IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


රටෙි නායකත්වය දිය යුතු පළපුරුදු ම නායකයා රනිල්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවෙි නායකත්වය බාරදිය යුතු  පළපුරුදුම දේශපාලනඥයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බව ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමය(International Democratic Union) සඳහන් කරයි.

ජනපති ධුරයට පත්වීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ පාලන කාලයේ සිදු වූ වැරදි කළමනාකරණය සහ රාජපක්ෂ පවුලේ දූෂණය රට කඩා වැටෙන තත්ත්වයකට ගෙන ගොස් ඇති බවයි.

ජනාධිපති වික්‍රමසිංහ  බලයට පත්වන්නේ රට මුහුණ දුන් අභියෝගාත්මකම දේශපාලන හා ආර්ථික තත්ත්වය තුළ බවත් සය වතාවක් අගමැතිවරයකු ලෙස වික්‍රමසිංහ මහතා  යහපාලනය වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය හා සහයෝගය ලබා ගනිමින් දේශපාලන අර්බුද විසඳා ගත හැකි බව ඔප්පු කර ඇතැයි ද ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමය පවසයි.

රට අර්බුදයෙන් මුදා ගැනීමට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) මූල්‍ය ආධාර ලබා ගැනීමට ශ්‍රී ලංකාව, ජනාධිපති වික්‍රමසිංහ දරන ප්‍රයත්නයට සහාය දෙන ලෙස සියලුම ජාත්‍යන්තර මිතුරන්ගෙන් සහ හවුල්කරුවන්ගෙන් ඉල්ලා සිටින බවද ප්‍රජාතන්ත්‍රවාදී සංගමය පවසයි.



අදහස් (14)

රටෙි නායකත්වය දිය යුතු පළපුරුදු ම නායකයා රනිල්

ranjith Tuesday, 26 July 2022 08:49 PM

රට කඩා වැටුණේ රාජපක්ෂ දූෂණ නිසා නම් ඒවා සොයාබලා නිසි දඬුවම් දෙනවද? නැතිනම් මේවා ජනතාව මුලා කරන දේවල්ද?

:       0       10

TRUE Leader Tuesday, 26 July 2022 10:00 PM

රනිල් කියන්නේ පලපුරුදු නායකයෙක් .. වසර 45ක පාර්ලිමේන්තු අත්දැකීම් ඇති අභියෝගවලට බය නැතිව මුහුණ දෙන්න පුලුවන් කෙනෙක්... කියන දෙය හොඳට අහගෙන ඉඳලා එක වචනයෙන් පිලිතුරු දෙනවා නොහිතපු විදියට.... හැබැයි කොලයක් බලාගෙන නොවේ..! විදෙස් මාධ්‍ය දන්නවා රනිල් චතුරයි කියලා.. හැබැයි යකා නැග්ගම කලිසම් සාක්කු දෙකේ අත දාගෙන හිතනවා මෙහෙමත් මිනිස්සු තාමත් ඉන්නවනෙ කියලා...! වසර හයක් අගමැති පුටුව හොබවලා කෙටි කලකින් තුන්වරක් ජනපති නිළ පුටුවෙ ඉන්න කෙනෙක්.. රළු මුහුදක සයවරක් යාත්‍රා කරලා පුරුදු නැවක කපිතාන්වරයකු දන්නවා නැව කරදරයක් නොවෙන විදියට ක්‍රියාකරන ආකාරයට ඔහුගේ නවකයින්ට අණ දෙන්නට... මේ රනිල කුල මැණික මුතු ඇටය දිලිසවලා බබලනවාමයි ලොවට පේන්නම...! එයට දෙස් විදෙස් සෑම ආගම් අදහන බක්තිකයෙකුගේම ආශිර්වාදය ලැබෙනවා මුතු-රට ගොඩ නංවන්නට..!

:       3       2

Kumara Tuesday, 26 July 2022 10:00 PM

බම්බුව තමයි...!

