IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘රටේ සැබෑ තත්ත්වය අයි එම් එෆ් හමුවේ කියනවා‘

 (නිමල කොඩිතුවක්කු)


ඉදිරි දින කිහිපය තුළ සමගි ජන බලවේගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස් හමුවී රටේ සැබෑ තත්ත්වය පිළිබඳ දැනුම් දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

මව්වරුන්ගේ, ළදරුවන්ගේ,  හා පාසල් දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය මඟහරවා ගැනීමට විශේෂිත අයි.එම්.එෆ්. ආධාරක වැඩසටහනක් අවශ්‍ය බව ඔවුන්ට දැනුම් දෙන බවත්  විපක්ෂ නායකවරයා පැවසීය.
මන්දපෝෂණය වර්ධනය වීම යනු විෂම චක්‍රයක් නිර්මාණය වීමක් බවත් එය රටේ නිෂ්පාදන ධාරිතාවට සෘණාත්මක බලපෑමක් බවත් ප්‍රේමදාස මහතා කීවේය.

සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 120 වැනි අදියර යටතේ  ගම්පහ දොම්පේ මල්වාන මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල,  ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු මූල්‍ය ආයතන එකට එකතු වී විශේෂිත අරමුදලක් ස්ථාපිත කොට මෙම මන්දපෝෂණ තත්ත්වයෙන් රට මුදවා ගැනීමට විශේෂිත ජාතික වැඩසටහනක් අවශ්‍ය බවට යෝජනා කරන බවත් ඔහු සඳහන් කළේය.

එමෙන්ම සියලුම රජයේ පාසල්වල සිසුන්ට පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක විය යුතු බවට යෝජනා කරන බවත් රටේ අනාගතය දරු පරපුර බැවින් මොවුන්ගේ නීරෝගී සම්පන්න භාවය සුරක්ෂිත කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය. 

 



අදහස් (6)

‘රටේ සැබෑ තත්ත්වය අයි එම් එෆ් හමුවේ කියනවා‘

chandima Tuesday, 12 March 2024 09:00 PM

හන්දි ගානේ කියවලා වැඩක් නැහැනේ ?ඒ මීටිමට එන්න කිව්වා නේද ?එතනට ගිහින් කියන්න .අතන මෙතන ගිරිය පුප්පන් බයිලා නොගහා

:       0       7

Bamunuarachchi Tuesday, 12 March 2024 09:19 PM

IMF එක මෙයාගෙන් තමයි ඇත්ත තොරතුරු දැනගන්න යන්නේ. පැහ් මෝඩය.

:       1       4

රංබොඩ Tuesday, 12 March 2024 11:09 PM

මේ සේරම නායකයින්ට තියෙන්නෙ හිඟාකන මානසිකත්වයක් . ඉතින් රටක් ගොඩ එයිද

:       1       5

chandima Wednesday, 13 March 2024 03:45 AM

අයි.එම්.එෆ් කාරයෝ ඉන්නේ දොම්පේද බන් ?

:       1       6

උපාසක Wednesday, 13 March 2024 05:54 AM

බුද්ධ කාලයේ විශාඛා උපාසිකාව විවාහ කර දෙන අවස්ථාවේ එතුමියගේ පියාණන් ඇයට වැදගත් උපදෙස් කීපයක් දුන්නා .මම කියනවා විනායකට ඒවා සොයාගෙන කියවා තේරුම් ගන්න කියලා. රටේ ප්‍රශ්න තියෙනවා නම් ඒවා බුදුහාමුදුරුවෝ අනුදැන වදාරා තියෙන ආකාරයට සප්ත අපරිහානීය ධර්ම අනුව කටයුතු කර විසදාගන්න කටයුතු කරන්න ඕන .එහෙම නැතුව පුද්ගලික ලාභ ප්‍රයෝජන සදහා කටයුතු කලාම රටේ අනාගතය විනාශ වීමට හේතුවක් වෙනවා .ඒ නිසා මතක් කරන්න කැමතියි ලෝකයාට කේලම් කියලා රට විනාශ කරන්න එපා කියලා

:       1       2

pj Wednesday, 13 March 2024 06:03 AM

ඔබතුමාගෙ සැබෑ තත්ත්වය පළමුව කියන්න. ඊට පසුව ඕන දෙයක්.

:       1       5

ඔබේ අදහස් එවන්න

දියත

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 126 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 3 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 432 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 190 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 366 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 779 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38590 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site