( ඩයනා උදයංගනී සහ යොහාන් භාසුර)
මේ දිනවල පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් ඉන්ධන නොමැතිව වසා තිබූ අතර විවෘතව තිබූ ඉන්ධන පිරිවුම්හල් අසල ද ඉන්ධන ලබා ගැනීමට දිගු පෝලිම් දක්නට ලැබිණි.
බොහෝ ඉන්ධන අලෙවිසැල්වල ‘ඩීසල් නැත’ යනුවෙන් පුවරු ප්‍රදර්ශනය කර තිබූ අතර, ඇතැම් ඒවායේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ද නොතිබිණි.
මීට අමතරව බොහෝ ඉන්ධන පිරවුම්හල්වල භූමිතෙල් ද නොතිබිණි.
මේ හේතුවෙන් ඩීසල් වාහන හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව සිටි අතර ඇතැමුන්ට ඉන්ධන පිරවුම්හල් ගණනාවකට ගියත් ඉන්ධන ලබාගැනීමට නොහැකිව හිස්අතින්ම ආපසු යන්නට සිදුවූ අවස්ථා ද වාර්තා වේ.
ඇතැමුන්ට පැය ගණනක් තිස්සේ ඉන්ධන පෝලිම්වල රැඳී සිටින්නට සිදුව තිබිණි.
ඒ හේතුවෙන් බොහෝ දෙනෙකුගේ දෛනික කටයුතු සඳහා බාධා එල්ල වූ අතර ඇතැම් වාහන ඉන්ධන නොමැතිව අතරමග නැවතුණු බවට ද වාර්තා විය.
ඇතැම් වාහන හිමියන් වාහන මග නැවතීම හේතුවෙන් ඉන්ධන රැගෙනයාමට භාජන ද රැගෙන ඉන්ධනහල් අසල පෝලිම්වල රැඳී සිටිනු ද දක්නට ලැබිණි.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
නුගේගොඩ නගරය
තිඹිරිගස්යාය
(ඡායාරූප: කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල නගරයේ
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රටම කැළඹූ තෙල් හිඟය
Bamunuarachchi Wednesday, 23 February 2022 06:06 PM
වාහන වැඩිකම නිසා තෙල් පෝලිම් තිබුණට, රටේ කිසිම තෙල් සහ ඩොලර් හිඟයක් නැහැ.
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 24 February 2022 11:40 AM
ඇමති කොයි වෙලාවෙත් කියවන්නේ පෙට්‍රල්, ඩීසල් මිල වැඩිකරනා බවයි. වැඩිකරන එක කල්තියා නිතර පැවසීම නිසා, ඉන්ධනහල් හිමියන් විසින් ඉන්ධන හාංගා ගනු ලබනවා. එකවර තෙල් හිඟයක් ඇතිවීමට මෙය දැඩි සේ බලපානවා. මිල ඉහළ ගිය විගස තෙල් හිගයක් නැත්තේ සැඟවූ තෙල් තොග එළියට එන නිසා. ඒ නිසා තෙල්මිල වැඩිවීමෙන් එහි විශාල ලාභයක් යන්නේ රජයට නොව පිටස්තර අයට. මේ සඟවා තබන තෙල් තොග වැටලීමට රජයට නොහැකි වනුයේ මන්ද?