(නිමල කොඩිතුවක්කු)
සෞභාග්‍යය කෙසේ වෙතත් ආණ්ඩුව සාගතයකට රටට කැදවාගෙන යමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
හිතුවක්කාරී ලෙස ආණ්ඩුව ගනු ලැබූ පොහොර තහනම ඇතුළු තීරණ හේතුවෙන් රට දැඩි අර්බුදයකට මුහුණ පාමින් සිටින බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
සමගි ජනබලවේගයේ "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහන යටතේ පුත්තලම මුලික රෝහලට රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
"විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහනෙහි 19වන පියවර ලෙස රුපියල් විසිතුන් ලක්ෂ හැට පන්දහසක් වටිනා අත්‍යාවශ්‍ය රෝහල් උපකරණ පුත්තලම රෝහලට පරිත්‍යාග කරනු ලැබීය.
කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ "ජනසුවය" ව්‍යාපෘතිය එක්ව "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මග
ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශ
බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන ප
හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක
කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
‘‘රට සාගතයකට කැඳවාගෙන යමින් සිටිනවා‘‘
Sanka Saturday, 03 July 2021 09:21 AM
කොච්චර කෘෂිකාර්මික විශේෂඥයින් කීවද මේක අවුරුදු 5 ක විතර කාලයක් අරගෙන රසායනික පොහොර ක්‍රමයෙන් අඩුකරන්න කියල.වැඩක් සාර්ථක වෙන්න නම් ඒ සඳහා වැඩපිළිවෙලක් තිබිය යුතුයි..
Tooni Saturday, 03 July 2021 09:35 AM
හරි ආස ඇති..., ගොඩ වැඩිකරගන්න.
RaveendraSunday, 04 July 2021 06:03 AM
පක්ෂ බේදයකින් තොරව අප රටේ "සියලුම දේශපාලුවන් සැමදාමත් සැමවිටමත්" බලන්නේ මිනිසුන්ගේ අපහසුකම් ඉදිරියට ගෙන බලය නැමැති බූරුවාව ලබාගැනීමය. එනමුත් රටේ පුරවැසියන්ගේ දියුණුව, රටේ ආරක්ෂාව පිළිබඳව වගේ වගක් නැතිවීම ඉතාමත් අවාසනාවකි. මේ දේශපාලුවාද පුන පුනා කියන්නේ මට බලය දෙන්න මම ලංකාව සුරපුරයක් කරන්නම් යන්න නොවේ...? "නොදකින් මේ අය මෙහෙම හිතන්නේ මිනිසුන් හැමෝම තමන්වගේ මෝඩයින් යන්න" නොවේ.. එලෙසම මේ අයගේ අතීත ක්‍රියාකාරකම් සියල්ලන්ටම අමතා නැති බවත් සඳහන් කරන්නෙමු...
Vithana Saturday, 03 July 2021 09:56 AM
සාගතය ජනතාවට මිසක් මුදලාලිලාට නෙවෙයි. එයාලට බිලියන ගණනින් බදුසහන සහ බදු කපාහැරීම් ලැබෙනවා...
Asanga Saturday, 03 July 2021 10:20 AM
ආස ඇති එහෙම වෙනවා නම් මේ ගොල්ලෝ... කියන්න ලේසියි. කරනකොට අපි දැක්කනේ ඔයගොල්ලොත්.
කිරි පුතා Saturday, 03 July 2021 10:33 AM
අහෝ ! දෙව්දත් නොදත් මොක්පුර...
Raveendra Saturday, 03 July 2021 11:42 AM
මෝඩකමේ අගතැන්පත් හරකුන් හිතන්නේ බඩ ගැන පමණක් බවට මෙය කදිම උදාහරණයකි.
යාපා Saturday, 03 July 2021 01:41 PM
ලෝකයම මේ තරම් වසංගතයකට මුහුණ දීලත් මිනිස්සු මෙහෙම හරි කනවා. අපිට මතකයි ඔහේලගේ කාලේ ඒ මොනවත් නැතුවත් මිනිස්සුන්ට ක්‍රෝටන් කොළ කන්න කියපු අතීතය... !!!
Ranji Saturday, 03 July 2021 02:31 PM
මේ මහත්තයට කවදද කිසිදෙයක් තේරුනේ? මේ රට හදන්න බැරි ප්‍රධාන හේතු දෙකයි තියෙන්නේ. ඉස්සර රට හදන්න ආණ්ඩුවට බලය මදි.
de silva Saturday, 03 July 2021 03:13 PM
ඔබතුමා මොනවද මේ කියන්නේ..? මෙහෙ එහෙම සාගත එන්නේ නැහැ. සීනි නැතිව තේ බීපු, මිරිස් නැතිව හොදි කාපු, මැතිණි කියනවා නම් පිදුරු වුණත් කන්න ලෑස්තිවෙලා හිටපු සෙට් එකෙන් පැවත එන පරම්පරාවක් අපේ රටේ ඉන්නවා. ලංකාවේ දේශීයව නිෂ්පාදනය කරන පුන්නක්කු සහ රසායනික පොහොර නොමැතිව වගාකරන තණකොළ අවශ්‍ය තරම් තිබෙනවා.
kamal Saturday, 03 July 2021 03:48 PM
තාමත් බඩ දේශපාලනේ.. මේ පීඩිත පන්තිය නැතිනම් ඉඳලා හමාරයි.
Bamunuarachchi Saturday, 03 July 2021 06:21 PM
කව්ද කිව්වේ අරුන්දතී රෝයි මැතිතුමාද? එ්කත් අර පස්දුන් කොරලේට දෙවැනි නැහැ.