IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


රට මුහුණ දෙන ලොකුම අර්බුදය දේශපාලන නූගත්කමයි

(අංජුල මහික වීරරත්න)

විනයක් සහ නීතියක් නොමැතිව රටක් ගොඩනගා ජනතාව සවි බල ගැන්විය නොහැකි යැයි කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

උදාවී තිබෙන්නේ රට ගොඩ ගත හැකි අවසාන අවස්ථාව යැයි කී කරුණානායක මහතා එමනිසා ජනතාව මේ අවස්ථාවේ දී ඉතාම බුද්ධිමත්ව, වගකීම් සහගතව සහ ඉවසීමෙන් යුතුව කටයුතු කළ යුතු යැයි ද සඳහන් කළේය.

විපක්ෂය සහ ඇතැම් වෘත්තීය සමිති මේ අවස්ථාවේ දී ක්‍රියා කරමින් සිටින්නේ රට වැනසීමට විනා රට ගොඩනගා ජනතාව ශක්තිමත් කිරීමට නොවන බවට ද රවී කරුණානායක මහතා චෝදනා කළේය.

රටක්-ජන සමාජයක් වැනසී විනාශ වීමට ප්‍රධානතම හේතුව වනුයේ දේශපාලන නුගත්කමය යන්න (Political Illiterate) ගෝලීය පිළිගැනීම  බව කී රවී කරුණානායක රාජ්‍යයන් අසාර්ථක වූයේ දේශපාලන නූගත්කම නිසා යැයි ද අවධාරණය කළේය.



අදහස් (17)

රට මුහුණ දෙන ලොකුම අර්බුදය දේශපාලන නූගත්කමයි

Rohana Saturday, 08 April 2023 04:11 PM

රට ගොඩනැගීම කෙසේවෙතත් ඔය කතාකරන දේශපාළුවන් නම් ස්ථිරවම ගොඩයනබව බලයේ ඉන්නකාලේ කරපු දේවල්වලින් පෙනීයනවා.

:       12       92

sam Saturday, 08 April 2023 04:13 PM

සතොස හොරාකාපු හැටි, මහබැංකුව හොරාකාපු හැටි අමතක වෙලාද? නුඹලා රාජ්‍ය දේපළ හොරාකාපු හින්දයි ඔය රට බංකොළොත් වුණේ..දැන් බයිලා කෙළින්නේ නැතුව ඉන්න.

:       19       92

pjSunday, 09 April 2023 04:24 AM

අතීතයේදී රතු මල්ලිලා ළමයි ඉදිරිපිටම තාත්තලාව මරපු හැටි සාක්ෂි ඇතිව ඔප්පු කරන්න හැකියාව තිබුණත් සද්ද වහගෙන ඉන්නවා. හොරාකෑමට සහ බලයට ඇති ගිජුකම නිසාම ආණ්ඩු පෙරලන්නම ගොතපු මහබැංකු කථාවලට සම්බන්ධ නඩු ඔප්පු කරගන්න බැරුව දඟලද්දීත් ඒ බොරු හෝද හෝද මඩේ දානවා. දැන්වත් නොදන්න බයිලා කියවන්නේ නැතිව ඉන්නවා හලෝ. ඇත්ත එළිවෙන විට පෙරහැර ගිහින්... හැම අතින්ම රට අන්තයටම පිරිහිලා.

:       18       5

රූපිකා Sunday, 09 April 2023 12:40 PM

Pj කියන්නේ සහතිකම ඇත්ත කියලා අතීතයේ අත්දැකීම් තියෙන අයට අමතක නැහැ ඒත් තරමක් හෝ මානසික ආබාධිත පිරිස් ඒවාට ඩිස්ලයික් දානවා... මාලිමාව දිනවීමේ අරගලයේ ඉන්නවා කියලා තමයි කියන්න තියෙන්නේ...

