IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


රට පුරාම පැතිරෙන 'ටීනියා'

 (උපදෙස් - පවුල් සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය රොෂාන්ත හේවාමද්දුම) 

ටීනියා දිලීර ආසාදනය  රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්දනය කිරීම අපහසු වී ඇති බවත් මේ නිසාම වසංගතයක් ලෙස පැතිරීමට පටන්ගෙන ඇති බවත් වෛද්‍යවරු අනතුරු අඟවනවා. ටීනීයා අලුත් චර්ම රෝගයක් නෙවෙයි. එහෙත් මේ දිනවල ශීඝ්‍ර පැතිරීමක් දක්නට ලැබීම වගේම පසුගිය කාලයේ ප්‍රභේදය විවිධ වෙනස්කම්වලට භාජනයවීමත් රෝගය ගැන කතාබහ අලුත්වීමට හේතු වී තිබෙනවා. 

මොකක්ද මේ ටීනියා?     
මේ දිනවල බහුලව කතාබහට ලක්වෙන ටිනීයා යනු දිලීර ආසාදනයකින් හටගන්නා රෝගයක්. රිංග්වර්ම් ලෙස හැඳන්වුවත් මෙය  පණුවන්ගෙන් හටගන්නා රෝගයක් නොවෙයි. එයට මේ නම ලැබී ඇත්තේ මුද්දක් ආකාරයට රවමු ලප හටගන්නා නිසයි. ටීනියා ආසාදනය  ඇතිවන්නේ බාහිර පරිසරයේ තිබෙන ඩර්මටොෆයිඩ් නම් දිලීර කාණ්ඩයක් නිසයි. 

හැදෙන්නෙ කොහේද? 
සමේ මැරුණු පටක සහ තෙත සහිත තැන්වල ටීනීයා දිලීරය හොඳින් වැඩෙනවා. එනම්, හිසකෙස් අතර, නියපොතු, ඇඟිලි කරු අතර, ඉකිලි - කිහිලිවල, සිරුරේ නැමෙන ස්ථානවල  ටීනියා චර්ම රෝගය හැදෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. එපමණක් නොවෙයි සිරුරේ ඕනෑම ස්ථානයකට මෙම රෝගය පැතිරෙන්න පුළුවන්. ඇතැම්විට පිරිමින්ගේ රැවුල තිබෙන ප්‍රදේශයේද හැදෙන්න පුළුවන්. සැලොන්වලින් රැවුල කපන පිරිමින්ට ටීනියා ආසාදනය රැවුල ප්‍රදේශයේ ඇතිවීමේ  අවදානම ටිකක් වැඩියි. 

රෝග ලක්ෂණ
මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණය කැසීමක් සහිත රතු පැහැති ලප හට ගැනීමයි. එම ලපවල වටේ රතු පැහැගන්නා අතර මැද කොටස දිස්වෙන්නේ සමේ පැහැයෙන්. මේ ලප රවුමක් ලෙස සමේ පැතිරෙන අතර සම ගැලවීයාමටද පටන් ගන්නවා. 

හැදෙන්න පුළුවන් කාටද? 
ඕනෑම වයස පුද්ගලයෙකුට ටීනියා සදිය හැකි අතර කුඩා දරුවන්ට සහ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන්ට අවදානම වැඩියි. මින් පෙර හමුවූ රෝගී දරුවන්ගන් වැඩි පිරිසකට ටිනියා ආසාදනය වී තිබුණේ හිසකෙස් අතර වුවත් මේ වනවිට සම පුරා ටීනියා ව්‍යාප්ත වූ දරුවන්ද හමුවෙනවා. 
එමෙන්ම වකුගඩු රෝගින්ට, අවයව බද්ධ කළ පුද්ගලයින්ට සහ දියවැඩියා රෝගීන්ට ටීනියා හැදුණොත් මුළු සිරුර පුරා ව්‍යාප්තවීමේ අවදනාම වැඩියි. 

