IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


රට ගොඩගන්න හිටපු මන්ත්‍රී අම්ජාඩ්ගෙන් යෝජනාවලියක්

 

(සුජිත් හේවාජුලිගේ )

ආර්ථික උද්ධමනය හමුවේ රටේ පවුල් ලක්ෂ පහළොවකට  අයත් ලක්ෂ අනුවකට ආසන්න පිරිසක් තුන්වේල පවා සරි කර ගැනීමට නොහැකිව  අන්ත දුක්ඛිත තත්වයට පත්ව සිටින මොහොතක දේශපාලඥයන්,රජයේ උසස් නිලධාරීන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු ලක්ෂ දොළහකට වැඩි පිරිසක් තවමත්  සුපිරි  සැප විඳින බව හිටපු පළාත් සභා මන්ත්‍රී වරලත් ඉංජිනේරු එම්.එම්.එම් අම්ජාඩ් මහතා පැවසීය.

සාමාන්‍ය මහජනතාවගෙන් අසීමිත බදු අය කෙරෙන අන්ත අසාධාරණ වැඩපිළිවෙල වෙනුවට  බදු ගෙවීම් පැහැර හරින පුද්ගලයන්ගෙන් කාර්යක්ෂම ආකාරයට  බදු අය කර ගැනීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයක් සකස් කිරීම ඉතා වැදගත් බව පෙන්වා දුන් හිටපු මන්ත්‍රීවරයා රජය පොරොන්දු වූ ආකාරයට ඒ කටයුත්ත නිසියාකාරව සිදු නොවූ බවට චෝදනා කළේය.

අම්ජාඩ්  මහතා මෙසේ චෝදනා කළේ බේරුවල ප්‍රදේශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

එසේම රටේ ආර්ථිකය  ඉහළ නැංවීමට නම් රාජ්‍ය  ආයතනවල පවතින දූෂණ වංචා සහ අක්‍රමිකතා මෙන්ම නාස්තිය උපරිම ආකාරයෙන් වැලැක්වීමට විධිමත් ජාලගත වැඩපිළිවෙළක් ආරම්භ කිරීම මේ මොහොතේදී  ඉතා වැදගත් බවත් ඒ කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා  සියලුම ආකාරයේ බුද්ධි අංශ මෙන්ම ජන ප්‍රජාවන්ද  පක්ෂ පාට භේද නොමැතිව එකසේ සම්බන්ධ කරගත යුතු බවත්   හෙතෙම සඳහන් කළේය.

තවද අධික බඩුමිල හමුවේ පීඩාවට පත් සිටින ජනතාවට ක්ෂණික සහන සලසන වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බව පැවසූ අම්ජාඩ්  මහතා  වෙළෙඳපොළ මාෆියාව විසින් අන්ත අසාධාරණ ලෙස භාණ්ඩ මිල ඉහළ නංවනු ලැබීම වැලැක්වීම සහ එසේ කටයුතු කරන්නන්ට දැඩි දඬුවම් දෙන ක්‍රමවේදයක් සකස් කිරීමට  කටයුතු කරන ලෙස රජයට යෝජනා කරන බවද අවධාරණය කළේය.

එමෙන්ම රජයේ වියදම් තවදුරටත් පාලනය කිරීමටද ක්‍රියාමාර්ග ගත යුතු බව ඔහු පෙන්වා දුන්නේය.



අදහස් (1)

රට ගොඩගන්න හිටපු මන්ත්‍රී අම්ජාඩ්ගෙන් යෝජනාවලියක්

දිසා.... Thursday, 10 November 2022 02:14 PM

හොරකම්, වංචා ගැන කතා කළත් කිසිවෙකුටත් දඩුවම් ලබා දීමක් සිදු කොට තිබේද ? දඩුවම් නොමැති නිසා හොරකම් වංචා සුපුරුදු පරිදි සිදු වෙමින් පවතිනවා නේද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 21 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 24 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 285 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


දේශිය ලූනු තොග මිල ඉහළට
2024 නොවැම්බර් මස 20 82 0

දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්


නව කථානායක අශෝක රන්වල?
2024 නොවැම්බර් මස 20 1080 0

නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


මුදල් වංචා කළ හිටපු කොස්තාපල් මාට්ටු
2024 නොවැම්බර් මස 20 268 0

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 414 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1906 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site