(නිමල කොඩිතුවක්කු)
බොරු පොරොන්දු දේශපාලනය වෙනුවට ඉදිරි මහමැතිවරණයෙන් පසු යථාර්තවාදී වැඩපිළිවෙලක් සමග රට ගොඩනගන බව සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මහමැතිවරණය වෙනුවෙන් පැවැත්වෙන අවසන් ප්‍රචාරක රැළි සඳහා එක්වෙමින් අද(11) පැවසීය.
රට ආර්ථික අර්බුදයෙන් ගොඩගෙන ජනතාවට සහන දීමේ වැඩපිළිවෙල සමගි ජනබලවේග රජයක් තුළ ගොඩනගන බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
ඒ සඳහා පාට පක්ෂ භේදයකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලුම දෙනාට සමගි ජන සන්ධානය වටා එක්වන්නැයි ආරාධනා කරන බවත් මහමැතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ අවසන් ප්‍රචාරක රැළි සඳහා මැදකොලඹ දී සහ රත්නපුරදී එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එම රැස්වීම්වලදී අදහස් දැක්වූ සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් මෙසේද කීවේය.
“ජනාධිපතිවරණයේදී රට ගොඩ නගන ප්‍රතිපත්ති මාලාවක් අපි ඉදිරිපත් කළා. අපි ඉදිරිපත් කළ ප්‍රතිපත්ති මාලාව රටේ යම් කොට්ටාශයක් පිළිගැනීමට ලක් කළා. තවත් කොට්ඨාශයක් ජනතා විමුක්ති පෙරමුණ ජයග්‍රහණය කිරීමට කටයුතු කළා. අද වන විට ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ප්‍රමුඛ කණ්ඩායම ජනතාව වෙත ඉදිරිපත් කළ පොරොන්දු පසෙක දමා මේ රටේ සමස්ත ජනතාව අතරමන් කරන වැඩපිළිවෙලක නිරත වී සිටිනවා.
නිර්ධන පංතිය නියෝජනය කරමින් රටේ සමස්ත ජනතාවට විශාල සේවාවක් කරනවා යැයි කියමින් බලයට පත්වූ ජනාධිපතිවරයා ඒ බලාපොරොත්තු දිනපතා කඩ කරමින් සිටිනවා. ත්‍රිපෝෂ කර්මාණ්තශාලාව ඈවර කරමින් ඉතාමත් බරපතල ආකාරයට අපේ රටේ දරුවන්ගේ මව්වරුන්ගේ අන්ත අසරණ බවට පත්කරන තීන්දුවක් මේ ආණ්ඩුව ගෙන තිබෙනවා. අවුරුදු පහට අඩු අඩුබර දරුවන් සහ ගැබිණි මව්වරුන් ලක්ෂ 16 කට ලබා දෙන ත්‍රිපෝෂ සහනාධාරය ජනාධිපතිවරණය ජයග්‍රහණය කර දින හතක් යන්නට මත්තෙන් ගැසට් නිවේදනයක් මගින් ත්‍රිපෝෂ සමාගම ඈවර කරන්න කටයුතු කරමින් යනවා.
පොඩි මිනිහව රකිනවා කියන අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව තමයි සැප්තැම්බර් 27දා එම ගැසට් එක ගහලා තියෙන්නේ. දැන් ආණ්ඩුවේ ප්‍රචාරණ ව්‍යාපාරය ඒවා ප්‍රතික්ෂේප කරමින් විවිධ නිවේදන දානවා. එහෙම එකක් නැත්නම් ඒ ගහපු ගැසට් එක රිවස් කරන්න කියලා මම ආණ්ඩුවට කියනවා. ගැසට් ගහලා ප්‍රවෘත්ති නිවේදන තුළින් ඒවා නතර කරන්න බැහැ.
ත්‍රිපෝෂ ව්‍යාපෘතිය නවත්තලා පෞද්ගලීකරණය කරන්න හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂත් රනිල් වික්‍රමසිංහ මහතාත් උත්සාහ කළා. පාර්ලිමේන්තුව තුළ විශාල හඬක් නඟලා අපි ඒ තත්ත්වය වෙනස් කළා. අනුර කුමාර දිසානායක අද යන්නේ රනිල් වික්‍රමසිංහ සහ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ගිය පාරේයි.
