(නිමල කොඩිතුවක්කු)
රටේ සම්පත් තමන්ගේ පුද්ගලික දේපල සේ සලකමින් කුණු කොල්ලෙට විකුණා දමන කාඩ්බෝඩ් දේශප්‍රේමීන්ට එරෙහි සෞඛ්‍යමය සහ නිරෝධායන නීති රීති වලට අනුගතව මහපාරෙ අරගලය ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ආණ්ඩුවේ දේශීය සම්පත් විකිණීමට එරෙහිව සියලු බලවේග හා එක්ව මහජන පවුරක් සේ ගොඩනැගෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
ආණ්ඩුව මැතිවරණයට පෙර ඉදිරිපත් කරනු ලැබූ සෞභාග්‍යයේ දැක්ම කීතු කීතු වලට ඉරා දමමින් ඒ වෙනුවට මහා පාවාදීමේ දැක්ම ක්‍රියාත්මක කරමින් සිටින බවත් පානම දී පැවති විපක්ෂයෙන් හුස්මක් වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
ආණ්ඩුව හොර රහසේම කෙරවලපිටිය යුගදනවි බලාගාරය කුණු කොල්ලෙට විකුණා දමමින් මෑත ඉතිහාසයේ මහා පාවාදීම සිදු කළ බවද ඔහු සඳහන් කළේය.
ආණ්ඩුව අද වනවිට සිය ජනවරම වීසි කොට පෞද්ගලික කොමිස් ජාවාරම් ක්‍රියාත්මක කිරීම උදෙසා රටේ සම්පත් කුණුකොල්ලෙට විකුණමින් සිටින බවත් ආණ්ඩුවේ දේශද්‍රෝහී ප්‍රෝඩාව ඒ හරහා මනාව දැක ගත හැකි බවත් ඒ මහතා පැවසීය.
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘රටේ සම්පත් විකිණීමට එරෙහිව මහපාරේ අරගලය අරඹනවා’
විජේ Sunday, 26 September 2021 11:41 AM
පිය උරුමයෙන් දේශපාලනය වගේම මොලයත් උරුම වී ඇති හැටි පුදුමයි.
siripalaSunday, 26 September 2021 06:10 PM
රටේ සම්පත් විකිණීමට එරෙහිව මහපාරේ අරගලය අරඹා යළිත් ආණ්ඩු ලබාගැනීමට පෙර ඔබලාගේ විකල්පය (ගෑස් සහ විදුලිය පිළිබඳව) රටට හෙළිකරන්න. විසඳුම් නොමැතිව මහපාරේ අරගල කර ජනතාව රවටා දේශපාලන බලය ලබාගත් යුගය අවසන් වෙමින් තිබෙන බවත් හොඳින් අවබෝධ කරගන්න. සජිත් අරගලය ප්‍රශ්නයට විසඳුමක් නොවන බව වසර 20ක් ක්‍රියාකාරී දේශපාලනයේ යෙදී සිටි ඔබට නොතේරීමම ඔබ අසමත් සහ නායකත්වයට නුසුදුස්සක් බවට ඔබ විසින්ම පසක් කර ඇත...
RaveendraSunday, 26 September 2021 09:30 PM
ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. මේ අහම්බෙන් ලැබුණු විපක්ෂේ හරියට කටුස්සට රත්තරන් ලැබුනා ලෙසය. ලෝකයම උඩු යටිකුරුවී තිබෙන මොහොතක අප රටද ඒ වියසනයට ගොදුරුවී තිබෙන මොහොතක සියල්ලෝම පක්ෂබෙදයකින් තොරව එකාමෙන් වැඩකලයුතු මොහොතක මොනාද මේ කරන්නේ.
p.d goonawardena Sunday, 26 September 2021 11:43 AM
පොඩක් රටට හොද අතට හැරෙද්දි ඉනන බෑ කට්ටියට
පිටිගල මිලානෝ Sunday, 26 September 2021 11:58 AM
කිසි වැදගත් කමක් නැ
IndunilSunday, 26 September 2021 04:50 PM
කොමෙන්ට් දාන එකද ජොබ් එක?
