(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ ආයතන ලාභය කෙරෙහි පමණක් අවධානය යොමු කිරීමෙන් වැළකී, රට මුහුණදී ඇති දැඩි ආර්ථික දුෂ්කරතාව හමුවේ සමාජ, පාරිසරික සහ මූල්‍ය යන ත්‍රිත්වයේ පහළම මායිම් කෙරෙහි අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටින බව රොටරි ඉන්ටර්නැෂනල් සංවිධානයෙහි ප්‍රථම කාන්තා සභාපති වන ජෙනිෆර් ජෝන්ස් මහත්මිය පැවසුවාය.
‘පරිසර තිරසාරත්වයෙන් පටන් ගනිමු’ ලෙස රොටරි ශ්‍රී ලංකා ආයතනය ප්‍රතිලාභ ගෙන දෙන අභියෝගාත්මක පැල මිලියනයක ව්‍යාපෘතිය අගය කරන බව කී ජෙනිෆර් ජෝන්ස් මහත්මිය එය මිනිසුන්ට සහ පෘතුවියට ද ප්‍රතිලාභ ගෙන දෙන බව ද සඳහන් කළේය.
කොළඹ කොටස් වෙළෙඳපොළේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කොළඹ කොටස් වෙළෙඳපොළේ ගණුදෙනු කරන ආයතනවල නිලධාරීන් අමතමින් ජෝන්ස් මහත්මිය එසේ පැවසුවාය.
කොළඹ කොටස් හුවමාරුවේ සභාපති ඩිල්ෂාන් විරසේකර මහතා ආයතනවලින් ඉල්ලා සිටියේ මෙම නව ව්‍යාපෘතිය සඳහා රොටරි සමාගම හා එක්වී රට පාරිසරික විපත්වලින් ආරක්ෂා කරගැනීමට සහය දක්වන ලෙසයි.
‘වන් මිලියන් ටී්‍ර’ ව්‍යාපෘතියේ සභාපති ගෞරි රාජන් මෙනවිය පැවසුවේ, ‘රොටරි වන් මිලියන් ටී්‍ර’ ව්‍යාපෘතිය සුවිශේෂී වැඩසටහනක් වන්නේ මෙම පැළ රෝපණය කිරීම සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ තෝරාගත් බිම් කොටසක් හාවිතා කිරීම හා රෝපණය කිරීමෙන් පසුව ඒවා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් රැකබලා ගැනීම සහ ව්‍යාපෘතිය වාර්ෂිකව විගණනය කරන බැවින් පූර්ණ විනිවිදභාවයක් සහ වගවීම සහිත බවත්ය.
රොටරි ශ්‍රී ලංකා සේවය පිළිබඳව පැහැදිලි කරමින් දිස්ත්‍රික් ප්‍රධානී පුබුදු ද සොයිසා ප්‍රකාශ කළේ රුපියල් බිලියන 200 කට අධික වටිනාකමකින් යුත් ව්‍යාපෘති රැසක් ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක කර ඇති බවය.
ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අල්-ධලයි මහතා සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් අද (18) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමා
පළාත් පාලන ආයතන වලට මුදල් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශයෙන් ඡන්ද දායකයාට අනියමින් බලපෑමක් එල්ල වන බව ෆැෆරල් සංවිධානයේ විධායක අධ්
මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.
ජාතික ජන බලවේගයේ පළාත් පාලන ආයතන වලට මහා ආණ්ඩුවෙන් ඇස් පියාගෙන මුදල් වෙන් කරන බවට ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සම්බන්
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් හිගුරක්‌ගොඩ කිරිමැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය බිරිදට පොරොවකින් පහරදී ඝාතනය කර ඇතැයි හිගුරක්ගොඩ පොලිසිය කියයි.
මහරගම අපේක්ෂා රෝහල සඳහා වන පරිත්‍යාග ගිණුමේ රුපියල් කෝටි හතළිහකට වැඩි මුදලක් තිබූ නමුත් පසුගිය වසර දෙකේදී මෙම අරමුදල් කිසිදු ඵලදායි කාර්යයක් සඳහා භ
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
‘‘රට මුහුණ දී ඇති දුෂ්කරතාව ගැන හිතන්න‘‘ - රෝටරි සභාපතිනි
podiaarachchi Friday, 16 December 2022 10:06 AM
මේකත් නිකන් අනිත් හැම ප්‍රෝඩාවක් වගේම "හුලන් පොල්ලක් ".එනවා කනවා බොනවා බන ටිකක් කියලා මැරිච්ච උන්ට පින් දීලා යනවා.සමහර දූපත්වල ගතවෙන්නේ කාලකන්නි ජීවිත දැක්කහම