IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


රට ගිය සරසවි ඇදුරෝ 122ක් පොලු තබති

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

විදේශීය විශ්වවිද්‍යාලවලට ගොස් ගිවිසුම් කඩ කර රාජකාරියට වාර්තා කිරීම පැහැර හැරි බව කියන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් 122 දෙනකු සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් කමිටුව) විමර්ශනයක් අරඹා ඇත.

මේ ආකාරයට ගිවිසුම් කඩ කළ ( පසුගිය 2010 වර්ෂයෙන් පසු) වැඩිම ආචාර්යවරුන් පිරිසක් අයත් වන්නේ පේරාදෙණිය සරසවියට බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය.

මේ අතර ගිවිසුම් කඩ කළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හැට තුන් දෙනෙකුගෙන් රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට වැඩි මුදලක් අය නොකර ගැනීම සම්බන්ධයෙන්ද එම කමිටුවේ විශේෂ අවධානය යොමුවිය.

මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගෙන් කෝප් කමිටුව කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙවැනි අඩුපාඩු සිදුනොවන ලෙස ගිවිසුම ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

 



අදහස් (4)

රට ගිය සරසවි ඇදුරෝ 122ක් පොලු තබති

සෞභාග්‍යයෙන් ඉදිරියට Sunday, 13 August 2023 06:01 PM

ඇත්තටම රාජ්‍ය සේවයේ තිබෙන ගිවිසුම් ශක්තිමත් නැහැ... ගිවිසුමක් සමග ප්‍රමාණවත් ඇපයක් තබාගෙන කටයුතු කළොත් ටිකක් සාර්ථක වේවි... මෙහෙම ගිවිසුම් කැඩීම පුරවැසි බව අහෝසි කරන්න හේතුවක් කළොත් නම් රටට වැඩක් කරන්න පුළුවන් කියලා හිතෙනවා... දැඩි දඬුවම් නැතුව ලංකාව හදන්න බැහැ...

:       0       0

Mo77 Sunday, 13 August 2023 11:17 PM

ශ්‍රී ලංකා රජය හැසිරෙන්නේ බබාලා වගේ. මේකට හේතුව දූෂිත නිලධාරීන්. මෙම ආචාර්යවරුන්ට විදේශවල ස්ථිර පදිංචිය හෝ පුරවැසිභාවය ලබා ගැනීමට පොලිස් වාර්තා ඇතුළු අනෙකුත් ලියකියවිලි අවශ්‍ය වෙනවා... මෙසේ ගිවිසුම් කඩකළ අයට අදාළ වාර්තා ලබාගැනීම වළකා සිටිය හැකියි. ඔවුන් විදේශගත වන්නේ නම් ශ්‍රී ලංකා රජය වියදම් කළ සියලුම මුදල් නිදහස් අධ්‍යාපනයට වියදම් කළ මුදල ඇතුළුව සියලු දේ අය කරගත යුතුයි. ඒ සඳහා නීති සම්පාදනය කළ යුතුයි. තවද බඳවාගැනීමේදී පීඑච්ඩී උපාධිය ඇති අය බඳවා ගැනීමෙන් මෙම ගැටළුව හැකිතාක් දුරට අඩුකර ගත හැකියි. දැනට පළමු උපාධියෙන් විශ්වවිද්‍යාලයට බඳවා ගැනීම සම්පූර්ණයෙන්ම නතරකළ යුතුයි...

:       0       1

මො Sunday, 13 August 2023 11:23 PM

ඇයි රජයේ අවශ්‍ය නීති සම්පාදනය කරන්නේ නැත්තේ..? මේකට හේතුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන් විශ්වවිද්‍යාලය පරිපාලනයට සම්බන්ධ අය වලින් තොර කළ යුතුයි. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විශ්වවිද්‍යාලයේ නියාමනය කිරීමක් සිදුවන්නේ නෑ.... අඩුම තරමින් විෂය මාලාව සම්පූර්ණ කරනවාද කාලානුරූපීව විරූපී වූ විෂය මාලාව යාවත්කාලීන කරනවාද වත් බලන්නේ නෑ. මල්ලී මොකද මේ වල ඉන්නේ යාලුවෝ... රට ඉන්නෙත් යාලුවෝ.. ඔවුන්ව බේරගන්නෙත් යාලුවෝ...!

:       0       1

Lalla Monday, 14 August 2023 06:56 AM

යම්කිසි ආකාරයක අයකර ගැනීමකට යටත් නොකර උසස් අධ්‍යාපනය දිගටම ක්‍රියාත්මක කිරීම ඛෑ. රටේ මිනිස්සුන්ට රට ගැන හැඟීමක් නෑ. නිකම්ම දෙනකොට අයිතිවාසිකමක්... පැනලා යනකොට තම සුඛ විහරණය.. එක්තරා විදියක අපරාධ නොවේද? ජාතික ධනය කොල්ලකෑම... දේශපාලුවන්ට නොදෙවනි හොරු...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තා දුන් ජනපති අපේක්ෂකයෝ මෙන්න
2024 ඔක්තෝබර් මස 14 2196 0

ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන්දෙනාගෙන් 35 දෙනෙකු මැතිවරණ වියදම් වාර්තා මැතිවරණ කොම්ෂන් සභාවට භාරදී ඇත.


‘අවුරා ලංකා’ සභාපතිගේ රහස් ප්‍රකාශයේ පිටපතක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 14 250 0

රහස් පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන් තමන්ගෙන් රුපියල් කෝටි ගණනින් කප්පම් ලබාගෙන තම ධනය කොල්ලකෑ බවත් ඒ බව ඔප්පු කිරීමට තමන් සතුව ඔඩියෝ සහ වීඩියෝ සාක්කි ඇ


වැස්ස තවත් දීර්ඝ වෙයි
2024 ඔක්තෝබර් මස 14 1856 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පවතින ගිගුරුම් සහිත තද වැසි එළැබෙන 16 සහ 17 යන දින දක්වා පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තවේ ජ්‍යෙෂ්ඨ කාළගුණ විද්‍යාඥ මලිත්


කාත්තන්කුඩියේ දැරියක් පාපැදියෙන් ඇවිත් අගමැතිනියට ලිපියක් දෙයි
2024 ඔක්තෝබර් මස 14 3673 1

ළමා හා තරුණ පරපුර මත් උවදුරින් බේරාගන්නැයිද ළමා අපයෝජන වැලැක්වීමට පියවර ගන්නැයි ද ඉල්ලා සිටීම සඳහා කාත්තන්කුඩියේ දැරියක් පාපැදියෙන් කොළඹ පැමිණ අද (14)


සමාජ ශාලා වටලා රටබීම අල්ලයි
2024 ඔක්තෝබර් මස 14 899 0

සුරාබදු බලපත්‍ර නොමැතිව බත්තරමුල්ල හා තලවතුගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය රාත්‍රී සමාජ ශාලා තුනක් වටලා රටබීම ලීටර 793 ක් අත් අඩංගුවට ගත් බව පාදුක්ක සුරාබ


මැකෝ පක්ෂ ලේකම්වරුන් හමුවක් හෙට
2024 ඔක්තෝබර් මස 14 168 0

මහ මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර හමුවක් හෙට (15) පැවැත්වීමට නියමිතය.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 393 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 448 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1409 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site