බෝවෙන්නෙ කොහොමද? 
ටීනියා ප්‍රධාන වශයෙන්ම බෝවෙන්නෙ ස්පර්ශයෙන්. එනම් ආසාදනය ඇති ස්ථානයක් ස්පර්ශවීමෙන් අනතුරුව සිරුරේ වෙනත් ස්ථානයක් ස්පර්ශ කළවිට එතැන ටීනියා ආසාදනය වෙන්න පුළුවන්.
සම නිතර තෙත්ව තිබෙන විටද එම ස්ථානවල රෝගය පැතිරෙන්න පුළුවන්. 

වළක්වාගන්නෙ කොහොමද? 
රෝගය බෝවීම වැළැක්වීමට රෝගි​යාගේ ඇඳුම් පැලඳුම් වෙනම තැබීම සහ ඒවා ඔහුට හෝ ඇයට පමණක් භාවිතයට දීම අවශ්‍යයි. හවුලේ ඇඳුම් පැලඳුම් භාවිතය නොකළ යුතුයි. විශේෂයෙන්ම පනාව, තුවාය, මේස්, කොට්ට උර ආදිය නිවෙසේ සියලුදෙනාටම පොදුවේ භාවිතයට නොදී පෞද්ගලික පරිහරණය පමණක් සිදු කිරීම ඉතා වැදගත්.  රෝගය ආසාදිත වූ අයෙකු නිවෙසේ සිටී නම් ඔහුගේ ඇඳුම් පැලඳුම් වෙනම තබන්න. එම ඇඳුම් සෝදා හොඳින් අව්වේ වේළා මැද භාවිත කරන්න. නයිලෝන් යට ඇඳුම් ඇඳීමෙන් වැළකීම, කපු ඇඳුම්වලට හුරුවීම ආදියද කළ යුතුයි. 

එමෙන්ම සුරතල් සතුන්ගේ ලොම් වැටී තුවාල ස්වභාවයක් දක්නට ඇත්නම් ඉක්මනින් ප්‍රතිකාර ලබාදෙන්න. එමෙන්ම  සුරතල් සතුන්  අතපත ගෑමෙන් හැකි තරම් ඉවත්වී සිටීමත් සුදුසුයි. 

සුව කරන්න පුළුවන්ද? 
මෙය දිලීර ආසාදයක් බැවින්  දිගු කාලයක්  දිලීර නාශක ඖෂධ භාවිත කිරීමෙන් සුව කරගත හැකියි. එහෙත් ප්‍රතිකාර ගත යුත්තේ  සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ  උපදෙස් මතයි. එමෙන්ම ඖෂධ ගත යුතු කාලය කෙතරම්දැයි වෛද්‍යවරයා තීරණය කරන බැවින් එය නිසි ලෙස එම කාලය පුරාවටම ගැනීම අත්‍යවශ්‍යයි. සමහරවිට එය ගිලින පෙති සහ ආලේපන ලෙස විය හැකියි. ප්‍රතිකාර අතරතුර රෝගය සුව වී ඇතිබවක් දැනුණත් ප්‍රතිකාර නතර කළ යුත්තේ වෛද්‍ය උපදෙස් මත පමණයි. 

එමෙන්ම රෝගය පවුලෙන්  තුරන් කර ගැනීම සඳහා පවුලේ අනෙක් අයටත් රෝගය බෝවී ඇත්දැයි සොයා බලා සියලුදෙනාටම එකවර ප්‍රතිකාර ගැනීම වඩාත් සුදුසුයි. 

