(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකාවේ මන්නාරම් ද්‍රෝනියේ එම් - 2 ලෙස දැනට හදුනා ගෙන ඇති බැරකියුඩා ප්‍රදේශයේ බොර තෙල් බැරල් මිලියන 2,000 ක් තිබෙන බව සොයාගෙන තියෙනවා. එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 150 ක්.එමෙන්ම මෙම ද්‍රෝනිය තුළ ගෑස් ඝන අඩි ට්‍රිලියන 09 ක් තිබෙන බවත් සොයාගෙන තියෙනවා.ඒවායේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 17 ක් යැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ඉතිං මෙම ඛනිජ තෙල් සහ ගෑස් අලෙවියෙන් අපට ඇමෙරිකානු ඩොලර් බිලියන 167 ක් උපයා ගත හැකියි.
ශ්‍රී ලංකා රජය සහ අනෙකුත් ආයතන මේ වනවිට සමස්ථ විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 47 ක් ණය වී ඇති බවත් , ඒවායින් නිදහස් වීම සදහා ඇති එකම මාර්ගය ශ්‍රී ලංකාවේ මන්නාරම් ද්‍රෝනියේ ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂණය කර සොයා ගැනීම බවත් අමාත්‍යවරයා පවසයි.
එයින් අප රටේ සමස්ථ විදේශ ණය ප්‍රමාණය ගෙවා දැමූ විට,තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 133.5 ක් ඉතිරි වන බවත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සහ ගෑස් නිධි පිළිබඳ ගවේෂණය වැදගත් සන්ධිස්ථානයකට පැමිණ ඇති බවත්,ඒ අනුව ලබන මාසයේ ඛනිජ තෙල් සංවර්ධන පනත පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීමෙන් පසුව,මෙම කටයුතු සදහා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවන බවත් උදය ගම්මන්පිල අමාත්‍යවරයා පැවසීය .
ඉන්පසුව ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂණය සහ උකහා ගැනීම සදහා ආයෝජනය කිරීමට , ඛනිජ තෙල් ක්ෂේත්රයේ සමාගම්වලට ආරාධනා කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය .
මීට පෙර ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් තිබිය හැකි ප්‍රදේශ බිම් කැබලි 20 කට කඩලා තිබුණා . එනිසා එක් සමාගමකට තනිවම මෙම එක් බිම් කැබැල්ලක් ගවේෂණය කිරීමට දිගු කාළයක් ගත වෙනවා වගේම විශාල වියදමක් දැරීමටත් සිදු වෙනවා . මෙම තත්වය ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ගවේෂණය සදහා ආයෝජකයන් පැමිණීමට මැලි වීමට කාරණයක් වී තිබුණා .
එනිසා මෙම විශාල බිම් කැබලි 20 , කුඩා බිම් කැබලි 873 ක් ලෙස කැබලි කර තිබෙනවා .
මෙම මන්නාරම සහ කාවේරි ද්‍රෝනියේ ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂණය සදහා ලෝකයේ කීර්තිමත් භූ භෞතික සමීක්ෂණ සමාගමක් වන එක්සත් රාජධානියේ " බෙල් ජියෝස්පේස් " ආයතනය , සිය ගවේෂණ ගුවන් යානයක් ද රැගෙන විත් , ආයෝජකයන්ට අවශ්‍ය දත්ත රැස් කිරීමේ කාර්යයේ මේ වනවිට නිරත වී සිටිනවා යැයි ද අමාත්‍යවරයා කීය.
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රටේ ණය බරින් නිදහස් විය හැක්කේ මන්නාරම් තෙල්වලින් පමණයි
කිරි පුතා Thursday, 16 September 2021 12:12 PM
සතුටු දායක පණිවිඩයක්. සියල්ල සාර්ථක වේවා ! ප්‍රාර්ථනා කරමු.
De Thursday, 16 September 2021 12:16 PM
ඕකත් විකුණන් කාපන් ,කාලා සැපට ඉමු .නොදකින් අපේ ජාතිය ?
senaThursday, 16 September 2021 07:19 PM
ලංකාවට තනිවම තෙල් සොයාගත නොහැක. විදේශ ආයෝජන සමග එක්ව ඔවුන්ගේ තාක්ෂණික දැනුම යොදාගනිමින් කැනීම කලයුතුය.
arschfikaaThursday, 16 September 2021 10:39 PM
අම්මෝ දැන්නම් ඇති මේ හොඳටම.