:       13       2

Nimal Saturday, 08 April 2023 05:24 PM

රෙදි ඇඳගෙනද ඉන්නේ?

:       12       73

විජේ Sunday, 09 April 2023 07:47 AM

මේ වගේ අයගේ දේවල් අපි කියවන්නේ, ඒවාට කමෙන්ට් දාන්නේ රෙදි ඇඳන්ද නිමල්? රටම හෙළුවෙන්...

:       8       4

විජේ Saturday, 08 April 2023 05:41 PM

දේශපාලන නූගත්කමද? නූගත් හොර දේශපාලකයාද? ටික කාලයක් සද්ද නැතුව ඉඳලා ආයෙ දෙන්න වගේ හදන්නේ ගේමක්...

:       11       69

Hafeel Saturday, 08 April 2023 06:07 PM

රටේ ආර්ථිකයට කළහැකි හානි සේරම මෙයා කරලා, දැන් රටේ ආර්ථිකය ගැන පුදුම අනුකම්පාවක් ඇවිල්ලා. මෙයාට දීපු සියළු අමාත්‍යංශම කෑවා. සතොස කෑවා, මහ බැංකුවට වැඩේ දුන්නා, අවසානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය කරන විට, ලොතරැයි මණ්ඩලයත් එම විදේශ අමාත්‍යංශයට ඇතුලත් කරන්නයි කියලා බලපෑම් කළා.

:       12       87

සෙනෙවිරත්න Saturday, 08 April 2023 06:24 PM

කතාව හරි, එහෙම නිසා තමයි තමුන්ලා බලයට ආවේ..., ඒ වගේම මහබැංකුව බින්දා කියලා වැලලෙන්න හදපු අයම ඒ බිඳපු එකා මහ පුටුවේම තිබ්බේ.

:       47       55

විපරමා Saturday, 08 April 2023 07:49 PM

දේශපාලන අත්දැකීම් තියෙන, බලලෝභී, බඩගෝස්තරවාදි දූෂිතයින් කරපු හරියත් අපි දන්නවා. මහාපරිමාණ හොරකම්, වංචා, දූෂණ, නාස්තිය කරලා රටම විනාශ කෙරුවේ දේශපාලුවන් මිස ජනතාව නෙවෙයි...

:       3       11

anuranga Saturday, 08 April 2023 10:28 PM

මෙයා හරි උගතා, මෙයාගේ උගත්කම රෙද්ද පල්ලෙන් යනවා.

:       6       14

Kumara Saturday, 08 April 2023 11:38 PM

තාම පණපිටින් ඉන්නවනේ...!

:       7       12

Dasa P Saturday, 08 April 2023 11:55 PM

තමුන් පදිංචි වෙලා ඉන්න ගේ අයිති කාටද කියලාවත් දන්නේ නැති කෙනෙක්...

:       7       14

කරුණා Sunday, 09 April 2023 08:19 AM

දේශපාලනය ගැන නූගත් වුණාට හොරාකන විදිය ගැන දැනුමක් තියෙනවනේ.. ඒ ඇති. මෙය පිටසක්වල ඉඳලා ඇවිත් වගේ කතා කරන්නේ... මහා බැංකුව මතක් වුණා.

:       9       15

Surein Sunday, 09 April 2023 11:37 AM

මෙන්න බොලේ තවත් හොරෙක් පුහුලක් අරන් යනවා...

:       7       14

duplicate ralahami Sunday, 09 April 2023 01:50 PM

අනේ ඔයා පව්, තවම කලිසමේ අසූචි ගාගෙනනේ ඉන්නේ...!

:       5       11

Bamunuarachchi Tuesday, 11 April 2023 06:36 PM

හරියට හරි අපිට ඒ දේශපාලන උගත් කම තිබුනානම් ඔහෙලා සෙට් එකම දේශපාලනයෙන් අතු ගාලා දාලා බොහොම කල්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 814 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 179 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 339 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 368 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 444 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 779 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 425 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 920 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site