IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


රටේ ගොවීන් 3000කගේ සහන අහිමි කළ නිලධාරියාගේ වැඩ තහනම්

(අංජුල මහික වීරරත්න)

මැල්සිරිපුර රඹේ ගොවීන් 3000කට අධික පිරිසකට රජය ලබා දුන් සහනාධාර අහිමි කළ සංවර්ධන නිලධාරියාගේ වැඩ තහනම් කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

මැල්සිරිපුර රඹේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සේවය කළ අදාල සංවර්ධන නිලධාරියාගේ වැඩ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් තහනම් කර තිබේ.

රජය මගින් ගොවි ජනතාවට නොමිලයේ ලබා දෙන සහනාධාර කිසිවක් ගොවීන් 3000කට අධික පිරිසකට ලබා දීම සඳහා අවශ්‍ය තොරතුරු ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ලබා දී නැති බව ගොවි නියෝජිතයින් පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට කළ පැමිණිල්ලකට අනුව මෙම නිලධාරියාගේ වැඩ තහනම් කර තිබේ.

මෙම පැමිණිලි පිළිබදව විමර්ශනය කර එකී සංවර්ධන නිලධාරියාට එරෙහිව  විනය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා ගොවිජන කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබිණි.

මෙම සංවර්ධන නිලධාරියා විසින් සිදු කරන ලද අක්‍රමිකතාවයෙන්  ගොවීන් 3000කට අධික පිරිසකට රජය විසින් ලබා දුන් රුපියල් 10,000 හා 20,000 දීමනාව අහිමි වී ඇතැයි ද  දැනට නොමිලයේ නිකුත් කරන මඩ පොහොර හා චීන රජය විසින් ලබා දුන් ඉන්ධන සහනාධාරය ද  ඇතුලු සහනාධාර රැසක්  අහිමි කර තිබූ බවද අමාත්‍යාංශය  පවසයි.

 



අදහස් (2)

රටේ ගොවීන් 3000කගේ සහන අහිමි කළ නිලධාරියාගේ වැඩ තහනම්

Lalla Friday, 31 March 2023 07:40 AM

ෂුවර් එකට ජවිපෙට කඩේගිය කෙනෙක්. වක්‍ර මාර්ගයෙන් ජවිපෙට උපකාර කිරීම.

:       0       1

Lal Friday, 31 March 2023 08:46 AM

ජෙප්පියෙක්...!

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දක්ෂිණ අධිවේගියේ ලොරියක් පෙරළී දැඩි රථවාහන තදබදයක්
2025 අප්‍රේල් මස 18 46 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 17 කිම්මං තුඩාව ප්‍රදේශයේදී ලොරියක් පෙරළී යාමෙන් අධිවේගී මාර්ගය මුළුමනින්ම ඇහිරි කිලෝමීටර් හතරකට අධික දුරක් දැඩි රථ


මහනුවරට විශේෂ සුරාබදු කණ්ඩායම් රැසක්
2025 අප්‍රේල් මස 18 52 0

‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතූන් ප්‍රදර්ශනය පැවැත්වෙන කාලය තුළ මහනුවර ප්‍රදේශයේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය සහ ව්‍යාප්තිය වැලැක්වීම සඳහා විශේෂ ස


ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණයට විශාල මුදලක් වැය වෙනවා
2025 අප්‍රේල් මස 18 98 0

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කර ප්‍රතික්ෂේප වූ නාමයෝජනා පත්‍ර අධිකරණ තීන්දුවට අනුව නැවත මැතිවරණයට ඇතුළත් කිරීමෙන් තැපැල් සහ නිල ඡන්ද පත්‍රිකා නැව ම


පොලිස් ඇමතිගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්
2025 අප්‍රේල් මස 18 236 0

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සම්බන්ධ කොට ගනිමින් බොරු පුවතක් නිර්මාණය කිරීම ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස එම අමාත්‍යංශ


නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනය 27 වැනිදා
2025 අප්‍රේල් මස 18 42 0

පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස මෙම මස 27 වැනි ඉරිදා යොදාගෙන ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසීය.


ආසියා රග්බි සම්මේලන ලොක්කා ක්‍රීඩා ඇමති හමුවෙයි
2025 අප්‍රේල් මස 18 101 1

ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අල්-ධලයි මහතා සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් අද (18) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 29 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 214 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 386 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site