම ඇතුල් වුණොත් මේ වෛරස ව්‍යාප්තිය පැතිරවීම නවත්වන්න කිසිම ප්ලෑන් එකක් නැහැ. පීසීආර් වුණත් මහා පරිමාණයෙන් කරන්න අපිට පහසුකම් නැහැ. එහෙම කළත් කාටද මූලිකත්වය දෙන්නේ කියන එක තවත් ගැටලුවක්. කොරෝනා අරමුදලට මොකද වුනේ...? ඇයි ඔටෝමේටඩ් පීසීඅ‍ාර් මැෂින් ගෙනාවේ නැත්තේ? අපේ රටේ ඈත ගමේ ඉන්න දුප්පත්, නූගත් මිනිහා ඉඳන් නගරයේ ඉන්න උගත්, බුද්ධිමත් මිනිස්සු පවා හැමදේම අමතක කරලා දේශපාලන රැල්ල පස්සේ කඩේ ගියා... ඡන්දයට පස්සේ මිනිස්සු මාස්ක් දැම්මේ නැහැ. බස්වල පොල් පටවලා ගියේ... කොහේවත් සමාජ දුරස්ථභාවය බැලුවේ නැහැ. ඒ තරම්ම නොහික්මුණු ගෝත්‍රික මිනිස්සු අපි.. හෙට මළත් අද බොන්න තියනවා නම් ඇති කියන බහුතරය ඉන්නේ... එක එක්කෙනා පස්සේ ගිහින් අන්තිමට කොරෝනා හැදුණාම ඔය කිසිම කෙනෙක් නැහැ ජනතාවට පිහිටවෙන්න.

:       0       0

Kaluwa Friday, 30 October 2020 03:08 AM

විකාර තමයි..

:       0       0

සංජය දත් Friday, 30 October 2020 05:42 AM

ඔන්න ඔය වගේ ටැබ්ලට් එකක් නේද සීතා නෝනා ඉල්ලුවේ...? පව්...

:       0       0

Bandara Arambepola Friday, 30 October 2020 05:50 AM

කවුරුත් නැද්ද මෙයාට කියන්න ඔයා තමයි ජනාධිපති කියලා...? මෙයා තවම හිතාගෙන ඉන්නේ සිරිසේන ජනාධිපති කියලද දන්නේ නෑ...

:       0       0

ජහමනයා Friday, 30 October 2020 06:01 AM

කයිවාරු විතරයි බලාගෙන ගියාම මෙයත්...

:       0       0

කුමාර Friday, 30 October 2020 06:09 AM

අශ්වයා පැන ගියපසු ඉස්තාලය වැසීම....

:       0       0

Viki Friday, 30 October 2020 06:41 AM

අපේ රටේ ජනාධිපති කෙනෙක් ඉන්නවද? දැන්ද ඔහේ නැගිට්ටේ...?

:       0       0

Nuwan Friday, 30 October 2020 08:20 AM

අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසාදැමීම. ආයෙත් 20 සම්මත කර ගන්නකම් පොඩ්ඩක් රටේ අවධානය කොරෝනා පැත්තට දාපු නිසා ගොඩගියා. රෙස්පෙක්ට් සර්..!!! තව පොඩ්ඩක් හිටියා නම් සිල්වා පුතත් එළියට දාලාම පී.සී.ආර්. කරන්න තිබුණා. රටේ අවාසනාවට අපිට වෙන්නේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩ. අර හිටන් හුටන් ගැන්සිය රට කෑවා. ඒකෙන් බේරෙන්න මෙයාව ගෙන්නුවා පාස්කු බෝම්බයට බයවෙලා. දැන් මෙයා හිටන් හුටන්ට අන්ත වේගෙන එන්නේ.

:       0       0

sunil Friday, 30 October 2020 08:23 AM

ඇඳිරිනීතිය හෙට දානවා කිය කියා ඉන්නකොට පිටපළාත්වල මිනිස්සු කොරෝනාත් අරන් ගම්බිම් බලා ගියා. මහා ලොකු වොස්තාර්ලා වටේ තියාගෙන මොකක්ද මේ කළ ගොන් වැඩේ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 882 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


දුම්රිය
2024 නොවැම්බර් මස 17 3 0

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 376 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 222 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 783 0

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 241 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 342 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 624 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1784 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site