SujeewaThursday, 16 September 2021 11:29 PM
මෙතරම් හොඳ වැඩකට කියපු ජරා කතාවක්
gamunuFriday, 17 September 2021 03:31 AM
රටේ ණය බරින් නිදහස් විය හැක්කේ මන්නාරම් තෙල්වලින් පමණක් නම් එය කලහැකිවන්නේ වර්තමාන දේශපාලන දේශිත කණඩායම් දේශපාලනයෙන් ඉවත්කර ඉදිරි මැතිවරණයෙන් අවංක කණඩායමක් පාර්ලිමේන්තුවට යැවීමෙන් පමණකි.
Asanga Thursday, 16 September 2021 12:21 PM
තවත් මාධ්‍ය සංදර්ශනයක් නොවේවායි පතමි
Kcn Thursday, 16 September 2021 12:21 PM
ණය ගෙවල ඉතිරි වෙන ඩොලර් ටික ඕගොල්ලො සමගියෙන් බෙදා ගන්න ඕන හරිද.. ගහ මරා ගන්නෙ නැතුව
Naleen Thursday, 16 September 2021 12:25 PM
නිවැරදි පුද්ගලයින් නිවැරදි තනතුරුවලට පත් කිරීමෙන් ව්‍යාපෘතිය ආරම්භ කරන්න. නොමැතිනම් තෙල් නොව මොනදේ හොයාගත්තත් අපි දුප්පත්
Marikkar Thursday, 16 September 2021 12:29 PM
පච මල්ලක්
Nihal Thursday, 16 September 2021 12:36 PM
එකම තෙල් එකම මිලට විකුණලා ඉන්දියන් ඔයිල් සමාගම ලාබ ලබද්දී සිපෙට්කෝ එකට පාඩුයි. ඉතිං මන්නාරමේ තෙල් නිධියක් නෙවෙයි මුළු මන්නාරම් මුහුදම තෙල් සාගරයක් උනත් ඔහෙලට ලාබ ලබන්න බැහැ. තියන ටික විකුණාගෙන තම තමන් කෑවොත් මිසක්. මෙහෙම අයට ජන්දෙ දීලා පාර්ලිමේන්තු අරන් එනවනේ අපේ ජන්දදායකයෝ. අනේ මගේ රට..
sachith Thursday, 16 September 2021 12:36 PM
චන්දේ කවද්ද මහත්තයෝ ?ආයෙම චන්දෙට 100 ගානේ එකතු කරන්න යන්නද කල්පනාව ?
kapila Thursday, 16 September 2021 12:45 PM
හැත්තෑ ගණන් වල ඉඳල මන්නාරමේ තෙල් තියෙනවා කිය කියා චන්ද ගත්ත. කෝ තාම තෙල් ටික ගන්න බැරි උනා. බලමු ගම්මන්පිල වත් තෙල් හොයාගනියිද කියල. අඩු ගානේ එයාගේ කොමිස් එකටවත් උනන්දු වෙලා.
aseThursday, 16 September 2021 03:56 PM
ඔය තැන්වල තෙල් ඇති බව ඇත්ත .නමුත් එහි වාණිජ වටිනාකමක් නැති බැවින්, ගොඩ ගැනීමෙන් ලාබයක් නැති බව පෙර වාර්තාවල සඳහන් . ඉතිරිය සිතා ගැනීම ඔබ සතුවෙයි.
Hafeel Thursday, 16 September 2021 04:16 PM
අර මැණික් ගල නාට්‍ය අවසන්. අද සිට ටික කාලයට මේ තෙල් නාට්‍ය. මේක කතාව සත්‍ය නම්, විමල්ගෙන් පොස්පේට් එක ඉවත් කලේ වගේම, බැසිල් මේක ගලවා ගන්නවා.
kamal Thursday, 16 September 2021 12:50 PM
යම් විදියකින් තෙල් එනවා කියලා දැනගත්ත වහාම ඕකට බැසිල්ව දාන්න
Nuwan Thursday, 16 September 2021 12:53 PM
රට චීනගේ ණය උගුලේ උවමනාවෙන්ම දාපු පාලකයෝ ඉන්නකම් තෙල් නෙමේ දියර රත්තරන් නිදියක් හම්බ උනත් වැඩක් නැහැ .අනික මෙය කියන්නේ අමු ටොන් පච
Chaminda Thursday, 16 September 2021 01:01 PM
තෙල්, ගෑස් තියෙන තරම ඔක්කොම දන්නවා. ඉතින් තව මොනවද හොයන්නේ. තවත් බොරු නාට්‍යක්
MP Thursday, 16 September 2021 01:06 PM
පච මල්ල නැවතත් එලියට ඇවිත් ?
