IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


රට වහන්නැයි ජනපතිට ලියුම් යැවූ ඇමැතිවරුන් විවේචනයට

(අජන්ත කුමාර අගලකඩ)

කොවිඩ් පාලනය කිරීම සඳහා රට වසා දමන්නැයි ඉල්ලා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 ක නායකයන් ජනාධිපතිවරයාට යැවූ ලිපියට අත්සන් කළ ඇමතිවරුන් තිදෙනාගේ ක්‍රියා ක්‍රියාකලාපය ඊයේ (23) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේ දී ද දැඩි විවේචනයට ලක්වී ඇත .

ඇමතිවරුන් වන රෝහිත අබේගුණවර්ධන ,එස් එම් චන්ද්‍රසේන සහ ඩග්ලස් දේවානන්ද යන ඇමැතිවරුන් කැබිනට් රැස්වීමේදී මේ විවේචනය කර ඇතැයි වාර්තා වේ .

කැබිනට් රැස්වීමේ දී විවෘත ව අදහස් ඉදිරිපත් නොකර, එළියට ගොස් ලිපි ලියා ජනාධිපතිවරයාට යැවීම කැබිනට් මණ්ඩල සාමූහිකත්වය කඩ කිරීමක් බව ද එම ඇමතිවරුන් පෙන්වා දී ඇත.

කොවිඩ් පාලනය සඳහා රට වසා දමන්නැයි ඉල්ලා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පසුගිය සතියේ ලිපියක් යැවූ අතර, කැබිනට් අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු ද ඊට අත්සන් කළහ .

 



අදහස් (21)

රට වහන්නැයි ජනපතිට ලියුම් යැවූ ඇමැතිවරුන් විවේචනයට

Mithrasiri Tuesday, 24 August 2021 11:01 AM

කඳු පහත්වෙයිද මිත්‍රයා?

:       3       28

VithanaTuesday, 24 August 2021 03:06 PM

කඳු නම් පාත් වෙන්නෑ. ඒත් පරඬැල් නම් පොඩි හුළඟටත් වැනෙනවා.

:       3       15

Krish Tuesday, 24 August 2021 11:05 AM

නාටක බලලා දැන් නම් එපා වෙලා තියෙන්නේ

:       2       58

mp Tuesday, 24 August 2021 11:19 AM

මෙච්චර මිනිසුන් මැරෙන විට රටවහන්නේ නැතුව බම්බු ගහන්නද කියන්නේ?

:       2       63

kamal Tuesday, 24 August 2021 11:19 AM

දැනට ඉන්න හොදම ඇමැතිවරයා තමයි නීතිඥ නාමල් මහත්තය

:       32       26

විපරමා Tuesday, 24 August 2021 09:52 PM

ඔය කියන්නේ කවුරු ගැනද? අපි නම් දන්නේ හොරට ලියලා විබාගේ පාස් උනා කියලා හැමෝම කියන කෙනා ගැන විතරයි.

:       0       10

MISHAL-MATARA Tuesday, 24 August 2021 11:33 AM

ඔය වගේ තමයි කිව්වේ ඉන්ධන මිලටත් .. ඕවා බොරු .. බැසිල් ආවම අඩු වෙනවා කිව්වා අඩු උනාද ..? ඔවා ඔක්කොම නාට්‍ය හා රංග කලාව

:       2       56

sampath Tuesday, 24 August 2021 11:54 AM

ඒ මිනිස්සුන්ගේ කර පිටින් ඇවිත් දැන් ඒ මිනිස්සුන්ටම පාර්ට් එක දානවා. කොහොමත් දේශපාලනයේදී කවුරු වුණත් පාවිච්චි වෙන්නේ රම්පෙ, කරපිංචා වලට. හොඳ වැඩේ... රෙදි නැතිව පහුගිය කාලේ කඩේ ගියාට... අපිට ඔය කවුරු හිටියත්, නැතත් කමක් නෑ. කොරෝනාව යුද්දේ වගේ කඹ ඇදලා ඇදලා රටේ අහිංසක මිනිස්සුන්ට මැරෙන්න දෙන්න එපා...

:       1       37

mahinda Tuesday, 24 August 2021 12:20 PM

මේකත් හරියට ඉන්ධන මිල ඉහල දැමීමට විරුද්ධව පොහොට්ටු මහා ලේඛම් ඇතුලු පිරිස් දැක්වූ රංගනයේම තවත් එක් ජවනිකාවක්. ඔය ලිපියට අත්සන් කලායයි කියන අයගේන් තම පක්ෂයෙන් ඉදිරි පත්වී ආසනයක් දිනා ගත හැ ක්කේ අතාවුල්ලාට පමණ්යි අන් සියලු දෙනා පරපෝෂිතයින්. මොවුන් කුක්කා මළදාට මිය‍යන මැක්කෝය.

