IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රට බීම හලකට මහසඟ රුවනේ විරෝධය

(එම්.කේ.නන්දසේන)

කතරගම වැඩසිටිකන්ද බෝකොටුව සීමාවෙි රටබීම හලක් විවෘත කිරීමට විරෝධය දක්වමින් කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නාහිමිවරු අද (23 ) කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයට ඒකරාශි වී විරෝධය දැක්වූහ.

එමෙන්ම  මෙම ස්ථානයෙන්  රටබීම හල ඉවත් කරන තෙක් කතරගම ප්‍රදේශයේ දූ දරුවන් 5000 ට අධික පිරිසක්  අධ්‍යාපනය හදාරන ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් දහම් පාසල් නවයක් වසා තැබීමට තීරණය කර තිබේ.

කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති ශාස්ත්‍රපති කපුගම ශ්‍රී සරණතිස්ස නාහිමියෝ මෙම අවස්ථාවේදී මෙසේ කීය.

  " හිටපු ජනපතිවරයෙකු වන රණසිංහ ප්‍රේමදාස මහතා 87 වසරේ කතරගම පැවති ගම්උදාවත් සමඟ කඳසුරිඳුගම ඔරලෝසු කණුව සීමාවේ සිට කතරගම පූජා භූමියක් බවට ගැසට්කර තිබෙනවා.

මෙම පූජා භූමිය සීමාවේ මේ දක්වා මත්පැන් හල් විවෘත කිරීමට බලපත්‍ර දීල නැහැ. නමුත් සංචාරක නිකේතන කීපයකට නතර වෙන සංචාරකයින් සඳහා පමණක් බලපත්‍ර ලබාදී තිබෙනවා.

 මෙි අතර වාරයේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා ගේ සොහොයුරෙකු නමට කිසිදු විමසීමකින්, සොයා බැලීමකින් තොරව ඉකුත් 14 දා කතරගම වැඩසිටි කන්ද හංදිය සීමාවෙි මත්පැන් හලක් විවෘත කළා.

මෙදින මහ සඟරුවන සහ ප්‍රදේශවාසීන් විරෝධය දැක්වීමත් සමග එය වසා තබනු ලැබුවා. එලෙස වසා තැබූ මත්පැන් හල අභිනව ජනාධිපතිතුමා දිවුරුම් දෙන අවස්ථාව අල්ලා විවෘත කිරීමට කටයුතු යොදා තිබෙනවා.  මෙහෙම ගියොත් ඉදිරියේදී මස්කඩ, ගණිකා ආයතන, ඇතුළු සදාචාර විරෝධී දේවල් තව බිහිවෙන්න පුළුවන්.

කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ  ලේඛකාධිකාරී රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති කපුගම ශ්‍රී සරණ තිස්ස නාහිමියන්ගේ කැඳවීම මත කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාසනාරක්ෂක බලමණ්ඩලයේ  සභාපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද , කතරගම වැඩ සිටි කන්ද රාජමහා විහාරාධිපති ශාස්ත්‍රපති හීල්ලේ ඥානානන්ද නාහිමිවරුන් ප්‍රමුඛ කතරගම ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේලා මෙම අවස්ථාවට වැඩම කොට තිබිණ.

 



අදහස් (2)

රට බීම හලකට මහසඟ රුවනේ විරෝධය

pakeer Monday, 23 September 2024 02:15 PM

අයියෝ සල්ලි කිව්වලු...! 

:       0       6

විභූෂණ Monday, 23 September 2024 03:26 PM

බුදුන් වහන්සේගේ දෙසූ නිවන් මඟේ වඩින්න හාමුදුරුවනේ. ඕනේවට වඩා ගිහියන්ගේ දේවල්වලට මැදිහත් නොවී.. දැන් පුදුම කරදරයක් වෙලා තියෙන්නේ මිනිස්සුන්ට ඔබවහන්සේලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 934 0

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 421 0

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 575 1

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


නව ආරක්ෂක ලේකම්වරුන් පත් කරයි
2024 සැප්තැම්බර් මස 23 1931 1

නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙ


ඩොලර් බැඳුම්කර අගය පහත යයි
2024 සැප්තැම්බර් මස 23 1959 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය


ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 868 2

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22552 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22505 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 119 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 355 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 179 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site