චන්දන Thursday, 16 September 2021 01:06 PM
ලංකාවට ගොඩ යන්න පුළුවන් හොඳ ඉල්ලමක්. නමුත් මෙය බුද්ධිමත් ව හොඳින් කළමනාකරණය කරගෙන සුදුස්සා තෝරා ගත යුතුය . බාධක ගොඩක් එයි. බටහිර හා පෙරදිග දේශපාලන පොර පිටිය තරග කරයි.
චමින්ද ජයනාත් ජයසූරිය Thursday, 16 September 2021 01:08 PM
මටනම් විශ්වාසයක් නෑ ඕකෙන් ණය ටිකවත් ගෙවල ඉවර කරයිද කියල.....ඒක හින්ද කවුරු හරි අවන්කව රට ගැන හිතන පාලකයෙක් එනකම් ඔය ටික ඔය විදිහටම තියෙන එක තමයි වඩාත් හොද කියල මමනම් හිතන්නෙ......
fairoos Thursday, 16 September 2021 01:15 PM
අනේ මේ කිරිපුතා වගේ බයියෝ ඉන්නකම් රටට අඹ සරණයි
කිරි පුතා Thursday, 16 September 2021 01:16 PM
ජනතාව ගේ අදහස් මදකට කියවා බැලුවෙමි. බොහෝ දෙනා හැම දෙයක්ම බලන්නේ තම දේශපාලන මතයේ සිට වග පැහැදිලි ය. රටේ තෙල් නිධියක් සොයාගත හොත් ඊට පාට පක්ෂ බේදයක් නැත. එය රටේ සම්පතකි. මිනිසුන් බොහෝ සේ පටු වී ඇත. එය නිවැරදි නොවේ යැයි සිතමි.
විපරමා Thursday, 16 September 2021 04:59 PM
දේශපාලන මතවලින් අපිට වැඩක් නැහැ. රටටම යහපතක් වෙන එකයි වැදගත් . දේසපාලුවෝ කෙරුවේ ජනතාවට බොරු බේගල් ගහලා ගොනාට අන්දවපු එක. දුශිත බලලෝබි බඩගොස්තරවාදි දේසපාලුවෝ කියන කතා කාටද විස්වාස කරන්ඩ පුලුවන් ?
mihira Thursday, 16 September 2021 01:25 PM
වගකීමෙන් කියනවා මේක බොරුවක්
කිර්ති. Thursday, 16 September 2021 01:28 PM
අත තියන්න එපා. ඕකත් විනාශ කරනවා රටට තවත් පාඩු කරලා. ඔහොම තිබුනාවේ රටට යහපත් පාලකයෙක් එනතුරැ.
Don Thursday, 16 September 2021 01:39 PM
අවුරුදු 70 ක විතර ඉඳන් පත් වෙන හැම දේශපාලුවන් ම ඔය කතාව ඔය විදිහට ම කියනවා අහලා තියෙනවා. ඕව ජනතාවට කියලා වැඩක් නැහැ. කරල පෙන්නන්න
Sds Thursday, 16 September 2021 01:42 PM
කියන්න කණගාටුයි ,ඕකෙන් ලෝකෙම සල්ලි හම්බවුනත් සැප විඳින්නේ පාර්ලිමන්ට් එකේ ඉන්න උන්ගේ පවුල්වල හැතිකරේ විතරයි .අහිංසක ,මිනිස්සුන්ට මුන් ජීවත් වෙන්න දෙන්නේ නෑ .ජොබ් කරලා ජීවත් වෙන මිනිස්සු ඔය නිව්ස් ගැන හිතන්න එපා
ගමරාළ Thursday, 16 September 2021 01:42 PM
වෙනිසියුලාව ලොව අංක එකටම තෙල් නිපදවන රටකි.නමුත් පාලකයින්ගේ දක්ෂතාවය මත ලොව දුප්පත්ම රටක්වී ඇත .1948 සිටම අපේ රටේ සිටියෙත් එවැනි පාලකයින් නිසාත් ඉදිරියේවත් වෙනස්වන බවක් නොපෙනෙන නිසාත් මොන තරම් සම්පත් ලැබුනත් මංතීරු හා අධිවේගී මාර්ගත් කුළුණුත් හැර වෙනත් සංවර්ධනයක් වේදැයි සැක සහිතයි.
අරුන Thursday, 16 September 2021 01:47 PM
ආයේ පරන තැටියම නැවත වාදනය කරනව මිනිස්සුන්ගෙ හිත හදන්න, මතක විදිහට ෆවුසි මහත්තය අවු 10 කට 15 කට කලින් ඹයතෙල් අපිට දින වකවානු කියලම වික්ක, කාලෙකට පස්සෙ අද ආයෙවිකුනන්න හදනව, මංහිතන්නෙ ප්‍රතිවාදනය තවටිකක් පමා කලානම් හොදයි. පරන බොරු තවම මතකයි.