:       2       27

fairoos Tuesday, 24 August 2021 12:58 PM

මේ ණය කොටස් දෙකකින් ඉවරයි

:       1       3

මාම Tuesday, 24 August 2021 01:11 PM

රටක් වටින මිනිහෙක් අද නික්ම ගියා.. කණගාටුව මේ වගේ කාලකන්නින්, අපතයින් තවමත් මෙරට රැඳී සිටීම ගැනයි...

:       7       49

පාලිත Tuesday, 24 August 2021 01:14 PM

ඔය අපිව රවටන තවත් ජවනිකාවක් විතරයි.

:       1       12

ජයරත්න Tuesday, 24 August 2021 01:21 PM

පොහොට්ටුවේ ලේකම් හිතන්නේ මිනිහා තමයි රටේ ජනාධිපති කියලද කොහේද..? කටුස්සන්ගේ කරේ රත්තරන් බැන්දාම වෙන විපත...!!!

:       1       20

ලක්මාල් Tuesday, 24 August 2021 04:39 PM

ඔය මිනිහා ඕවා කරන්නේ බැසිල්ගේ හයියෙන්. මිනිහව පිටිපස්සෙ ඉඳන් නටවන්නේ බැසිල්...

:       0       12

Bamunuarachchi Tuesday, 24 August 2021 02:01 PM

රට වහන්නවද වහන්න එපාද කියන එක නොවෙයි ප්‍රශ්නය කැබිනට් එකේදී වහන්න එපා කියලා ජනාදිපතිට රට වහන්න කියලා ලියුම් අරින එක වැරදී. මොකක් හරි එක වචනයක් තිබෙන්න ඕනේ.

:       0       0

saman Tuesday, 24 August 2021 03:21 PM

මෙතුමල්ලට තියෙන විවේචනය තමයි මෙයාලා රැස්වීමදී ඇදිරි නිතිය ගැන කතා නොකර පස්සේ ජනතා වීරයෝ වෙන්න එලියට ඇවිත් ජනාදිපති තුමාට ලියුම් යවපු එක...

:       1       6

de silva Tuesday, 24 August 2021 04:10 PM

ඉස්සර මේ ගොල්ලන්ට කිව්වේ මයික් පිම්පියෝ කියලා. දැන් කියන්න වෙන්නේ ලියුම් පිම්පියෝ කියලා. කොහොම නමුත් අවසානයේදී අපේ සර්ට පිම්පියෝ කියන දේ කරන්න වුණා. පිම්පියෝ වුණත් ඔවුන් පසුව ප්‍රකාශ කළ අදහස නිවැරැදි බව කොරෝනාවෙන් දිනකට මැරෙන ප්‍රමාණය සහ රෝහල්වල තත්වය බැලුවාම පේනවා.

:       0       6

lelwala Tuesday, 24 August 2021 06:07 PM

බෙර කාරයයි, නැට්ටුවො ටිකයි... එළවා දැමුවා නම් හොඳයි.

:       2       3

Roshan Tuesday, 24 August 2021 07:20 PM

අනේ මෙහෙමත්...

:       1       3

Lalith M Tuesday, 24 August 2021 09:35 PM

මේ රජයේ වැඩ නාට්‍ය හා රංග කලාව පාඨමාලාව හැදෑරීමට හොඳයි. බයියෙක් ප්‍රමෝට් කරන්න ඕන වුනාම අයින් වෙලා කලක් සැඟවිලා නැවත මතුවෙනවා අලුත්ම පොරක් වෙලා.

:       1       4

Nuwa Wednesday, 25 August 2021 06:38 PM

මෙය ආණ්ඩුවේ බිඳවැටීමේ ආරම්භය යැයි මට සිතේ...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජනපති හදිසියේ මහනුවර වන්දනා බැතිමතුන් හමුවට යයි
2025 අප්‍රේල් මස 25 664 0

ජනාධිපති අනුර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ මහනුවර සිරි දළදා වන්දනාවේ නිරත බැතිමතුන් හමුවට හදිසියේ ගොස් ඔවුන්ගේ සුව දුක් විමසා බැලුවේය.


මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවෙක් ගුවන් තොටෙන් අල්ලයි
2025 අප්‍රේල් මස 25 310 0

විදානගමගේ අරුණ ප්‍රියන්ත නැමැත්තා සහ ඔහුගේ දියණිය සහ පුත්‍රයා මිද්දෙනිය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිකරු ඉන්දියාවේ චෙන්නාය


ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100 ඉක්මවූ තද වැසි
2025 අප්‍රේල් මස 25 427 0

උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිටි පැමිණෙන සුළං (අන්තර් නිවර්තන අභිසාරි) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු


දෙවුන්දර ද්විත්ව ඝාතනයට තවත් අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 25 436 0

මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසලදී සිදු වූ ද්විත්ව ඝාතනයට පැමිණි වෙඩිකරුවන් සිව් දෙනා ප්‍රවාහනය කළ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව අපරාධ පරී


ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 3956 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 665 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 743 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 363 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 512 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site