(අංජුල මහික වීරරත්න)
රටේ කිසිම ආකාරයකින් සාගතයක් ඇති වීමට ඉඩ නොතබන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමඟ පැවති සාකච්ඡාවකදී පැවසීය.
රටේ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ රාජ්‍ය අමාත්‍යාංශ සමඟ මුදල් අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.
මෙවර අයවැයෙන් එක් එක් අමාත්‍යාංශය සඳහා වෙන් කරන මුදලට අතිරේකව ඒ ඒ අමාත්‍යාංශය ඉදිරිපත් කර ඇති නිෂ්පාදන ආර්ථිකයට අදාළ විවිධ ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 25000ක් වෙන් කර ඇති බවද මුදල් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘රට තුළ සාගතයකට ඉඩ දෙන්නේ නෑ‘‘
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 12 October 2021 11:16 AM
මොනවාද මේ රට රවටන කතා. කෘෂිකර්මාන්තය එහෙම පිටින්ම අඩපණ වෙලා. ඒ ගැන විස්තර කරන්න අවශ්‍ය නැහැ. බඩු මිල නිතර නිතර වැඩිවෙන්නේ කවදාවත් නොමැති විදිහට. වැඩිවූ තෙල් මිල ඔන්න ආයෙත් ඉහළ යන්න හදනවා. ජනතාව කිසිදා නොමැති ආකාරයට දැඩි කම්පනයකට පත්වී ඇති අවස්ථාවක මේ අය මොකුත් නොදන්නා අය වගේ සුරංගනා කතා කියනවා.
fairoosTuesday, 12 October 2021 12:47 PM
වහල්ලු නම් කියයි සර් පාස් කියලා
L.G.P.Jathunarachchi. Tuesday, 12 October 2021 11:36 AM
පුද්ගලයින් දෙදෙනෙකුගේ කතාවක් පමණි.
mp Tuesday, 12 October 2021 11:45 AM
දරන්න බැරි මිලට ආහාර තියෙන විට, මිනිසුන්ගේ ආදායම බිංදුවට බැස්ස විට, සාගතයක් තමයි ඇති වෙන්නේ.
kamal Tuesday, 12 October 2021 12:08 PM
මොනවද මහත්තයෝ .අපි හඳෙන් ගෙනාපු හාල් කාපු අය .කවුරු නැතත් ඩඩ්ලි නම් කාටවත් සාගතයක් ඇතිවෙන්න ඉඩ තියන්නේ නැහැ මිල හරි නම්
Sunil Tuesday, 12 October 2021 12:48 PM
සාගතයක් විතාරයි අඩුව තිබුනේ .දැන් ඒකටත් කිට්ටුවෙන් සිටින්නේ
palitha Tuesday, 12 October 2021 01:07 PM
ඔව් ඔව් සාගතේ එන්න දෙන්නෙ නෑ කියල අපි දන්නවා. සාගතේ දැනෙන්නෙ මිනිස්සු බඩ පිරෙන්න කාලා හිටියනන් නේ.
Ranjit Tuesday, 12 October 2021 03:02 PM
ඔය කතාව කියන්න තිබ්බේ අර රූපවාහිනියේ පෙන්නුව පොහොර නැතිව සිය දිවි නසා ගැනීමට සිදුවී තිබෙන බව කියමින් දැඩි ප්‍රකෝපයෙන් රටේ ප්‍රදේශ කිහිපයක දී විරෝධතා පැවැත්වූ ගොවි ජනතාව ඉස්සරහට ගිහිල්ලයි මහත්තයෝ... "මෙම විරෝධතා වල කැපී පෙනුණු ලක්ෂණයක් වූයේ කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේගේ පඹයින් තනා ඊට පොලුවලින් පහර දී ගිනිතැබීමයි" කියලා... මේ සිද්ධීන් පිළිබඳ වාර්තාකළ සමහර රූපවාහිනි නාලිකා වල පෙන්වනවා දැක්කේ නැද්ද?
හර්මානිස් Tuesday, 12 October 2021 03:19 PM
ගොවීන් රසායනික පොහොර නැතුව වගාවෙන් අයින් වුණාම මේ දෙන්නට පුළුවන්ද ලංකාවට ඇතිවෙන්න වී ගොවිතැන කරන්න...?