IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


රට විරුවන්ට විද්‍යුත් වාහන ගෙන්වීමේ කාලය දිගු කරයි

(යොහාන් භාසුර)

විදේශ රැකියාවල නියුතු ශ්‍රමිකයින්ට පූර්ණ විද්‍යුත් වාහන මෙරටට ගෙන්වීමට ප්‍රේෂණය කර ඇති විදේශ විනිමය ප්‍රමාණය සළකා බලන කාලසීමාව මෙම වසරේ සැප්තැම්බර් මස 15 දක්වා දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කැබ්නට් මණ්ඩලයට එම යෝජනාව ඉදිරිපත් කළ අතර පනවා ඇති ආනයන සීමා හේතුවෙන් මෙරටට වාහන ආනයනය සඳහා අවසර ලැබී ඇත්තේ විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට පමණි.

ඒ අනුව පරිසර හිතකාමී විද්‍යුත් වාහන ගෙන්වීමට විදේශගත ශ්‍රමිකයින්ට අවස්ථාව ලැබී ඇති අතර ජාතික ආර්ථිකය ඉහළ නැංවීම සඳහා විදේශගත ශ්‍රමිකයින් නිවැරදි මාර්ග ඔස්සේ මෙරටට එවනු ලබන විදේශ විනිමය දිරිගැන්වීමේ අරමුණින් විදෙස්ගත ශ්‍රමිකයින්ට පූර්ණ විද්‍යුත් වාහන මෙරටට ගෙන්වීමට බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය පසුගිය වසරේ හඳුන්වා දුන්නේය.

එහිදී විදේශගත ශ්‍රමිකයින් පසුගිය වසරේ (2022) මැයි මස 1 වැනිදා සිට දෙසැම්බර් මස 31 වැනිදා දක්වා කාලයේදී එවූ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය මත පදනම්ව විද්‍යුත් වාහන ආනයනය සඳහා බලපත්‍ර දීම සිදු වුවද, එම කාලය දීර්ඝ කිරීමට අමාත්‍ය මණඩල අනුමැතිය ලැබී තිබේ.

 



අදහස් (5)

රට විරුවන්ට විද්‍යුත් වාහන ගෙන්වීමේ කාලය දිගු කරයි

Bamunuarachchi Friday, 19 May 2023 03:20 PM

කලින් විදෙස් සේවයේ සිට විදෙස් විනිමය ඩොලර් ලක්ෂ ගණනින් එවා ඇති අයට විද්‍යුත් වාහන ගෙන්වීමේ අවස්ථාව දෙන්නේ නැද්ද? එසේ නොදුන්නොත් නමින් ඇති මුදල් ආපසු විදේශවලට ඇදගන්නවා...

:       0       2

Kumara Friday, 19 May 2023 05:49 PM

බේරෙ වැවට තාම බැස්සේ නෑනේ...

:       0       3

Bamunuarachchi Saturday, 20 May 2023 03:29 PM

මේ බක බක ගාන්නේ බෙරේ ඉන්න ගෙඹි තඩියෙක්ද? වාහන ගෙන්වීමයි බේරේ වැවයි... අතර තිබෙන සම්බන්දය මොකක්ද? මෙයා ඉස්කෝලයකට ගොඩවෙලා නැහැ වගේ...

:       0       1

Harsha Friday, 19 May 2023 07:59 PM

හොඳ වැඩක්...

:       1       1

Chaminda Saturday, 20 May 2023 08:06 AM

නැහැ.. නැහැ.. කාලය දික්කරන්න ඕනෑ නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 201 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 82 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 237 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 461 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 222 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 649 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site