IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


රට ලොකු මුදල් අර්බුදයක

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

රට අද තියෙන්නේ ලොකු මූල්‍ය අර්බුදයක යැයිද රජය එය වසන් කරන්නේ යැයිද ජාතික ජන බලවේගයේ මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවැසීය .

අද ඩොලර් ටිකක් තිබෙන්නේ මහ බැංකුවේ පමණකැයිද ඔහු සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ යෝජනාව පිළිබඳව විවාදයේදීය.

රජය ඉටුකම අරමුදලෙහි ඇති මුදල්ද වංචා කරන බවත් ලීසිං ක්‍රමය යටතේ ණය ගත් විශාල පිරිසක් අද අසරණ වී සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය .

කොරෝනා පාලනය සම්බන්ධයෙන්වූ ආණ්ඩුවේ බැරිකම වසා ගැනීමට අද බලහත්කාරය පාවිච්චි කරන බවට චෝදනා කළ විජිත හේරත් මහතා ග්‍රාම නිලධාරීන්ට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අනෙකුත් සෞඛ්‍ය නිලධාරීන්ට රාජකාරි අනිවාර්ය කර ඇත්තේ ඒ බලහත්කාරය පාවිච්චි කර යැයිද සඳහන් කළේය.

රජය නිකුත්කළ අත්‍යවශ්‍ය සේවා ගැසට් දෙක සම්බන්ධයෙන් විරෝධය පළ කරන බවද මන්ත්‍රීවරයා පැවසුවේය.

කොරෝනා පාලනය ඉදිරියට දාගෙන රටේ ජනතාව මර්දනය කිරීමට උත්සාහ දැරීමද ඉතා පිළිකුලෙන් හෙළා දකින බවත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පෞද්ගලික අධ්‍යාපන පනතට විරුද්ධව ආචාර්යවරුන් සාමකාමීව විරෝධය පළ කරද්දි ආණ්ඩුවේ පොලිසිය ඔවුන්ට පහර දුන් බවත් හේරත් මහතා කීය.

මර්දනය රටේ ප්‍රශ්න ප්‍රශ්නවලට උත්තරයක් නොවේ යැයිද ඔහු සඳහන් කළේය.

ඛනිජ තෙල් සංස්ථාව පාඩු යැයි පවසද්දී ඉන්දීය තෙල් සමාගම කෝටි 80 කට වැඩි ලාභයක් උපයා ඇතැයි පැවසූ ඒ මහතා ඉන්ධන වෙළඳපොළේ පහෙන් හතරක් හසුරුවන ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලැබුවේ කෙසේ දැයි ප්‍රශ්නයක් බවද සඳහන් කළේය.

 



අදහස් (7)

රට ලොකු මුදල් අර්බුදයක

Dewa Wednesday, 23 June 2021 01:39 PM

වෙන මොනවත් නොවේ... කට්ටියම හොරාකාලා සහෝදරයා... ඇත්ත ඒකයි.

:       51       44

කිරිපුති Wednesday, 23 June 2021 01:41 PM

අපේ රට විතරක් නෙවෙයි ලෝකයේ හැම රටකටම කොරෝනා පහර දීලා තියෙන්නේ... අපේ රටේ මිනිසුුන් විතරයි රටට ප්‍රශ්නයක් ආවාම ඒක තමන්ගේ කුහක දේශපාලන වාසියක් කරගෙන තලු මරන්නේ. නින්දිත ආකල්ප...

:       106       273

pradeepa Wednesday, 23 June 2021 05:27 PM

විජිත සහෝදරයා අපේ 69 ලක්ෂයට ඔයාලා මොනවා කිව්වත් තේරුම් ගන්න බැහැනේ. ඒ මොකද අපි කන්නේ බත් නෙවෙයිද? 

:       8       28

SUNIL MILANO Wednesday, 23 June 2021 07:20 PM

පාර්ලිමේන්තුවේදී තුණ්ඩු කෑල්ල අරගෙන දුවලා ලක්ෂ 20ක් ගත්තනේ. ලැජ්ජාවක් ගෑවිලාවත් නැහැ.

:       6       160

Sri Lanka Wednesday, 23 June 2021 08:03 PM

ජවිපය කෙළින් වැඩ කළානම් අද රට ගොඩ... 60000ක් මරලත් හරි ලයින් එකට ආවේ නැහැනේ...!!!

:       0       42

Nihal Wednesday, 23 June 2021 08:59 PM

බයිලා කියනවා, ස්විස් හැර මුලු යුරෝපයම වැටිලා. ඇල්බේනියාව, පාතුගාලය රිම් එකෙන් යන්නේ..

:       1       82

Bamunuarachchi Thursday, 24 June 2021 09:29 AM

එ්ක අපි දන්නවා. මේ දුප්පත් රටට කොරෝනා වසංගතේ ආවාම කබලෙන් ලිපට වැටුණා වෙනවා. ඔබලා හදන්නේ කල දුටුකළ වල ඉහගන්නයි. ඔහෙලාට මොන ආත්මේ බලයක් ලැබෙයිද කියලා දන්නේ නැහැ. ලැබුණත් කරන්නත් බැහැ. රටේ 3%ක් කැමැත්ත තියාගෙන රටක් හදන්න පුලුවන්ද හලෝ? කතාව හරියට අද බලය ලැබුනොත් හෙට රට සුඛිත මුදිත කරනවා වගේ. මේක තවත් වියට්නාමයක් නොකර ඉන්නවා හලෝ... කියන්නේ මොකක්ද කියලා තේරෙනවාද..? ලොකු හෑල්ලක් බොහොම කෙටියෙන් කිව්වා.

:       0       69

ඔබේ අදහස් එවන්න

දියත

පාස්කු නඩුවෙන් පූජිත - හේමසිරි නිදහස් කළ තීන්දුව බල රහිත කරයි
2024 නොවැම්බර් මස 05 0 0

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා කරමින් ගොනු කළ නඩුවෙන් හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ හිටපු


කමලා තැපෑලෙන් ඡන්දය දීලා
2024 නොවැම්බර් මස 05 234 0

තමන් තම ඡන්දය තැපැල් ඡන්දයක් ලෙස ප්‍රකාශ කළ බව ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසා


ගැබිනි මව සමඟ ලොරිය අඩි 20ක් පහළට
2024 නොවැම්බර් මස 05 254 0

නතර කර තිබු ලොරි රථයක් ගැබිනි මවක් සමඟ මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් ලොරි රථයේ ඉදිරිපස අසුනේ සිටි ගැබිනි මව තුවාල ලබා දික්ඔය මුලි


’’සැමියා මැරූ අයුරින් මාත් මරන්න හදනවාද?’’
2024 නොවැම්බර් මස 05 1085 1

තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදිම තමා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතී දැයි සැකයක් පහළ වී තිබෙන බව හිටපු ජනාධිපති


අයිස්ලන්තයෙන් සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට
2024 නොවැම්බර් මස 05 1047 1

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා අද(05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .



මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 408 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1311 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 689 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site