එළැඹෙන මහ මැතිවරණයේදී ජනතාව සත්‍යය අවබෝධ කරගෙන සමගි ජනබලවේගයට බහුතර මන්ත්‍රී කණ්ඩායමක් දිනා දේවි කියලා අපි විශ්වාස කරනවා. ඒ ආණ්ඩුව තුළ ජනාධිපතිවරණයේදී ජනතාවට ඉදිරිපත් කළ ජනතාවාදී වැඩපිළිවෙළ අපි අකුරටම ක්‍රියාත්මක කරනවා.
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණ වේදිකාවක් වේදිකාවක් පාසා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල, බදු බර, විදුලි මිල, ඉන්ධන මිල අඩු කරනවා කිව්වා. මේ රජය යටතේ බඩු මිල අඩු කිරීම කෙසේ වෙතත් පොල් ගෙඩියටත් පෝලිම් හැදිලා තියෙනවා. ජනතාවට හාල් ටිකවත් දරාගන්න පුළුවන් මුදලකට ලබාදිය නොහැකි රජයක් බවට මේ රජය පත්වෙලා තියෙනවා.
අල්ලස දූෂණ වංචාව කොමිස් ගැසීම හේතුවෙන් ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බව අනුර කුමාර දිසානායක මහතා පැවසුවා. ඒ සියල්ල ඉවත්කර ජනාධිපතිවරයා බවට පත්වූ සැණින් ඉන්ධන මිල විශාල ප්‍රමාණයකින් අඩු කරන බව පැවසුවා. අනුරගේ තෙල් සංස්ථාවේ සභාපතිවරයාට තවම කොමිස් ගහපු අය හොයාගන්න බැරිවෙලා.
අනුර කුමාර දිසානායක අද විධායක ජනාධිපති ඔහුට හැකියාව තියෙනවා තෙල් මිල අඩු කරන්න. සුපිරි ඉන්ධන මිල පමණක් අඩු කරමින් අද ඔහු තෙල් මිල සූත්‍රයට යටවෙලා. අපේ රටේ පොඩි මිනිහාට ඉන් කිසිදු සෙතක් සැලසෙන්නේ නැහැ. අනුර කුමාර දිසානායක මහතා අද තෙල් මිල සූත්‍රයේ ප්‍රාණ ඇපකරුවෙක් බවට පත්වෙලා.
විදුලිබිල අඩු කරන්නේ නැත්තෙ ඇයි කියලා මම ජනාධිපතිවරයාගෙන් අහනවා. රජයේ සේවකයන්ට මාස හයෙන් හයට වැටුප් වැඩි කරනවා කිව්වා. ඒ සඳහා මහා භාණ්ඩාගාරයේ සල්ලි තියෙනවද කියලා හොයන්න වෙනවා කියලා දැන් කියනවා. ජනාධිපති වූ විගස පාස්පෝට් පෝලිම් නැති කරනවා කිව්වා. දැන් පෝලිමට විසදුම් දෙනවා හැබැයි පාස්පෝර්ට් නෑ. පාස්පෝට් ගන්න මාස ගණන් ඉදිරියට දින දෙනවා. ජනාධිපති වෙන්න කලින් එකක් කියනවා දැන් තව එකක් කියනවා. ආණ්ඩුවේ ඇමතිවරු කියනවා අත්‍යවශ්‍ය නම් පමණක් පාස්පෝට් ගන්නලු. අද අනුර කුමාර දිසානායකට ඡන්දෙ දෙන්න ලංකාවට ආපු අයටත් පාස්පෝට් නැතුව රට යන්න විදිහක් නෑ.
දිනපු හැටියේ වැට් බද්ධ ඇතුළු බදු බර අඩු කරනවා කිව්වා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ අනුර කුමාර ජනාධිපතිවරයා දැනගැහුවා. අද ඔහු එහි ප්‍රාණ අපකරුවෙක් වී සිටිනවා. එළඹෙන මහ මැතිවරණයේදී ජනතාව බහුතර බලය අප වෙත ලබා දෙන්නේ නම් ඒ ආශිර්වාදයෙන් ජනතාවගේ හිස මත කරපිට පටවා ඇති පීඩනය අඩු කරමින් අයිඑම්එෆ් සමඟ සාකච්ඡා කොට ජනතාවට සහන දෙන නව ගිවිසුමකට අපි එලැබෙනවා.