Shantha - Qatar Sunday, 26 September 2021 12:03 PM
අනේ මහතතයො මිනිසුන්ට පාන් කියාගනන බැ ඔය කරන අරගලයක් ඔයා තනියෙන් කරගනන
Raveendra Sunday, 26 September 2021 12:12 PM
සම්පත් ගැන කියමින් උද්ගෝෂණය කරන්නේ... මොන රෝගය බෝවුණත් මට වැඩක් නැතේ... විපක්ෂ පට්ටියේ යනු සැම දෙයට විරුද්ධනේ... රට අස්ථාවර කෙරුම අපේ මූලික අරමුණනේ...
Raveendra Sunday, 26 September 2021 12:23 PM
සජී මලය මේ "තටමන්නේ" මහජනතාව ඉදිරියට ගෙන බිල්ලක් ගැනුම මතින් ගොඩයන්න නේද මල්ලියේ..? කොවිඩ් 4 වෙනි රැල්ලද, 5වෙනි රැල්ලද, 6ද, 7ද අපිට අදාළ නැත. බොහොම හොඳයි... සජි මල්ලියා විසින්ම එහි ප්‍රතිඵල නෙලාගනු නියතයි. කිසිවෙකු රටට, සමාජයට යහපත් වැඩක් කරන්නේ නම් ඔහු හෝ ඇය තමන්ගේ ජීවිතයට හොඳ ප්‍රතිඵල ලබාගනු නියතයි. "බුද්ධියෙන් හීන" මිනිසුන්ව රැවටීමට ඉතාමත්ම පහසුයි. අපේ මේ පුතාණෝටද සිදුවී ඇත්තේ එය බව කණගාටුවෙන් සඳහන් කරන්නෙමු...
gagana Sunday, 26 September 2021 01:38 PM
කව්ද හලෝ විකුණන්නේ? විකුණනවා කියනෙකයි, ආයෝජනය කියනෙකයි අතර වෙනස ගැන මෙලෝ අදහසක් නැති මොට්ට දේශපාලුවන් කොතරම් මේ රටේ ඉන්නවාද? 49-51 (බලය රට තුළ) වැනි ක්‍රම වේදයකින් සමහර දැවැන්ත ව්‍යාපෘති බලගන්වන්න බැරි නම් මේවාට මුදල් යොදන්නේ ඔහේගේ අංකල්ද?
fairoos Sunday, 26 September 2021 01:43 PM
මේ ගොල්ල කරන්නේ හැම ඒකටම දොස් කියන ඒකවිතරයි
amila Sunday, 26 September 2021 01:48 PM
ඊ ලගට ජනාධිපති වෙන්නේ මෙයා කියලා දැනගතතම ඔයාලට මොකද හිතෙන්නේ
RaveendraSunday, 26 September 2021 02:31 PM
පැරණි කියමනක් තිබෙනවා නුවනක්කාරයන් පය නොතබන තැන්වල "උගත් බුද්ධිමතින්" සමර් සෝල්ට් ගහනවා කියල. ඉතින් මේ උගත් පුතානෝ තමයි දියවන්නාව පට්ටියේ ඊලග "මහ එකා."
චන්දන Sunday, 26 September 2021 02:18 PM
එහෙනම් අරගල පටන් ගන්න තිබුණේ ඡන්දෙ ඉල්ලන්නත් කලින් . දැං බොරුව ට රඟපානවා .
swene Sunday, 26 September 2021 02:59 PM
රවින්ද්‍ර කීවා හරියට හරි. 2019 සහ 2020 දීත් ඔය කියන බුද්ධියෙන් හීන අයව මුකරී කපටින් විසින් පහසුවෙන්ම රවට්ටනු ලැබුවා. අපේ අය මෙතරම්ම බුද්ධියෙන් හීනද කියලත් වෙලාවකට හිතෙනවා
Indunil Sunday, 26 September 2021 03:11 PM
හිතපු විදියට රට ඉන්දියාව වගේ කරගන්න බැරි වුණානේ... දැන් ඇරපු හැටියේ තව ට්‍රයි එකක් දීලා බලමු.
