(ඩයනා උදයංගනී)
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වරදකරුවන් ලෙස හඳුන්වා ඇති අය අදත් දේශපාලන කටයුතුවල නිරතවෙමින් හා පොලීසියේ තනතුරු දරමින් නිදහසේ ජීවත් වන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
වර්තමානයේ දී රටේ නීතියක් හා නීතියට ඉඩක් නැති බවත්, රටේ තිබෙන්නේ අවනීතිය බවත් කී අගරදගුරුතුමෝ මේ සම්බන්ධයෙන් රටක් ලෙස ලෝකය ඉදිරියේ ලැජ්ජා විය යුතු බව ද සඳහන් කළහ.
රටේ තිබෙන්නේ බලවත් අයගේ නීතිය බව කී කාදිනල්තුමෝ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් කර, වැරදිකරුවන් ලෙස හඳුන්වා ඇති අයට නඩුපවරන ලෙස කොතෙක් ඉල්ලීම් කළත් රටේ නීතිය ඒ කිසිවක් නොකළ බව ද කීහ.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ මෝදර ශුද්ධ වු මහා සන්තියාගෝ මුනිදුන්ගේ දේවස්ථානයේ 150 වන ජුබිලිය වෙනුවෙන් අද (31) පැවති මංගල මහා දිවය පුජා යාගය සඳහා එක්වෙමිනි.
බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයෙහි ඉකුත් ජනවාරි 11 වැනිදා තිබූ බෝම්බයක් සම්බන්ධයෙන් එහි සන්ක්‍රිස්තියන්වරයා සහ තවත් දෙතුන් දෙනෙක් මාසයකට වැඩි කාලයක් හිර කර තබාගත්තත් බෝම්බය ගෙනාවේ ඔවුන් නොව ආරක්ෂක අංශවල අය බව කී කොළඹ අගරදගුරුතුමෝ අද වන තුරු ඒ ගැන කිසිදු පරීක්ෂණයක්වත් සිදුකර නැතැයි ද ප්‍රකාශ කළහ.
බලයට, ධනයට කෑදරව ප්‍රතිපත්ති පාවාදෙන මිනිස්සුන් නිසා රට අගාධයට පත්ව විනාශයට ගොදුරුවී ඇති බවත්, ජනතාව දුක් විදින්නේ සමහර වෙලාවට අපේම මෝඩකම් නිසා කියා සිතාගන්න වී ඇති බවත් අගරදගුරුතුමෝ සඳහන් කළහ.
රටට ධර්මද්වීපය කියා කීවත්, ධර්මදීපයේ වෙන දේවල් පේනවානේ යනුවෙන් කී කාදිනල්තුමෝ 2019 වසරේ පාස්කු ඉරුදින 269 දෙනෙකුගේ ජීවිත නැති කර දැමීම සම්බන්ධයෙන් අදවනතුරු ඉටු නොවූ බවත්, බලවන්තයන්ගේ බලවත්කම එය බවත් පැවසූහ.
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රටේ තියෙන්නේ බලවතුන්ගේ නීතියක්
යෝගා Sunday, 31 July 2022 02:22 PM
අරගලයට ආවෙ පාස්කු වින්දිතයින් වෙනුවෙන් විතරමද? අපිට නම් දැන් සැකයි
kamal Sunday, 31 July 2022 03:26 PM
මයිට් ඊස් රයිට් කිව්වේ නිකන්ද?
රනිල් Sunday, 31 July 2022 03:35 PM
මෙයාට අමූ කැවිලා
චන්දන Sunday, 31 July 2022 05:34 PM
ඊළඟ ඡන්දෙට ඉල්ලන පාටයි.
Bamunuarachchi Sunday, 31 July 2022 05:50 PM
එතකොට සාම්පුර් විදුලිබලාගාරය නැවතුනේ කාගේ බලපෑම් නිසාද?
C.K.Lankaputhra Sunday, 31 July 2022 06:10 PM
අවස්ථාවාදීන්ගේ දේවල් තුට්ටුවකට මායිම් නොකර මේ මහා අපරාධයට එරෙහි සටන දිගටම අරන් යන්න. අපි ඔබට ආශිර්වාද කරමු.
