IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


‘‘රටේ අනාගතය පවතින්නේ තරුණ තරුණියන් සහ නවෝත්පාදනය මතයි‘‘

(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකාවේ අනාගතය රැඳී ඇත්තේ තරුණ තරුණියන් සහ නවෝත්පාදනය මත යැයි ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා අද (22) පැවැසීය.

නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වය මගින් ඉදිරියට යන ශ්‍රී ලංකාවේ වත්මන් තරුණ පරපුරට මේ රට වෙනස් කිරීමේ හැකියාව ඇතැයි ද අජිත් පී. පෙරේරා මහතා කීවේය. 

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සංවිධානය කරන ලද  #අපේ2030   යොවුන් සංවාදයේ’ සමාප්ති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම උත්සවය පැවැත්විණි. 

එහිදි තවදුරටත් අදහස් දැක්වූ අජිත් පී. පෙරේරා මහතා මෙසේ ද කීවේය.  

          “මේ රටේ අනාගතය පවතින්නේ නවෝත්පාදනය මතයි. වාසනාවකට අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් හැම දරුවගේම, අපි හැමෝගෙම ඇඟ ඇතුළේ, අපේ ලේවල අපේ ඩී.එන්.ඒ.වල නවෝත්පාදනය තිබෙනවා. අපි රටේ හැමෝගෙම ඇඟ ඇතුළේ පෞරෂත්වය නායකත්වය තිබෙනවා. නවෝත්පාදනය සහ නායකත්වය තිබෙනවා නම් ව්‍යවසායකත්වය නිකංම ලැබෙනවා. ඒක සංයෝගයක්. 

එහෙත් අපිට ව්‍යවසායකත්වය නැහැ. අපේ රට, අපිට ජාතියක් විදියට ව්‍යවසායකත්වය නැහැ. අපිට ව්‍යවසායකත්වය නැතුව නෙමෙයි. අපේ ඇඟවල් ඇතුළේ ව්‍යවසායකත්වය තිබෙනවා. 

එහෙත් අපේ අම්මලා තාත්තලා ඒක අපේ දරුවන්ට කියලා දෙන්නේ නැහැ. ව්‍යාපාරයක් කරලා, හරි හම්බ කරලා සතුටින් හොඳින් ජීවත් වෙන විදිය මවුපියෝ දරුවන්ට කියලා දෙන්නේ නැහැ. අපේ අම්මලා තාත්තලා හැමතිස්සේම උත්සාහ කරන්නේ දරුවන්ව සම්ප්‍රදායනුකූල රැකියාවලට යොමු කරන්නයි. වර්තමානය වනවිට සම්ප්‍රදායනුකූල රැකියාවලට හිමිව ඇත්තේ බොහෝම පොඩි තැනක්.

අද අපේ රටේ අනාගතය රැඳී පවතින්නේ ඔබ මතයි. මේ රටේ අනාගතය ගොඩනගන්න, මේ රට පොහොසත් කරන්න හැකියාව තිබෙන්නේ ඔබ වැනි දරුවන් මතයි. මේ දරුවන්ට අපේ දරු පරම්පරාවට මේ රට වෙනස් කරන්න පුළුවන්. අපට බැරි වෙච්ච දේ අපි උත්සාහ කරන දේ ඔබට කරන්න පුළුවන්. දරුවන්ට ඒ ශක්තිය හා හැකියාව තිබෙනවා. දරුවන්ට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. අපේ රට ව්‍යවසාය ක්ෂේත්‍රයෙන් ඉක්මනින් දියුණු වෙනවා.

මගේ පරම්පරාවේ අපේ පරම්පරාවේ ව්‍යාපාර කළේ මුකුත් කරගන්න බැරි වුණ අය. එහෙමත් නැතිනම් පරම්පරාවෙන් ව්‍යාපාර උරුම වූ අය. එහෙමත් නැතිනම් අහම්බෙන්. එහෙත් අද එම තත්ත්වය වෙනස් වෙලා. අද ව්‍යවසායකත්වයට වටිනාකමක් ලැබිලා තියෙනවා. අද තමන්ගේ කියලා ව්‍යාපාරයක් ගොඩනැගීම ආඩම්බරයට කරුණක්. අද රටට ඕන වෙලා තියෙන්නේ එයයි. අද අපි අපේ අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා තවත් ආයතන රැසක් එකතුවෙලා කරන්නේ තමන්ගේ කියලා ව්‍යවසාය ගොඩනගන දරුවන්ට උපකාර කරන එකයි.

