IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


‘රට ඉදිරියට ගන්න ශක්තිය ඇත්තේ ජනපති රනිල්ට පමණයි‘

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනඟමින් රට ඉදිරියට ගෙන යාමට හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැවින්  එතුමාගේ වැඩපි ළිවෙළට සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත  ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහා නා හිමියෝ පැවසූහ. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොට්ටාව, රුක්මලේ ශ්‍රී ධර්ම විජයාලෝක මහා විහාරය වෙත  පැමිණ මහා නාහිමියන්  බැහැ දුටු අවස්ථාවේදී උන්වහන්සේ විශේෂ අනුශාසනාවක් සිදු කරමින් මේ බව සඳහන් කළහ. 

මෙහිදී ජනාධිපතිවරයා පැවැසූයේ රට ව්‍යසනයකට ඇද වැටී තිබු  අවස්ථාවේ ජනාධිපති ධූරය බාරගන්නා ලෙස ඉත්තෑපානේ ධම්මාලංකාර නායක හිමි  කළ ආරාධනය ද කෘතවේදීව සිහිපත් කළ යුතු බවයි.

මෙවැනි අර්බුදයකට මුහුණ දුන් ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව සුවිශේෂී ජයග්‍රණයක් ලබාගත් බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

අසාධාරණ ඉල්ලීම් මත පදනම්ව ගුරු වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් රටේ සමස්ත දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට ඉඩ තැබිය නොහැකි බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම වෘත්තීය ක්‍රියාමාර්ග නතර නොකරන්නේ නම් ඒ වෙනුවෙන් ඉදිරියේදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද සඳහන් කළේය


 



අදහස් (21)

‘රට ඉදිරියට ගන්න ශක්තිය ඇත්තේ ජනපති රනිල්ට පමණයි‘

sachith Friday, 28 June 2024 12:05 PM

රට පිරිහෙන්න තවත් එක හේතුවක් .සංඝ සභාවල් දේශපාලනීකරණය වෙච්ච එක

:       5       25

wedage Friday, 28 June 2024 12:34 PM

පිස්සුද නැත්නම් හැටිද ?

:       6       17

Saman Friday, 28 June 2024 12:59 PM

ඔව් ඔව් අවුරදු 50ක් විතර පාර්ලිමේන්තුවේ හිටිය රනිල් දැන් රට සැහෙන්න ඉදිරියට ගෙනල්ල තියෙන්නේ , ගෙවන්න තියන ණය කන්දරාවම බිලියන් 100 පැනල

:       6       20

සුගතපාල Saturday, 29 June 2024 08:00 AM

රනිල් අවුරුදු 47 ක් පාර්ලිමේන්තුවේ හිටියා පක්ෂ නායකයෙක් වෙලා... වාසුදේව අවුරුදු 54 ක් පාර්ලිමේන්තුවේ හිටියා අඩුම තරමින් ඔහු තමන්ගේ දිස්ත්‍රික්කයේවත් කරලා තියෙන සංවර්ධනය මොකක්ද ඉතින් එහෙම නම් වැඩියෙන් වැඩක් කරන්න ඕන වාසුදේව නොවෙයිද? පාර්ලිමේන්තුවේ හිටියා කියලා රනිල්ට විතරක් දොස් කිව්වම හරිද සමන්...

:       0       0

මල් මාමා Friday, 28 June 2024 02:00 PM

පිනට දෙන දෙ කාලා හිටියනම්

:       6       37

චතුර Friday, 28 June 2024 02:19 PM

අවසරයි නා හිමියනි.. මට ඇහුන් නෑ. රටට මෙච්චර විවින්නැහියක් කරලත් රනිල් තමයි පොර කියන්නේ ..

:       6       35

Perera Friday, 28 June 2024 02:36 PM

ඇත්ත මම හිතුවේ එය කළ හැක්කේ රාජපක්ෂලාට පමණයි කියලා නේ

:       3       28

anuranga Friday, 28 June 2024 02:50 PM

අම්මෝ... පළතුරු වට්ටියේ ලොකු

:       5       32

mahinda Friday, 28 June 2024 03:33 PM

යාළුවත් එක්ක එකතුවෙලා මහ බැංකුවට කෙලපු කෙලිල්ලෙන්ම ඔප්පු කරලා හමාරයි.