Demuni Uduwara Friday, 17 September 2021 01:53 AM
අරුණ, ඔබේ තොරතුරු නිවැරදි ය. මට මතකයි ඒ එච් එම් ෆවුසර් - එවකට ඇමතිවරයා එයම පැවසූ අතර එහි ඡායාරූප පිටපත මෙයයි. ගම්මන්පිලට කියන්න, අපට විශේෂඥ වාර්තාව පෙන්වන්න, එක් ප්‍රවීණයෙක් පුවත්පත් සාකච්ඡාවකදී ජනතාවට අනුබල දිය යුතු බව.
පට්ට ඈත්ත Thursday, 16 September 2021 01:49 PM
රටේ ණය බරින් නිදහස් වෙන්න පුලුවන් සුනාමි සල්ලි හොරකමේ ඉඳන් මහජන මුදල් හොරකම් කල ඈමතියන්ගේ දේපල රාජසන්තක කරල වික්කා නම්.
janahitha UAE Thursday, 16 September 2021 01:50 PM
චීන එන්නතෙන් පමණයි. ඔය තෙල් ඉල්ලම කලින් කලට මතු වෙනවා ලොක්කා. නැති වෙනවා ඊටත් ඉක්මනට. ඔය ලබු ගෙඩිය කවදාවත් හරියන්නේ නැහැ
Ranjit Thursday, 16 September 2021 01:55 PM
නොපෙනෙන හිතළු ගැන කයිය ගහන එකට වැඩිය හොඳ නැද්ද මහා පරිමානයේ සොරාකෑම දුෂණය වගේ දේවල් නැති කරන එක. "තමන්ගේ වියදමෙන් ගුවන් ටිකට්පත් ගන්නවා" කීවාට ඒසල්ලිත් හම්බ කලේ ෂෙඩ් එකක පැට්‍රොල් ගහල හරි වෙනත් රස්සාවක් කරලා හරි නෙවේනේ කියල කවුද නොදන්නේ ?
kumara Thursday, 16 September 2021 01:58 PM
මේ වගේ හොරු කොරෝනා හැදිලම මෙතනින් ඉක්මනට තුරන් වේවා
chinthaka Thursday, 16 September 2021 01:59 PM
කොහොම හරි තෙල් ගමු
DamindaThursday, 16 September 2021 02:52 PM
1970 ගණන් වල ඉඳන්ම ඔය තෙල් ගන්නවා මිත්‍රයා තාම ගන්නවා පුදුම උල්පතක් ඒක .අපට මතකයි අර මෝඩ සිරි ම රැවට්ටුවා ඔය මන්නාරම් වෙරළට බොරතෙල් බවුසර් කිහිපයක් හලලා එන්න අපේ තෙල් නිධි කියලා පෙන්නුවලු 1980 දී
Ravi SeneThursday, 16 September 2021 02:52 PM
අවුරුදු හතලිස් ගානක් විතර ගවේෂණය කළා .අඩු ගානේ මේස හැන්දක් විතරවත් හම්බ වුනේ නෑ
jagath Thursday, 16 September 2021 02:00 PM
කොහොමහරි ණය බරෙන් නිසදහස් වෙනවනම් හොදයි
kalyani Thursday, 16 September 2021 02:08 PM
දවල් හීන පෙන්නලා ජනතාව රවට්ටනවා
MalikaFriday, 17 September 2021 03:14 PM
කලු සල්ලි රටට ගේන්න හදන තව ජාවාරමක්...
rocky Thursday, 16 September 2021 02:44 PM
සිරිමා බණ්ඩාරනායක යුගයේදීත් ඇමති කෙනෙක් මේ විදිහටම තෙල් බැරල් ගණන් හැදු බව මට මතකයි .මේ ගැන විශ්වාසයක් තියන්න අමාරුයි .යම් විදියකින් තෙල් ලැබුනොත් මේ දේශපාලුවෝ එකත් විදේශයකට විකුණනවට කිසිම සැකයක් නෑ
පැරකුම් Thursday, 16 September 2021 02:53 PM
ලෝකයේ ඛණිජ තෙල් භාවිතය අවසන් අවදියට එමින් පවතිී . අපේ තෙල් එනකොට ගන්න කවුරුත් නැති වෙයි. අපරාදෙ වියදම.