RaveendraSunday, 26 September 2021 04:26 PM
ඇත්තෙන්ම ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. කාරුණිකව මද්යස්තව සිතීමට උත්සහ කරමු.මුළු ලෝකෙම උඩු යටිකුරුවී ආතබුත නැති අවස්තාවක අප රටටද එයම සිදුවී තිබීම අරුමයක් නොවේ. එසේම මෙවන් අසීරු අවස්තාවක රටක විපක්ෂයේ නායකයාට තිබෙන කාර්යභාරය ඉතාමත්ම වගකීම් සහිත මෙන්ම සුළුපටු නොවෙන කාර්යකි.
සනත් ගමගේ Sunday, 26 September 2021 03:44 PM
හම්බන්තොට ජාත්‍යයන්තර වරාය චීනයට විකුණනකොට හම්බන්තොට ජනතාවගෙ ජන්දයෙන් පත් වූ මේ හාදය එතකොට මහපාරට බැස්ස හම්බන්තොට තරුණයො ස්වාමීන් වහන්සේලා කුදලාගෙන ගිහිල්ල දින 52 ක් සිරගත කලේ කවුරු අතේ බලය තිබෙනකොටද බොලේ
sugath Sunday, 26 September 2021 04:32 PM
හම්බන්තොට වරාය චීනයට විකිණීමට විරුද්ධවත් බැනර් එකක් ඔය අරගලයේ තියෙනවද?
කරෝලිස් අයියා Sunday, 26 September 2021 06:19 PM
තමුන්නැහේ පාරිලිමේන්තුවට යැවිවේ අපිට පාර්ලිමේන්තුවට ගිහින් හරියට වැඩක් කරගන්න බැරි නිසා මිස පාරේ දඟලන්න නොවෙයි. පාර්ලිමේන්තුවේ වැඩක් කරගන්න බැරි නම් ඊළඟ වතාවේ නොඉල්ලා සිටින්න.
පිටරැටියා Sunday, 26 September 2021 06:49 PM
මහ පාරේ අරගල කරන එක වෙන්ඩැ මේ වෙලාවේ වැදගත්ම දේ? අනික අරගල කෙරුවයි කියලා වැඩක් වෙන එකක් නැහැ.
Bamunuarachchi Sunday, 26 September 2021 07:05 PM
හලෝ මේ යුදගනව් බලාගාර යෝජනාව පළමුව ආවේ 2019 අවුරුද්දේ නේද? අවුරුදු 5 රට කරලා රටේ විදුලි බල ප්‍රමානය වැඩිකරන්න මොන බම්බුවක්ද හලෝ ඔහෙලා කෙරුවේ? සැම අවුරුද්දකම රටේ විදුලි ඉල්ලුම 5% වැඩිවෙන බව ඔහේ නොදන්නවාට අපි දන්නවා.
raheem Sunday, 26 September 2021 07:31 PM
යන්තම් කොරෝනා අඩුවේගෙන යන වෙලාවේ මෙයා මේ තව කොවිඩ් රැල්ලක් හදන්න යන්නේ
swene Sunday, 26 September 2021 10:58 PM
අපේ දේශපාලකයෝ ඔක්කොම වාගේ එකයි. තමන් වැරැද්ද කරනකොට, එය නිවැරදියි. අනුන් හරිදේ කරන කොට එය වැරදියි. දියවන්නාවේ බොහොමයක් විශේෂයෙන් බහුතරය සිටින පක්ෂවලත් ඔය ටිකම තමයි. 2015-19 කාලයේදී පාරේ කොච්චර දැඟලුවද? අද ඒ අය හ්ම් නෑ. ආන්ඩුව කරන හැම දෙයක්ම හරි නිසා වෙන්න ඇති.
Bamunuarachchi Monday, 27 September 2021 07:29 AM
ඔය කතාකොරන්නේ යුදගනාව බලාගාරය ගැනනම් ඔය යෝජනාව පළමුව ආවේ 2019 නේද? ඔබලාට ආව යෝජනාව මේ ආණ්ඩුව ක්රීයාත්මක කරනවානම් එම යෝජනාවේ හොඳ පැත්තක් තිබෙන බව පෙනෙන්නේ නැද්ද?