IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


රට යවන බව පවසා මුදල් වංචා කළ කතක් ගුවන්තොටුපොළින් අල්ලයි

(ටී.කේ.ජී.කපිල සහ යොහාන් බාසුර)

පෝලන්තයට යවන බව පවසා රුපියල් ලක්ෂ 130 ක මුදලක් වංචා කළ බවට පැමිණිළි 53 ක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලැබී තිබූ කාන්තාවක් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී අද (30 )  අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .ඇය 44 හැවිරිදි කොළඹ , බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

ඇය රැකියා අපේක්ෂකයන් විශාල පිරිසක් පෝලන්තයට යවන බව පවසා මෙම මුදල් සහ ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍ර නීතිවිරෝධී ලෙස ළග තබා ගෙන සිට ඇති අතර ඇය විසින් පවත්වා ගෙන ගිය රැකියා නියෝජිත ආයතනය මීට මාස කීපයකට පෙර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් තහනමකට ලක් කර තිබුණි .

ඇයට එරෙහිව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය මගින් පනවා තිබූ ගුවන් ගමන් තහනමක් පැවති අතර , ඇය අද (30) අලුයම 03.00 ට පමණ ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .

පසුව මෙම කාන්තාව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ භාර ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන කළමනාකරු කපිල කරුණාරත්න මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ විමර්ශන නිලධාරීන් වන ඉදුනිල් පුෂ්පකුමාර සහ එම්.කේ. සුමනවීර යන මහත්වරුන් විසින් සිදු කරමින් සිටිති .

 



අදහස් (0)

රට යවන බව පවසා මුදල් වංචා කළ කතක් ගුවන්තොටුපොළින් අල්ලයි

ඔබේ අදහස් එවන්න

දියත


පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 13 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 116 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 646 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 494 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 1128 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 416 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1909 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site