සලීම් Thursday, 16 September 2021 02:55 PM
මෙයා මේ හෙන ටොම් පචයක් කියන්නෙ.කොන්ඩෙ බැඳපු චීන්නුන්ට හොඩය් මේ පච කතා.මුන් මේ පච කියල අපේ රටේ ගොන් ජනතාව රවට්ටගෙන තවත් අවුරුදු ගානක් බලයෙ ඉන්නය් හඩන්නෙ.තබ සතේකට විස්වාස කරන්න එපා මේ තක්කඩියගෙ විහිලු කතා.මේගොල්ලො හැමදාම බොරු බේගල් කියලා බලයේ ඉන්න හදන්නේ.
RanjithT Thursday, 16 September 2021 02:56 PM
දැන්ම ඉඳන් ණය ගමු .තෙල් හම්බවුනාම ගෙවන්න පුළුවන්නේ .
anil Thursday, 16 September 2021 02:59 PM
අනේ මහත්තයෝ ඔය සුරංගනා කතා කාව රවට්ටන්නද ?ඕකේ තෙල් තිබ්බත් එයින් රටටනම් සෙතක් වෙන්නේ නෑ .ඕක ලොකු කොමිස් කුට්ටියක් අරන් පිටරටට,සමාගමකට විකුනලා දැම්මම ඔක්කොම ආදායම එයාලට .ලංකාවට හුලන් .දැන් වරායවල් වලින් වෙනවා වගේ
Nalaka Thursday, 16 September 2021 03:06 PM
ඕකත් චීනාට විකුණපල්ලා
Willis Drive Thursday, 16 September 2021 03:25 PM
හොඳ දෙයක් කරන්න පුලුවන්
Rashmi Thursday, 16 September 2021 03:40 PM
ඔය තෙල් කතාව, 1970 ගණන්වල ඉඳන් කාලෙන් කාලෙට ප්ලේ වෙන කැසට් එකක්.
රටවැසියා Thursday, 16 September 2021 03:50 PM
ඒක හොඳයි ණය බරින් මිදෙන එක , අපිත් මේ බලාගෙනඉන්නේ ඔයාලා වගේ රටට බරක් වෙලා ඉන්න දේශපාලකයන් ගෙන් රට බේරාගන්න පුළුවන් කොයි වෙලාවකද කියලා
සමන් Thursday, 16 September 2021 04:01 PM
මේකට වෙන දේත් කල් තියාම කියන්න පුලුවන්.. මේ වෙනකොටත් ඕනෑ අය අතර බෙදාගන්න ප්ලෑන් ගහල ඉවර ඇති.. මේවා ගැන ඔය කියන දේවල් කිසිම විශ්වාසයක් නෑ.
somasiri Thursday, 16 September 2021 04:03 PM
ඔතන හිලක් විදලා තෙල් 1ක ලීටරයක් පුලුවන්නම් අරගෙන පෙන්නන්න .
dayarathna Thursday, 16 September 2021 04:11 PM
හොඳ නිව්ස් එකක් .එත් මේ 225 හිටියොත් ඔය සල්ලිවලට ඇපත් නෑ .මංකොල්ල කන එක ෂුවර් .හොරු සෙට් එකක් දාලා
wedage Thursday, 16 September 2021 04:14 PM
මන්නාරම් පිටි වැල්ලේ මදටිය වැල් ඔන්චිල්ලේ කොන්ඩේ කඩන් අඬමු අපි
Rohana Thursday, 16 September 2021 04:15 PM
වැඩක් කරනවට වඩා කයිවාරුව නම් මහ ඉහලින් තියෙනවා. අනික මේ කයිවාරු ගැහිල්ල 1970 ගනන්වල ඉදල කරන එකක්. ජනතාව රවටල ඡන්ද ටිකක් ගරාගන්න මගෝඩි දේශපාලුවන්ගේ පම්පෝරි කතාවලට නොරැවටෙමු.
Sam Thursday, 16 September 2021 04:26 PM
මිනිසුන්ගේ අවධානය වෙනතකට යොමු කරමින්, උණුසුම් මාතෘකාවක් තැබීමට මේ අය ඉදිරිපත් වන්නේ කෙසේද යන්න කරුණාකර කරුණාකර තේරුම් ගන්න.
