(අංජුල මහික වීරරත්න)
ණය අර්බුදයෙන් රට මුදා ගැනීම හා සමානවම සියලු ජනතාවගේ ජීවන තත්ත්වය තවදුරටත් පහත නොවැටීමට අවශ්‍ය පියවර ගැනීම වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ අද (1) පැවති සාකච්ඡාවේ දී ය.
විස්තීර්ණ ණය පහසුකමක් (EFF) ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා කාර්ය මණ්ඩල එකඟතාවකට පැමිණි බව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රාග්ධන වෙළෙඳපොළ අංශ ප්‍රධානී, පීටර් බ්රියුවර් (Peter Breuer) මහතා මෙම සාකච්ඡාවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් ප්‍රකාශ කළේය.
ඇමෙරිකා ඩොලර් බිලියන 2.9ක මෙම ණය පහසුකම මාස 48ක ගිවිසුමකට යටත්ව ලබාදීමට නියමිතය.
මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය.
“මේ තමයි අපි පළමු වතාවට රට බංකොළොත් බවට ප්‍රකාශ කරපු අවස්ථාව.බංකොළොත් බවින් ගොඩ ඒම සහ ණය අර්බුදයෙන් රට මුදා ගැනීම වගේම, සියලු සමාජ කොටස්වල ආර්ථික හා සමාජ ජීවන රටාව තවදුරටත් පහත වැටීම වළක්වාලීම මධ්‍යකාලීනව වැදගත්.
ආරම්භය අපහසු වේවි. එහෙත් ඒක ඉතා වැදගත් වගේම ඉදිරියට යාමේදී අපට වර්ධනයක් ළඟා කරගත හැකියි. අපේ රටේ ඉතිහාසයේ මෙය වැදගත් පියවරක්. අපි කැපවෙන්නේ අපිට ලබාදී තිබෙන ඉලක්ක සපුරාගැනීම සඳහා පමණක් නොවේ. අපි එම ඉලක්ක පසු කරගෙන ඉදිරියට යා යුතුයි. අපනයනය මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා අපි අපේ අදහස් වෙනස් කරගමු. එමගින් සමාජ සුබසාධන වැඩකටයුතු පවත්වාගෙන යාම වඩාත් පහසු වේවි.”
අපේ කම රැකගත් ආර්ථිකයක් එදා අපේ රටේ තිබුණා. “ජාතියක් සහ පුද්ගලයෙක් වශයෙන් ණය බරින් නිදහස් විය යුතුයි” යන්න බුදු දහමටත් එකඟයි. දිවංගත අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ ප්‍රතිපත්තිය වුයේ ද එයයි. එය අනුගමනය කිරීමට එතුමා කැපවුණා.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’රටෙි මිනිස්සු තවත් වට්ටන්න බෑ’’
නිමේෂ් Thursday, 01 September 2022 03:46 PM
ඔහොම කියුවට කලින් ලෝක බැංකුවෙන් ලංකාවේ මිනිසුන්ට ගෑස් ගන්න දීපු ඩොලර් අදාරයෙනුත් කොමිස් ගහපු මෙයා .ඕකටත් විදී කොහෙන් හරි
samaadi Thursday, 01 September 2022 04:19 PM
රටේ මිනිස්සු තවත් රවට්ටන්න බැහැ.
fairoos Thursday, 01 September 2022 04:53 PM
පොහොට්ටුවෙ සෙට් එක එක්ක එකතුවෙලා මේකටත් වැඩේ දෙයිද මන්දා?