BamunuarachchiMonday, 01 August 2022 04:50 PM
සටන? මොන සටනද? මෙයාට ඕනේ කලේ ඝෝඨාභය කියන රට බේරා ගත්ත සිංහල බෞද්ද නායකයා එලවන්න. දැන් වැඩේ හරි දැන් පාස්කුපරහාර වැඩක් නැහැ. මොකද යුද්ද්යකාලේ රට වෙනුවෙන් එක වචනයක් කතා කලාද? මෙයත් ලංකාපුත්රලු අර වගේම තමයි.
rocky Sunday, 31 July 2022 06:23 PM
අනුගාමිකයන් වෙනුවෙන් යුක්තිය ඉටුකර ගැනීම සඳහා ඔබතුමා දක්වන අප්‍රතිහත ධෛර්යය වෙනුවෙන් මගේ ඉමහත් ගෞරවය ඔබතුමාට පුදමි..!
Lelwala Sunday, 31 July 2022 06:41 PM
පල්ලියට වඩා හොඳයි පාර්ලිමේන්තුවට ගියානම්... කාටහරි බැණබැණ ඉන්න තිබුණා.
වර්ණකුලසූරිය Monday, 01 August 2022 12:10 AM
ශ්‍රී ලංකාවේ සිටින බොහෝ ආගමික නායකයන් ගැන සළකන විට, කතෝලික ජනතාවගේ පැත්තෙන් අපි මෙතුමා ගැන ආඩම්බර වෙමු. දේශපාලකයින් වෙනුවෙන් නොවන රටත්, ජනතාවත් වෙනුවෙන් නිවැරැදි අදහස් ප්‍රකාශ කිරීමක් මෙතුමාගෙන් නිතර අපි අසන්නෙමු...!
BamunuarachchiTuesday, 02 August 2022 08:11 AM
හලෝ යමක් වැරදියි නිවැරදියි, හොන්දයි නරකයි, රසයි නීරසයි කීම subjective, පුද්ගලයා අනුව වෙනස් වෙනවා. එනිසා ඔබ ඕන පැත්තකින් හිටගන්න. කාදිනලට පාස්කු ප්රශ්නය තිබුනේ සිංහල බෞද්ද නායකයෙක් රටේ නායකයා වෙලා ඉන්න කම් විතරයි නේද? දැන් පාස්කු ප්‍රශ්නයක් එයාට නැහැනේද? කතෝලික ජනතාව කියන්නේ කාදිනල් කියන දේට, නැතිනම් බයිබලයට ඔබ්බෙන් හිතන මින්ස්සු නොවෙයි. එක ආගමින් ලැබුන ආබාශය.
BamunuarachchiTuesday, 02 August 2022 08:14 AM
රටත්, ජනතාවත් වෙනුවෙන් නිවැරැදි අදහස් ප්‍රකාශ කිරීමක් මෙතුමාගෙන් නිතර අපි අසන්නෙමු...! එහෙනම් යුද්දය කාලේ මෙතුමා රටත්, ජනතාවත් වෙනුවෙන් කරපු නිවැරැදි අදහස් කියන්න බලන්න. අපිට අහගෙන ඉන්න.
M.vijitha Monday, 01 August 2022 08:48 AM
පාස්කු ප්‍රහාරය නිසා මැරුණ අය අනාත වූ අය විතරද මිනිස්සු? අරන්තලාවේ භික්ෂූ ඝාතනය, මායිම් ගම්මානවල මරපු අය, බෝම්බ නිසා මැරුණු අය, ජනතා විමුක්ති පෙරමුණේ අය 71/88/89 කාල වල මරපු අය ගැන සාධාරණය එපාද? එයාලා මිනිස්සු නෙවෙයිද? ඒ අනාථ වුණු පවුල්වල සාමාජිකයින් මිනිස්සු නෙවෙයිද? ඔයාලාගේ පල්ලිය ළමයි විකුණලා අහුවුණාම එදා මුළු පල්ලි ඔක්කොම රාජ්‍ය උත්සව වර්ජනය කරනවා කියලා ඒ දේවල් යටගැහුවේ මොන නීතිය යටතේද?