:       0       0

chandima Tuesday, 26 July 2022 10:28 PM

මේ අය ප්‍රජාතන්ත්‍රවාදී කියලා ඉංග්‍රීසියෙන් ලියාගන්න දැනගෙන උන්නාට ඒකෙ තේරුම දන්නේ නැතිව ඇති මගේ හිතේ...!

:       0       0

Perera Wednesday, 27 July 2022 01:01 AM

IDU එක තියෙන ජර්මනිවලවත් රාජ්‍ය නායකයා රනිල්ට සුබ පතලා නැහැ...!

:       0       0

lakvidu Wednesday, 27 July 2022 01:07 AM

එතකොට මහදවල් මහබැංකුව මංකොල්ලකෑවේ මමද?

:       0       0

reks Wednesday, 27 July 2022 01:07 AM

එයාලාට බැරිද පෙට්‍රල් ටිකක් එවන්න..?

:       0       0

Prabha Wednesday, 27 July 2022 01:43 AM

පස්වතාවක් අගමැති වෙලා ධුරකාලය නිමාකරගන්න බැරි වුණු එකමද සුදුසුකම...?

:       0       0

Lelwala Wednesday, 27 July 2022 07:32 AM

සහතික ඇත්ත. මහත්මා ගතිගුණ වලින් පොහොසත් වු නායකයෙක්...

:       4       1

ashok Wednesday, 27 July 2022 08:57 AM

අපි රටෙ මිනිස්සු 6 වතවක් රටෙ අගමෙති වෙල හිටිය මොන පලපුරුද්දක් නේද මෙ කියන්නෙ රටට නම් සෙතක් උනේ නෑ

:       1       5

sharm warn Wednesday, 27 July 2022 09:17 AM

අනේ ඔව්.. පල පුරුද්ද වැඩිකමට පස් වතවක් නාගත්ත හැටි දන්නෙ මෙ රටෙ ඉන්න උන්.. කරුනා කරල වන්දිභට්ටකම් කියාගෙන එන්න එප.. අපෙ රට වල පල්ලට යවපු එක්කෙනෙක් ඔහෙල මහලොකුවට ප්‍රශන්ස කරන පලපුරුදු කාරය. . නොදන්න මගුල් කියන්න අවිත් නිකන් නොන්ඩි වෙන්න එප.. කොහෙන් එන සංවිදානද මන්ද..

:       1       3

සිල්වා Wednesday, 27 July 2022 10:48 AM

නව ජනාධිපතිවරයා වැඩ බාරගත් විගස කළ දේ ඩිමොක්‍රටික් සංගමය දුටුවේ නැද්ද?

:       1       7

Hafeel Wednesday, 27 July 2022 12:24 PM

එක තමයි මටත් තියන ප්‍රශ්නය. මේක රනිල්ම දාගත්තු නිවේදනයක් වෙන්නත් පුළුවන්. මේ ආයතනය කොහෙද තියන්නේ? කොව්ද මේකේ ප්‍රධානියා? නිවේදන නිකුත් කල පුද්ගලයාගේ නම් ගම් විස්තර මොකුත්ම නැහැ. හරියට මේ රටේ දේශපාලකයෝ සුභ පැතුම් ෆොස්ටෙර් ගහ ගන්න වගේ. ගමේ මිනුස්සු සුභ පතනවා වගේ ඔවුන්ම ෆොස්ටෙර් ගහ ගන්නව "ප්‍රදේශවාසීන්ගේ උණුසුම් සුභ පැතුම්" කියල. ඔ වගේ වැඩක් වෙන්නත් පුළුවන් මේකත්.

:       0       3

BamunuarachchiWednesday, 27 July 2022 05:29 PM

මොනවද මේ හාදයා කතා කරන්නේ..? ඩිමොක්‍රටික් සංගමය දැක්කා. දැක්ක නිසා තමයි කිව්වේ රටේ නායකත්වය දියයුතු පළපුරුදුම නායකයා රනිල් කියලා...

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 109 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 198 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 2135 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 405 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 1727 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


’ජනතාව තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු කරන්නේ නෑ’
2024 නොවැම්බර් මස 15 392 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 286 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1714 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site