රැකියා ඉල්ලන තරුණ තරුණියන් වෙනුවට තමන්ගේ කියලා ව්‍යාපාර ගොඩනගන, ව්‍යාපාර, ව්‍යවසාය තුළින් රටත් ලෝකයත් යන ව්‍යාපාර ගොඩනගන තරුණ පරම්පරාවක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා තරුණ දරුවන්ගේ හැකියාවන් සහ දක්ෂතා වැඩිදියුණු කරන ගමන් අපි ඒ සඳහා තිබෙන අවස්ථා උදා කරන්න බලාපොරොත්තු වෙනවා” යැයි අමාත්‍යවරයා කීවේය.

එහිදි අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ වැඩසටහනේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත ජෝන් සොරෙන්සන් මෙසේ කීය.

        “තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම දරිද්‍රතාව හා කුසගින්න අවම කිරීම, සාමය ඇති ගොඩනැගීම, දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම ආදී අභියෝග රැසක් ජයගැනීමට අපට අවස්ථාව උදා කර දෙනවා.  තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම බොහෝ ජය ගැනීමට අපට සහයෝගය ලබාදෙනවා.

ප්‍රජාවට අවස්ථාව ලබා දීම සහ ඔවුන්ට සවිබල ගැන්වීම තුළින් සංවර්ධනය අත්පත් කරගත හැකි අතර අපට හමුවේ තිබෙන ගැටලුවලට නවෝත්පාදනය ඔස්සේ විසඳුම් සෙවීමට හැකියාව ලැබෙනවා.

ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගේ අනාගතය වෙනුවෙන් ආයෝජනය කිරීමට සාමූහික වැඩසටහනක් අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් සාමූහික වැඩපිළිවෙලක් ඇති කරමින් සියලු දෙනා එකතු වෙමින් කටයුතු කරමින් ඒ වෙනුවෙන් කාලය, ශ්‍රමය සහ මුදල් ආයෝජනය කළ යුතුයි. වඩාත් වැදගත් වන්නේ රජය ඇතුළු සියලු පාර්ශව එක් මේසයකට පැමිණ සාකච්ඡා කර ප්‍රතිපත්ති ගැනීම සහ ඒවා ඉටු කිරීමයි” යැයි ද හෙතෙම කීවේය. 



අදහස් (0)

‘‘රටේ අනාගතය පවතින්නේ තරුණ තරුණියන් සහ නවෝත්පාදනය මතයි‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජනපතිගේ ප්‍රකාශයට කොමිසමෙන් 21 තීරණයක්
2025 අප්‍රේල් මස 18 38 0

ජාතික ජන බලවේගයේ පළාත් පාලන ආයතන වලට මහා ආණ්ඩුවෙන් ඇස් පියාගෙන මුදල් වෙන් කරන බවට ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සම්බන්


සැමියාගේ පොරෝ පහරින් බිරිය මරුට
2025 අප්‍රේල් මස 18 36 0

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් හිගුරක්‌ගොඩ කිරිමැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය බිරිදට පොරොවකින් පහරදී ඝාතනය කර ඇතැයි හිගුරක්ගොඩ පොලිසිය කියයි.


අපේක්ෂා රෝහලේ කෝටි 40ක් පුස්කන්න අැරලා
2025 අප්‍රේල් මස 18 74 0

මහරගම අපේක්ෂා රෝහල සඳහා වන පරිත්‍යාග ගිණුමේ රුපියල් කෝටි හතළිහකට වැඩි මුදලක් තිබූ නමුත් පසුගිය වසර දෙකේදී මෙම අරමුදල් කිසිදු ඵලදායි කාර්යයක් සඳහා භ


මාස හතරට සංචාරකයන් ලක්ෂ අටක් පනී
2025 අප්‍රේල් මස 18 210 0

පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්


ජනපති දළදා වඳී
2025 අප්‍රේල් මස 18 714 2

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප


“සිරි දළදා වන්දනාව” ගැන ව්‍යාජ ආරාධනා පත්‍රයක්
2025 අප්‍රේල් මස 18 342 2

“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 206 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1130 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site