සමන්ත Thursday, 16 September 2021 04:30 PM
ඔය පට්ට බොරැ පවතින ප්‍රශ්ණ යට ගහන්න හැමදාම බයිලා කියලා මිනිස්සු රවට්ටන එක තමයි කරේ. අපි දන්න ව්දිහට නම් ඔය කියන මන්නාරම් නිධියේ හම්බ වුනේ ගෑස් විතරයි. ඒකත් තියෙන්නේ ගන්න ඉතා අමාරු තරම් අමාරු කි.මී. ගානක් යට. ප්‍රංශ සමාගම දාලා ගියේ ඒ නිසා. ඉතුරු වුනේ ඉන්දියාවේ කයිරාන් කියන සමාගම විතරයි. එයාලත් මේ ගෑස් නිධියට උනන් දු නොවුනේ අධික වියදමක් වැයවෙන නිසා. ඒවා ශක්‍යතා වාර්තා වල තියෙනවා. ඔය සම්බන්ධව හොඳින්ම දන්නේ චම්පික මිසක් ගමන් පිළ වගේ, බොරු ශෝ කාරයෝ නෙමේ. මේ ඇවිල්ලා හිස් පතොරොම් වලින් වෙඩි තියන්න හදන ටකරම් කටාලා විතරයි. අනික අමතක කරන්න එපා එදා දරුවන් ට ටැබ් දෙන්න හදද්දී, ටැබ් වලින් දරුවන්ට පිළිකා හැදෙන බව කියලා එදා ඒක වලක්වන්න වැඩ කරන්න තරම් ඔලුවක් තිබුනු කෙනෙක් මේ කතා කරන්නේ කියලා.
Dayan Thursday, 16 September 2021 04:30 PM
මැජික් පෙන්වීමට ඉතා දක්ෂය.
Nelupa sadamalee Thursday, 16 September 2021 04:34 PM
අනේ බුදු සර් කියන තැනකට වදින්නම්. තව ටික දවසක් ඉන්න මේ හිටියා වගේ...
ranjith Thursday, 16 September 2021 04:56 PM
එක වතාවකුත් ඡන්දෙකට කලින් දළදා සමිදුන් වැඩ හිටින මහනුවරදී කිව්වා නේද මන්නාරමේ තෙල් හමුවුනා කියලා. අනේ ජනතාව රවට්ටන්න එපා.
කිරි පුතා Thursday, 16 September 2021 04:56 PM
ඔය තරම් හීන පෙන්නන්න එපා. අපි පවු කියලා හිතෙන්නෙ නැද්ද? ඔය මනුස්සය කට ඇරියොත් බොරුවක් තමයි.
Ramendra Thursday, 16 September 2021 04:58 PM
ශුවර් නම්, චීනෙට ඔය කියන වවටිනාකමට දීලා සල්ලි අරගෙන ණයත් බේරලා රටත් ගොඩදාලා පෙන්නන්න, නිකම් බොරු කියන්නේ නැතිව.
de silva Thursday, 16 September 2021 05:28 PM
කට ඇරියොත් බොරුවක්.
hesaSaturday, 18 September 2021 01:55 AM
හ්ම්ම්... ඒකනම් ඇත්ත.
ලංකා Thursday, 16 September 2021 05:36 PM
ලෝකයේ දිනකට පරිභෝජනය දිනකට බොරතෙල් බැරල් මිලියන 100. මන්නාරම් ද්‍රෝනියේ හමුවෙලා තියෙන්නේ බොර තෙල් බැරල් මිලියන 2,000 අපි දිනකට බොරතෙල් බැරල් මිලියන ½ ක් නිපදවුවොත් ( ඒ කියන්නේ ලෝකේ පරිභෝජනයෙන් 0.05% ක්), අවුරුදු 11න් තෙල් ටික ඉවරයි. නේ....
ANURA Thursday, 16 September 2021 06:01 PM
ගොඩක් කාලෙකට ඉස්සර පස්යාලෙනුත් තෙල් හම්බවුනා .ඒ දවස්වල පත්තර වල ගියා පස්යාලේ තෙලෙන් කෝටි හතක් අතේ ,සුද්දෝ අරගෙන තිබුණු ණය ඔක්කොම ගෙවලා ඉවර කලා .ජය වේවා
sampath Thursday, 16 September 2021 06:05 PM
තේ වගාකලා, රබර් වගාකලා, පොල් වගාකලා මැණික් ගැරුවා, රෙදි මැහුවා, සිරිමාවෝගේ කාලේ ඉඳන්....
Anura Gunawardane Thursday, 16 September 2021 06:08 PM
මේ වන විට බැරල් මිලියනයක වෙළෙඳපොළ විකුණුම් මිල ඩොලර් මිලියන 70 කි. එබැවින් බාබෙල් මිලියන 2000 ක විකුණුම් පිරිවැය ඩොලර් බිලියන 140 ක් වන නමුත් තෙල් නිස්සාරණ පිරිවැය කොහේද. ? මේ සියලු වටිනාකම් බොරු ය.
