IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


‘රට බංකොලොත් යැයි ප්‍රකාශ කළ අය හෙළි කරන්න’

(අංජුල මහික වීරරත්න)

ලංකාව  බංකොලොත් බවට ප්‍රකාශයට පත් කළේ කාගේ අවසරයකින් දැයි වහාම හෙලිදරව් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය.

රට බංකොලොත් යැයි සලකා ක්‍රියා කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නාද?මුදල් අමාත්‍යංශය සහ මුදල් ඇමතිවරයා ඒ සඳහා අනුමැතිය ලබා දුන්නාද?පාර්ලිමේන්තුව අනුමැතිය ලබා දුන්නාද?යන කාරණා අධ්‍යයනය කර රටට කරුණු කීම පාර්ලිමේන්තුවේ 225 දෙනාගේම වගකීම බව ද එජාප සභාපතිවරයා සඳහන් කළේය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා කීවෙි

ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ ඉතා කණගාටුදායක තත්වයකට පත්ව තිබෙන අතර රට එම තත්ත්වයට පත්වුණේ ණය නොගෙවා හැරීම නිසා බවයි.



අදහස් (14)

‘රට බංකොලොත් යැයි ප්‍රකාශ කළ අය හෙළි කරන්න’

de silva Monday, 30 May 2022 02:01 PM

රටේ තෙල් , පොහොර බෙහෙත් ගෙන්නවන්න, විදේශ ණය ගෙවන්න සල්ලි නැතිනම් . ඒක බංකොළොත් බව අමුතුවෙන් කියන්න ඔනෙ නැහැ. මෙවැනි හරක් ඉන්න පක්ෂවල චන්ද ප්‍රතිශතය 3%ට බසින එක පුදුමයක් නොවෙයි.

:       0       49

ABMonday, 30 May 2022 03:19 PM

රට බංකොළොත් යැයි ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ සිටිනා 225 නම් නොවේ. දෛනික අවශ්‍ය තත්වයන් සඳහා පෝලිම්වල සිටිනා ඉන්ධන, ගෑස් සහ දරුවන්ගේ කිරිපිටි වෙනුවෙන් දිනගණන් බලාසිටින ජනතාව රට බංකොළොත් බව තේරුම් ගෙන තිබේ. රට බංකොළොත් යැයි ප්‍රකාශකළ අය හෙළිකර ගැනීමට අවශ්‍ය නම් ඉන්ධන හෝ ගෑස් පෝලිමක් වෙත ගොස් තත්වය සොයා බලන්න. එවිට ඔබ බලාපොරොත්තු රහිත පිළිතුරු ලැබීමට හැකියාවක් පවතියි. යාමට පෙර දෙවරක් සිතා බලන්න.

:       0       29

Hafeel Monday, 30 May 2022 02:22 PM

මෙයා උඩ බලාගෙන කෙල ගහනවා. මෙයාව මානසික වෛද්‍යවරයකට යොමු කරලා, මෙයාගේ බුද්ධිය පරීක්ෂා කලයුතුයි. දැන් වර්තමාන මුදල් ඇමති මෙයාගේ ලොක්ක රනිල්. එයාගෙන් අහන්න එපයි.

:       1       44

Nihal Monday, 30 May 2022 02:36 PM

මේ කවුද මේ..? මෙයා අඩු ගානේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ද? මෙයාට මොකද්ද මේ වෙලාවේ ආර්ථිකය ගැන කතා කරන්න තියෙන අයිතිය. 2015 ඉඳන් කළානේ රටට හොඳට... දැන් අගමැතිගේ පිටේ එල්ලිලා ආයෙත් ඩීල් දාන්න හදනවා. දේශපාලනයෙන් අතුගා දැමිය යුතු චරිත.. යූ.ඇන්.පී ය ආයෙත් මළාට නැගිටින්නේ නෑ.. මේ මිනිස්සු එක්ක...

:       0       19

ranjith Monday, 30 May 2022 02:50 PM

ජනතාව ප්‍රතික්ෂේප කරපු මේ අය දැන් මේ කාගෙ බලේකටද කයිවාරු ගහන්නේ..? රට බංකොළොත් කියලා ඕනෑම මොන්ටිසෝරි ළමයෙකුටත් තේරෙනවා. මෝඩ දේශපාලනය නිසා ඇපත් නැතිව ගෙදර ගිහිල්ලා තමයි ලැජ්ජාවක් නැතිව පම්පෝරි ගහනවා.

:       0       18

Rexi Monday, 30 May 2022 03:01 PM

ඇයි රට බංකොළොත් වෙලා නැද්ද? මොලේ නැහැ කියලා පේනවා.. මහත ශරීරය දැක්කාම...

:       0       21

Kule Monday, 30 May 2022 03:03 PM

1977 සිට අද දක්වා පාර්ලිමේන්තුවේ හිටපු, සිටින මන්ත්‍රීවරු, ඇමැතිවරු, අගමැතිවරු, ජනාධිපතිවරු සියලු දෙනාම සියලු දෙනාම වගකිව යුතුයි.

:       0       16

Rexi Monday, 30 May 2022 03:10 PM

නායකයාට පින් අගමැතිකම හම්බ වුණු ගමන්ම ෆෝම් වෙලා..

:       0       25

Gihan Monday, 30 May 2022 03:11 PM

අම්මෝ මෙයා තමයි ප්‍රධානම පුද්ගලයා එජාපය කඩන්න. අනිත් එක මෙයා සහ විජේදාස නිසා තමයි ඇවන්ගාර්ඩ් කාරයින් බේරුණේ. නියම ඩීල්කාරයින්. ඡන්ද 2500 ගන්න බැරුව මෙතන එනවා රට හදන්න...

:       1       17

pakeer Monday, 30 May 2022 03:44 PM

විකාරද? දැන් ඔය කියන්නේ බංකොළොත් නැහැ කියලද?

:       0       11

nanda Monday, 30 May 2022 05:02 PM

කිසිම වගකිවයුතු තනතුරක් නොදරන මෙවන් විහිළු කාරයින් කියන දේවල් වැදගත්ද?

:       0       4

සහන් Monday, 30 May 2022 05:26 PM

මෙයා මොන ලෝකෙද ඉන්නේ? රට බංකොළොත් බව කව්ද නොදන්නේ...? තව හංගන්න මොනවද තියෙන්නේ..? කුලියට කහින්නේ නැතුව යන්න..!

:       0       2

Jayathilaka Tuesday, 31 May 2022 11:42 AM

මේ වගේ පහත් අදහස් තියෙන මිනිස්සු කට ඇරියොත් කියන්නේ තමන්ගේ වාසියට දේවල් පමණයි.

:       0       0

Mangala Ranasinghe Thursday, 02 June 2022 09:34 AM

මේක මහා බූරු කතාවක් නේ. රට බංකොලොත් බව මේ ගොන් පැටියට තේරෙන්නේ නැද්ද? රට බංකොලොත් නෑ කියලා ඔප්පු කරන්න පුලුවන්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 925 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 2086 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1605 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1556 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1024 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 767 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25686 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18854 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 372 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1843 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site