IMG-LOGO

2025 අප්‍රේල් මස 07 වන සඳුදා


රට විරු වාහන බලපතින් ගැහිල්ලක්



(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

විදේශගත නොවූ සිවු  දෙනෙකුටත් විදේශගත ශ්‍රමිකයන්ට දෙන තීරු බදු රහිත විද්‍යුත් වාහන බලපත්‍ර නිකුත් කර ඇති බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව ) තොරතුරු අනාවරණය වී ඇත.

හිටපු අමාත්‍යවරයාගේ වුවමනාව මත කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා සියල්ල කර ඇති බව පැහැදිලි යැයි  රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා පැවසීය.

මේ පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ  එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් වෙත පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමට අදාළව 2022 මැයි 01 සිට 2023 සැප්තැම්බර් 15 දින දක්වා කාලය තුළ ක්‍රියාත්මක කරන ලද යෝජනා ක්‍රමය පිළිබඳ සකස් කරන ලද විශේෂ විගණකාධිපති වාර්තා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව  පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (02) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී විගණක‍ාධිපතිවරයා පෙන්වා දුන්නේ මෙම වාහන බලපත්‍ර නිකුත් කිරීමේදී මුදල් විශුද්ධිකරණයක් සිදුවී ඇති බවට සැකයක් මතුවන බවයි.. මේ සම්බන්ධයෙන් සිදුකර තිබූ පූර්ණ ක්‍රියාවලිය පරීක්ෂා කිරීමේදී මේ බව පෙනී යන බව හෙතෙම පෙන්වා දුන්නේය.


 



අදහස් (4)

රට විරු වාහන බලපතින් ගැහිල්ලක්

Nandana Sunday, 06 April 2025 12:54 PM

විදේශගත ශ්‍රමිකයන්ගේ ගිණුම් වලට උන්ඩියල් මගින් සල්ලි යවනවට ඒවා ලංකාවට ගෙන්නගෙන වාහන සේල් කාරයින් .... පර්මිට් හදාගත්ත ඒවා දන්නේ නැද්ද?

:       0       10

මම විරුවා aka බකල ජයාSunday, 06 April 2025 03:20 PM

රට විරුවෝ, සුව විරුවෝ, අර විරුවෝ, මේ විරුවෝ කියාගෙන එන්නේ ආදරේට ඇර වෙන දේකට නොවේ...

:       0       19

කෞෂිSunday, 06 April 2025 03:57 PM

එහෙම කියන්න එපා. සුව විරුවෝ ආදරෙන් ප්‍රතිකාර කරනකොට ලෙඩ විරුවෝ ඉක්මනින්ම සුව වෙනවා.

:       0       18

Rata Perata Sunday, 06 April 2025 03:24 PM

පහුගිය පාලන කාලවල දූෂණයක්, හොරකමක් නැතිව තිබුණු එක රාජ්‍ය ආයතනයක්වත් නෑ. ලංකාවම හොර ගුහාවක් වෙලා තිබුණේ.

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පොලීසිය කියා පැමිණ සජබ අපේක්ෂක නිවස කොල්ල කාලා
2025 අප්‍රේල් මස 07 127 0

මෙවර පළාත් පාලන මැතිවරණයට කඩුවෙල මහ නගර සභාවට සමගි ජන බල වේගයෙන් තරඟ වදින බොරලුගොඩ කොට්ඨාසයේ අපේක්ෂකයෙකුගේ නිවසට පොලිස් බුද්ධි අංශ නිලධාරීන් බව පවසා


ජල ව්‍යාපෘති අතරමඟ නැවතී ලක්ෂ 59ක් වතුරේ
2025 අප්‍රේල් මස 07 194 0

කුරුණෑගල , ඉබ්බාගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කළ අඹන්පොල හා කටුපොත යුනිට් 03 ජල ව්‍යාපෘති ක්‍රියාත්මක නොවිමෙන් එම ව්‍යාපෘතිවල ඉ


පළාත් පාලන ආයතන 114 ක තැපැල් ජන්ද පත්‍රිකා පැකට්ටු අද තැපෑලට
2025 අප්‍රේල් මස 07 70 0

පළාත් පාලන ආයතන 114 කට අයත් තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට භාර දෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


සවස් කාලයේදී තැනින් තැන වැසි
2025 අප්‍රේල් මස 07 101 0

දිවයිනේ බොහෝප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


එක්සත් ජනපද තීරු බද්ද අපනයන කර්මාන්තවලට බලපාලා
2025 අප්‍රේල් මස 07 984 3

ඇමරිකා එක්සත් ජනපදයේ අන්‍යෝන්‍ය තීරුබදු හේතුවෙන් අපනයන මත පදනම් වූ කර්මාන්ත අඩපණ වීමේ පෙර නොවූ විරූ අවදානමකට ශ්‍රී ලංකාව මුහුණ දී ඇතැයි නිදහස් වෙළඳ ක


මැතිසබේ කුස්සියට පීඑච්අයිලා පනිති
2025 අප්‍රේල් මස 07 669 3

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පාර්ලිමේන්තුවේ මුළුතැන් ගේ මුළුමනින්ම පරීක්ෂා කිරීමට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අවසර දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 463 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 494 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 980 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site