Atul Rathnayake Thursday, 16 September 2021 06:10 PM
2010ත් මේ වගේ තෙල්/ගෑස් නිධියක් ගැන වේදිකාවල කතාවුනා මතකයි. අවුරුදු 10කට පස්සේ තවත් නාටකයක්ද? මේක ඇත්තනම්, ගම්මන්පිල මොන සංදර්ශන දැම්මත්, ණය වාරික ගෙවන්න එයත් දන්නේ නැතුවම මේක ගෙඩිය පිටින් කාට හරි විකුනලා දායි.
gagana Thursday, 16 September 2021 06:10 PM
නෑ . මන්නාරම් පිටි වැල්ලේ කොන්ඩෙ කඩන් ඉන්න කුන්ඩු මනී කෙනෙක් හම්බවෙයි . අන්න එයාගෙන් ගෙන් ගොඩයන්න පුළුවන් ඔහේට
chandima Thursday, 16 September 2021 06:32 PM
මේ හොරු රැල ඉන්නකල් සවුදියේ ගානට තෙල් හම්බ උනත් වැඩක් නැහැ.එක කට්ටියක් හොරකම් කරලා ඉවර උනාම අනික් උන් පටන් ගන්නවා .දෙවියෝ ලෝකෙට කොවිඩ් එවලවත් මුන්ව වඳ කරන්න බැරි වුනානේ ?
Gotabaya Rathnayaka Thursday, 16 September 2021 06:33 PM
මේ මී හරකා තව බොරුවක් කියනවා මිනිස්සුන්ට .මේ සැරේ මිනිස්සු රැවටෙන්නේ නෑ මී හරකෝ
Nihal Thursday, 16 September 2021 06:45 PM
ඔය තෙල් නිධි කතාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා දළදා මාලිගාව ඉදිරිපිට සිට කියල දැන් වසර ගණනාවක් ගත වෙලා. ඔය බොරු අහල දැන් මහජනතාවට එපාවෙලා තියෙන්නෙ. තවත් බොරු කතා නොකිය ඉන්න ඇමැතිතුමනි
කසුන් පලිහක්කාර Thursday, 16 September 2021 07:03 PM
තෙල් නිදියම විකුණල හරි,ණය ටික ගෙවපං මචං.උඹට පින් අයිතිවෙනවා.සාදු සාදු සාදු.තෙරැවන් සරණයි.
SANJEEWA Thursday, 16 September 2021 07:30 PM
ඕක බොරු
gamaathi Thursday, 16 September 2021 07:52 PM
චන්ද්‍රිකාගේ රජයේ කාලේ ෆවුසි ඇමතිතුමාත් ඔය කතාවම කිව්වා. ඒත් තාමත් තෙල් නං නැහැ
ගමේ එකාලා Thursday, 16 September 2021 08:09 PM
දේශපාලුවෝ මහා පරිමානයේ හොරකම්,වංචා ,දූෂණ වලින් ගසා කාපුවායේ ප්‍රතිපල . බොරු සෝබන වැඩ වලට විතරක් මොනතරම් ධනස්කන්දයක් නිකරුණේ කාබාසිනියා කරන්න ඇත්ද ? සුනාමි ආධාර ,විදෙස් රරටවලින් කොයිතරම් ආධාර ලැබුණ ද. නූපන් දරුවන් පවා ලෝකෙටම ණය කාරයෝ කරලා රට ආගාදයට ඇදලා දැම්මේ කාලකන්නි දේශපාලුවෝ මිසක් වෙන කවුද .හෙනම ගහපිය.
beejng Thursday, 16 September 2021 08:13 PM
ඉස්සෙලම අපි ඔයාලව ගෙදර ඇරලා .ඊට පස්සේ අපි ඕවා ගොඩ දාන්නම් .මැතිවරණයට ඉස්සෙල්ලා යන්න කැමතිනම් හුඟාක් හොඳයි
de silva Thursday, 16 September 2021 08:25 PM
තෙල් හම්බුනාම නම් මෙහෙම කියව කියවා ඉන්නේ නැහැ ඒක චීනෙට විකුණලා දමලා කොමිස් එක අරගෙන කට්ටියම සද්ද නැතුව ඉඳීවි.
Dilrukshan Thursday, 16 September 2021 09:00 PM
දැන් වසර 20ක් 30ක් තිස්සේ ගව්ෂණ පමණයි. මැතිවරණ ළංවෙන කොට... රජයන් ජනතා අප්‍රසාදයට ලක්වෙන කොට.. ඔය කථාව මාතෘකාව වෙනවා.. ආයේ යට යනවා. ඇත්තටම, එසේ පවතිනවා නම්, අප මුලින්ම මේ හොර දේශපාලන තක්කඩි විනාශ කරලා දාන්න ඕනේ...
rathna Thursday, 16 September 2021 09:05 PM
මුන්ගේ තෙල වැඩි වෙලා වගේ
විපරමා Friday, 17 September 2021 04:59 PM
දේශපාලුවන්ගේ ශරීර කූඩුව දිහා බැලුවාම තෙල් විතරක් නෙවෙයි, බඩත් වැඩිවෙලා.