:       6       15

විජිත් Friday, 28 June 2024 03:51 PM

හාමුදුරුවෝ මුට බයේ ඔහොම කිව්වේ.? උන්වහන්සේට අමතක නැහැ මහබැංකුව කඩපු , මිනීමරු , බටලන්දේ වධකයයි මේ තමන් ඉදිරියේ සිටින්නේ කියලා.

:       10       14

Likil Friday, 28 June 2024 03:56 PM

ලස්සන තටු තියෙන කෘමියෙක්ද?

:       6       12

Dharmatileke Friday, 28 June 2024 03:58 PM

මහින්ද නැතිව බෑ කිව්වා වගේ කතාවක්...

:       5       14

Chinthani Friday, 28 June 2024 04:01 PM

පපඩම් ගත්තාද? බලාගෙන ඉස්මුරුත්තාවට එයි. ලැජ්ජයි...!

:       4       14

Rata Perata Friday, 28 June 2024 04:17 PM

නොදකින්... නිකන් ලැබෙන දේට කහින මෙහෙමත් මිනිස්සු...

:       4       13

Lalla Friday, 28 June 2024 04:37 PM

චීවරය දේශපාලනයට පිවිසීම සහ ආවැඩුම රටට වූ විශාලතම ව්‍යසනයයි... අගමැතිවරයකු මරණය දක්වාම ගිය තත්ත්වය සහ කිසිවක්ම බැරි අයෙක් පුම්බල ජනපති කෙනෙක් කර කල අපරාධය මතකනේද ?

:       6       18

උපුල් Friday, 28 June 2024 05:33 PM

අටපිරිකරක් අරන් ආවොත් ප්‍රභාකරන්ට වුණත් ආශිර්වාද කරලා හොඳම පොර කියලා කියාවි මේ උන්දැලා...!

:       3       13

Don perea Friday, 28 June 2024 06:10 PM

මොනවා හම්බවුණාද දන්නෑ...?

:       2       11

suda Friday, 28 June 2024 09:16 PM

කරුණාකර ඔබ වහන්සේගේ තත්වය තියාගෙන ඉන්න...

:       1       10

චතුරි Saturday, 29 June 2024 08:00 AM

මේ හාමුදුරුවෝ පිටරට වෙන්න ඇති වාසය කරන්නේ... රනිල් කවුද කියලා මුලු ලන්කාවම දන්නවා.. කොන්ද පණ නැහැ කියලා පොඩි අයත් දන්නවා. නඩේව ආරක්ෂා කරන්නේ මේ හොරා කියලා වැඩි හිටියොත් දන්නවා... මහා නිකායේ හාමුදුරුවොත් කියන්නේ රට බාරදීලා රනිල්ට යන්න කියලා..

:       1       0

ගමේ එකාලා Saturday, 29 June 2024 02:30 PM

හාමුදුරුවන්ට මොනවයින් අඩුවක්ද? කොහොම කියන්ඩ බැරිද? හැම ප්‍රශ්නයක්ම තියෙන්නේ මහ ජනතාවට. ඒවා නොපෙනෙන එකයි පුදුමේ?

:       1       3

විපරමා Saturday, 29 June 2024 03:06 PM

රනිල් කියන්නේ ආර්තිකය බන්කො‍ලොත් කරන්න දායක වෙච්චි කෙනෙක්. මහ බැන්කු හොරා කියලා කියන්නේ නිකම්ද. ඡන්දේ කිට්ටු වෙනකොට, හාමුදුරුවන්ට ලැබෙන තුටුපඬුරු වලට මොනවා කියන්න බැරිද?

:       2       2

ඔබේ අදහස් එවන්න

දියත

හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2309 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1264 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


චීන 75 වැනි ජාතික දින උළෙලින්
2024 සැප්තැම්බර් මස 26 519 0

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.


යුද්දෙට කුලී හේවායන් යැවූ හිටපු හමුදා ප්‍රධානියකු ගැන සෙයයි
2024 සැප්තැම්බර් මස 26 836 1

රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව


මැදියම් රැයේ සිට වීසා දීම පැරණි ක්‍රමවේදයට
2024 සැප්තැම්බර් මස 26 1468 0

පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


මංගලගේ ආරක්ෂකගේ නිවසින් ගිනි අවියක් හමු වෙයි
2024 සැප්තැම්බර් මස 26 1580 0

දිවංගත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියෙකුගේ මාතර වෙහරගම්පිට ප්‍රදේශයේ නිවසක සගවා තිබු විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක් හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37516 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24715 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 688 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site