හිටපු ජනාධිපති රටින් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව 2028 සිට ණය ගෙවන්න එකඟතාවය ලබාදී තිබෙනවා. කවුරු ආණ්ඩු කළත් වසර හතරක් තුළ විදේශ ණය ගෙවීම පහසු නැහැ. ඒ නිසා තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2033 සිට ණය ගෙවීම ප්‍රමාණවත් කියලා දැනුම් දුන්නේ. මේ තත්ත්වය නිසා අද අපේ රට බරපතල කොන්දේසි මාලාවකට යටත්ව ඉතා අසිරු තත්වයකට පත්වෙලා තියෙනවා. මේ විදිහට ගියොත් 2028 වෙන විට රට යලි 2022 තත්ත්වයට පත්වෙනවා. රට වැටෙන්නට යන ප්‍රපාත වලින් ගැලවීමට සජබ රජයකට සහයෝගය දෙන්න කියලා අපි ජනතාවගෙන ඉල්ලීමක් කරනවා.
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීමෙන් ඒ දරුවන් දැවැන්ත මානසික පීඩාවට ලක්වුණා. ඒ දරුවන්ගේ මවුපියන් මහ පාරට බැස්සා. ඒ අය ගෙනල්ල සාකච්ඡා කරලා ප්‍රගතිශීලී විසඳුමක් දෙනවා කියල රැවැට්ටුවා. අද ඒ අයට අධිකරණයේ පිහිට පැතීමට සිදුවනවා. උසස් පෙළ විෂයන් වල විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය නොකර විභාගයට මුහුණ දෙන්න සිදුවෙනවා කියලා ඒ දරුවන් අද අපිට කියනවා. පාසල් දරුවන්ගේ අධ්‍යාපන ගැටලු විසඳීමට පවා අද මේ ආණ්ඩුව අපොහොසත් වෙලා තියෙනවා.
දෙසැම්බර් 15 සිට පරාටේ නීතිය යළි ක්‍රියාත්මක වීමේ අවදානමක් තියෙනවා. මේ හේතුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් දැඩි පීඩාවට පත්වෙලා තියෙනවා. මහ මැතිවරණයේදී මැණික් හා ස්වර්ණාභරණ, තේ කර්මාන්තය, අධ්‍යාපනය, සෞඛ්‍ය ගොඩනගන ජනතාවාදී වැඩපිළිවෙළක් තෝරගන්නවද කියලා ජනතාව තීරණය කළ යුතුයි. එළඹෙන මහ මැතිවරණයේදී මුළු රටෙන්ම අපි අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නවා.
සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මදුම්බණ්ඩාර මහතා.
“ජනාධිපතිවරයා පත්වෙලා මාස එකහමාරක් වෙනවා. දුන් පොරොන්දු කිසිවක් එතුමා ඉටු කරලා නැහැ. අද ජනතාවට ඔහු සහ ජාතික ජනබලවේග ආණ්ඩුව ගැන කිසිදු විශ්වාසයක් නැහැ. ඇල්පිටිය ඡන්දෙන් ආණ්ඩුව ගැන තිබූ මහජන විශ්වාසය බිදවැටී ඇති බව තහවුරු වුණා. පොරොන්දු ඉටු නොකරන ජනාධිපතිවරයාට නොවැම්බර් 14 වැනිදා ජනතාව හොඳ පණිවිඩයක් දේවි.
අද මේ අය පාර්ලිමේන්තුව සුද්ද කරන්න එනවලු. පාර්ලිමේන්තුව ඇතුළු රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මේ අය කරපු විනාශය අද ජනතාවට මතකයි. මහ මැතිවරණයෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා අපි මේ රටේ අගමැති බවට පත්කර ගන්නවා. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන මේ ආණ්ඩුව රට බංකොලොත්භාවයෙන් මුදාගෙන ජනතාවාදී වැඩපිළිවෙළක් ගෙනියනවා.