Saththaya Thursday, 16 September 2021 09:45 PM
දැනටමත් තෙල් අරගෙන විකුණලා පිටරට බැංකු ගිණුම්වලට දාලද දන්නෙත් නැහැ. සංසාරෙක හැටිද , ලංකාවේ හැටිද දන්නේ නැහැ.
Asela Thursday, 16 September 2021 10:02 PM
ණය ගෙවා ණය බරින් නිදහස් වෙමු. ඊට පස්සේ ඉතිරි වෙන ඩොලර් බිලියන 133.5 මහ එකාට වැඩියෙන් පුදලා අනෙක් ටික අපි බෙදාගමු. ඊට පස්සේ තවතවත් ණය වෙලා ඒක ගෙවන්න මුගේ වෘෂන කෝශ දෙක විකුනමු. ඒකට හම්බවුනේ සොච්චමක් නිසා අනිත් උන්ගේ ටිකත් විකුනමු. තුං.....නොදකිං මේ අවජාතකයන් ටික.
kumara Friday, 17 September 2021 01:10 AM
ණය බරින් නිදහස් වෙන්න 225 ම නැති වෙන්න ඕන.
nihal Friday, 17 September 2021 01:55 AM
ඔයා වගේ අය අස්වුනොත් අපේ රටේ නිකන්ම ණය බර අඩුවෙයි.
Demuni Uduwara Friday, 17 September 2021 02:01 AM
ජනතාව මුහුණ පාන දැවෙන ගැටලු වලින් ගැලවීම සඳහා තවත් "සතුටුදායක" ආරංචියක්!
senaka Friday, 17 September 2021 04:33 AM
මහින්ද ජනාධිපතිතුමාත් අවුරුදු 4ක් ම ඕක ගවේෂණය කරලා ඇත ඇරලා දැම්මා. කිසිම දෙයක් තිබිල නැහැ. අවුරුදු 7කට පස්සේ කොහොමද තෙල් උනන්නේ?
සනත් වීරකෝන් Friday, 17 September 2021 09:31 AM
ඩොලර් බිලියන 167 ක් වටින තෙල් උඩට අරගන්න පොලොව හාරලා පොම්ප සහ බට දාල හදන්න වෙන රටකට දෙන්න වෙනවා. එතකොට අපිට ලැබෙන්නේ ඔය තෙල්වල වටිනාකමින් 10% විතරයි. ඒ කියන්නෙ ඩොලර් බිලියන 16.7 යි. ඊට වැඩිය හොඳයි ඔය තෙල් නිධි අනාගත පරපුරට ඉතිරි කරල තියෙන එක.
Demuni Uduwara Saturday, 18 September 2021 02:42 AM
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති (2010-2015) ෆවුසි එදා පැවසූ දෙය ගම්මන්පිල නැවත කීවේය.
amara Saturday, 18 September 2021 04:17 AM
ඒ කියන්නේ ණය බරින් කවදාවත් නිදහස් වෙන්න බෑ කියන එක නේද.?
siriyalatha UAE Saturday, 18 September 2021 09:42 AM
අපිටනම් තරු පෙනිලා තියෙන්නේ.
gampila Saturday, 18 September 2021 02:24 PM
කියන තරමක් කියන්නේ බොරු...
ranjith bogoda Sunday, 19 September 2021 09:17 AM
මේ වගේ අයට මුකුත් කියන්න යන අපේ කාලෙත් අපරාදේ.
lelwala Monday, 20 September 2021 08:24 AM
බටහිර රටවල් සමඟ ඇති මැද පෙරදිග කොන්දේසි මොනවාදැයි අපේ රජය සොයා බැලිය යුතුය. ඇමරිකානු සහ කැනේඩියානු නෝර්වේ තෙල් සමාගම විසින් ගෑස් සහ තෙල් සොයා ගන්නා ලදී. බොහෝ මධ්‍යම රටවල් ඔවුන් සමඟ එකඟතාවයන්ට(ෆිෆ්ටි ෆිෆ්ටි) පැමිණ ඇත.
L.G.P.jathunarachchi. Tuesday, 28 September 2021 10:16 AM
කෙළවරක් නැතිව නූතන රජයට කඩේ යනවා....දෙවි පිහිටයි..!!!