හිතුමතේ ක්‍රීම් ආලේප කරන්න එපා 
ටීනියා වසංගතයක් ලෙස රට පුරා පැතිර යාමට හිතුමතේ දිලීර නාශක ආලේපන භාවිතයද හේතුවක් වී තිබෙනවා. ටිනියා දිලීර ආසාදනයට ස්ටෙරොයිඩ ඖෂධය භාවිතය සුදුසු නැහැ. දිලීර නාහක සහ ස්ටෙරොයිඩ් එකතු කර නිෂ්පාදනය කර තිබෙන ආලේපන වර්ග බොහොමයක් වෙළෙඳපොළේ තිබෙනවා.  ඖෂධ හිතුමතේ ඖෂධසැල්වලින් මිලදී ගැනීමට බොහෝදෙනා පුරුදු වී තිබෙනවා. එවැනි ආලේපන වර්ග භාවිතය නිසා ටීනියා ලපවල ස්වභාවය වෙනස් වී නිවැරදිව රෝගය විනිශ්‍චය කර ගැනීම අසීරුවෙනවා. ඒ වෙග්ම රෝගය සිරුර පුරාම පැතිරයාමටද එම ආලේපන හේතුවෙන්න පුළුවන් 

එබැවින් ඔබේ සමේ කැසීමක් හෝ රතු පැහැ ලප දක්නට ඇත්නම් ළඟම ඇති රෝහලේ චර්ම රෝග සායනයෙන් ප්‍රතිකාර ගන්න. හිතුමතේ ආලේපන භාවිතයෙන් වළකින්න. 

උදේශිකා නෙලුම්දෙනිය 



අදහස් (1)

රට පුරාම පැතිරෙන 'ටීනියා'

Dr Rajapakse Monday, 29 April 2024 01:23 AM

සාක්‍ෂි පදනම් කරගත් වෛද්‍ය විද්‍යාව ගැන ඔබ කවදා හෝ අසා තිබේද, සංඛ්‍යාලේඛන කොහෙද, කටින් කට සාක්‍ෂි දුර්වලයි.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

උසස් පෙළ ප්‍රතිපළ නැවත සමීක්‍ෂණය අයදුම්පත් කැඳවයි
2025 අප්‍රේල් මස 28 66 0

උසස් පෙළ විභාගයේ (2024) ප්‍රතිඵල නැවත සමීක්‍ෂණය සඳහා ලබන මැයි මස 2 වැනිදා සිට 16 වැනිදා දක්වා අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.


අල්ලස් කොමිසමේදී රනිල්ගෙන් පැය තුනක ප්‍රකාශයක්
2025 අප්‍රේල් මස 28 469 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැය තුනකට ආසන්න කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ දී ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර පි


අකුණක් 5ක් රෝහලට යවයි
2025 අප්‍රේල් මස 28 245 0

අනුරාධපුර වන්දනාවේ පැමිණ බසවක්කුලම (අභය ) වැවේ දිය නාමින් සිටි පිරිසකට අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බ


‘මහනුවරට රෝග බෝවීමේ අවදානමක් නෑ‘
2025 අප්‍රේල් මස 28 424 0

දළදා දැක්මෙන් පසු මහනුවර නගරයට කිසිදු ආකාරයක රෝග බෝවීමේ අවදානමක් නොමැතිි බව මහනුවර නාගරික ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය පසන් පැරකුම් ජයසිංහ මහතා කිය


ජනපති බංගලා ගැන ළඟදීම තීරණයක්
2025 අප්‍රේල් මස 28 501 0

ජනාධිපතිවරයාට දිවයින පුරා වෙන්කර ඇති බංගලා නවයෙන් දෙකක් පමණක් තබාගෙන ඉතිරි බංගලා ආර්ථික වශයෙන් ඵලදායී කටයුත්තකට යෙදවීමට ළඟදීම පියවර ගන්නා බව රාජ්‍


විමර්ශන ගැන තීරණයක් ගන්න දේශබන්දු කමිටුව අද යළි රැස්වේ
2025 අප්‍රේල් මස 28 257 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනාව විමර්ශන කෙරෙන තිපුද්ගල කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද නැවත රැස්වීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 980 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 426 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 574 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site