සමගි ජන බලවේගයේ සභාපති ඉම්තියාස් බාකීර් මාකාර් මහතා :
“අද රටට සුළුතර ජනාධිපතිවරයෙක් පත්වෙලා තියෙනවා. ඒ සුළුතරය ලබාගත්තෙත් වෙස් මූණක් පැළඳගෙනයි. දැන් දින පනහක් ගතවෙලා වෙස් මූණ ගැලවිලා නිරුවත එලියට එමින් තිබෙනවා. අද දුන් පොරොන්දු එකක්වත් ඉටුවෙලා නෑ. ප්‍රතිපත්තියක් නැති වැඩපිළිවෙලක් නැති පුස්සක් බවට මේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව අද පත්වෙලා තියෙනවා. මේ ඡන්දෙදි සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අපේ ආණ්ඩුවක් පිහිටුවනවා.
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා.
“බලයට පත්වුණු අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට අදටත් රට ගොඩනගන ආර්ථික වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න බැහැ. මයික් පැලෙන්න බොරු කියලා බලයට පත්වුණාට අද කිසිදු වැඩපිළිවෙලක් නැතුව අසරණ වෙලා ඉන්නවා.
සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මදුම්බණ්ඩාර, සභාපති ඉම්තියාස් බාකීර් මාකාර්” හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, හේෂා විතානගේ, වරුණ ලියනගේ යන මහත්වරුන් සහ රත්නපුර දිස්ත්‍රික අපේක්ෂකයන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජීව විද්‍යා ඒකකය මගින් ප්‍රථමවරට පවත්වන ලද ඔක්ස්ෆර්ඩ් නැනෝසිදුරු තාක්ෂණය මගින
අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් 28 ක අධ්‍යාපන පොදු සහතික සාමන්‍ය පෙළ අධ්‍යාපනය ලබන පාසල් සිසුන් වෙනුවෙන් ගණිතය විෂය සදහා පැවැත්විමට යෝජිතව තිබු ගණිත ක
පවුලේ සාමාජිකයන් අතර සමගිය, සහයෝගය හා දියුණුව ගොඩ නැගිම පිණිස ක්‍රියාත්මක කෙරෙන “මෙන් කයර්” නමින් නවමු වැඩ සටහනක් අනුරාධපුර ප්ලැටිනම් හෝටලයේදි අනුරා
මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ ඒකකයේ විදුලි කාර්මික දෝශයක් හේතුවෙන් ප්‍රතිකාර කටයුතු පසුගිය 31වන දා සිට නවතා දමා තිබීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝ
පොළොන්නරුව දිස්ත්‍රික්කයට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ප‍්‍රධාන ජලාශ රැසක ජලය වාන් දැමීමට පටන්ගෙන ඇත.
අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්ව මාසයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි මත්ද්‍රව්‍ය සැකකරුවෙකු නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්රා පසන
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
රට ගොඩනගන බව සජිත් කියයි
ගමේ එකාලා Monday, 11 November 2024 04:45 PM
කාලයක් තිස්සේ දේශපාලනේ කරනවානේ, රට ගොඩ දාන්න හිතාගෙන ඉන්නේ නිධන් හාරලා වෙන්ඩැති?
ව්ක්‍රම විදුර Monday, 11 November 2024 04:48 PM
ඔය ත්‍රීපෝෂ කම්පැනියේ බබාව නේද මේ අය ඡන්දෙ ටී ෂර්ට් එකේ ගහං ඉන්නේ..
Piyano puthano Monday, 11 November 2024 05:09 PM
ලංකාවේ පළාත් පාලනය, වොෂිංටන් පළාත් පාලනය සමග අනුබද්ද කරා පියාණෝ වාදනයෙන්...
සෙනෙවිරත්න Tuesday, 12 November 2024 12:40 PM
මෙයාට කවුරුහරි කියලා දෙන්න තමන් පැරදුවේ ජවිපෙ නොවෙයි, ජාතික ජන බල වේගය කියලා? මේක හිතාමතා කියනවද? නොදන්නා කමට කියනවාද දන්නේ නැහැ.. කොහොම වෙතත් ඡන්දේ ඉල්ලන පක්ෂ නොදන්නා මෙයාට ඡන්දෙ ඉල්ලන්න පුළුවන්ද?
සෙනෙවිරත්න Tuesday, 12 November 2024 12:41 PM
ඇල්පිටියේ කොපමණ පසුබෑමක් තම පක්ෂයේ තියෙනවාද කියලා කවුරුත් මෙයාට කියලා නැද්ද?