IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘රට සුවපත් කරන්න එක්වන්න‘

(අංජුල මහික වීරරත්න)

ජාති, ආගම්, කුල භේද මෙන්ම පක්ෂ පාට නොතකා එකාවන්ව එක්ව, ගොඩනඟමින් ඇති රට සුවපත් කරන්නට අප සැවොම පෙළ ගැසිය යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා වෙසක් දිනය නිමිත්තෙන් ප්‍රකාශයක් කරමින් පැවසීය.

ලිච්ඡවි රාජ ධර්මය ඒ සඳහා  මග පෙන්වන බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.

වෛශාඛ්‍ය මංගල්‍යය යනු සම්බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය, සම්බුද්ධත්වය සහ පරිනිර්වාණය අනුස්මරණය කරන ලෝක බෞද්ධ ජනතාවගේ පූජනීය දිනයකි. ආමිස පූජා මෙන්ම ප්‍රතිපත්ති පූජාවන්ට මුලිකත්වය දෙමින් ශ්‍රී ලාංකේය ජනතාව මෙන්ම දෙස් විදෙස් බෞද්ධ සිව්වනක් පිරිස ඉතා බැතියෙන් වෛශ්‍යාඛ්‍ය මංගල්‍යය සමරනු ලබන්නේ එය සම්බුද්ධ පූජාවක් ලෙස සළකමිනි.

බුද්ධත්වය උදෙසා බුදුන් වහන්සේ තුළ තිබූ සම්මා වීර්යය, අප සැවොම මේ අසීරු මොහොතේ රටක් ලෙස ඇති කර ගත යුත්තේ ‘යහපත් හෙට දිනක් වෙනුවෙන් අද දවස කැප කිරීමට “මත්තාසුඛ පරිච්චගා - පස්සෙ චෙ විපුලං සුඛං” ලෙස කර ඇති බුද්ධ දේශනාව පදනම් කර ගෙනය. 

“සබ්බත්ථ සම්මානසො” සියල්ලන්ට සමානව සැලකීමේ සමානාත්මතා සම්බුද්ධෝපදේශනය අද දින අප සිහි කළ යුතුවාක් මෙන්ම රටක් ලෙස එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට වග බලා ගැනීම ද මේ වෙසක් දා බුදුන් උදෙසා පිදිය හැකි මහඟු බුද්ධ පූජාව වන්නේය. 

සීඝ්‍ර ලෙස භෞතිකව සංවර්ධනය කරා පිය මනින ලෝකය තුළ ආකල්පමය සංවර්ධනයකින් යුත් ආධ්‍යාත්මික ආචාරශීලි ‘මිනිසකු‘ නිර්මාණය කර ගැනීමට මේ වෛශාඛ්‍ය මංගල්‍ය යේ ඇති කර ගත යුතු ප්‍රමුඛතම අරමුණ බව සිහිපත් කරමින්  සැමට පිංබර වෙසක් මංගල්‍යයකට සුභාශිංසන එක් කරමි. 

 

 

 



අදහස් (15)

‘රට සුවපත් කරන්න එක්වන්න‘

NAMAL Thursday, 23 May 2024 10:13 AM

ඡන්දයෙන් පැරදිලා ලැජ්ජ නැතිව ජාතික ලැස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගපු උන් දෙන ටෝක් දැක්කම කොහෙන් හිනා වෙන්නද තේරෙන්නේ නෑ . 6 , 7 පාරක් අගමැති වෙලා ඉන්නකාලේ රට තව අගාදයට දැම්මා . පාස්කු ප්‍රහරය වෙනකොට රටේ අගමැති . දැන් IMF ලෝන් එකයි , සංචාරක කර්මාන්තයි , පිටරට ඉන්න උදවියයි යවන මුදල් වලින් රට ගොඩ යනවා මිසක් මේ උන්දැලා කරපු _බ්බක් නෑ . වහල් මෝඩයින් චුන් උනාට සමස්ත රටේ උදවිය දන්නවා සත්‍ය .

:       7       35

NAMAL Thursday, 23 May 2024 10:14 AM

තමුන්ට පුළුවන් නං මහා බැංකු හොරුන් වත් ,පැන්ඩෝරා පේපර්ස් වල ආපු අනුපමා රාජපක්ෂ , තීරු නඩේසන් මතක ද ?පැන්ඩෝරා වල ආපු අනුපමා රාජපක්ෂගේ ඩොලර් මිලියන 4000 ගැනත් රටට හෙළි කරලා , එක්ප්‍රෙස් පර්ල් නව්කාවේ වන්දියට මොනවද උනේ කියලත් රට හෙළි කරලා ඊට දඩුවම් දුන්නොත් මාත් චන්දය දෙන්නම් තමුන්ටම .

:       6       32

ranjith Thursday, 23 May 2024 10:34 AM

හොද යෝජනාවක් ඡන්දෙන් පසුව දිනන නායකයාට කවුරුත් සහයෝගය ⁣දිලා රට දියුණු කරන්න

:       2       10

ලුම්බිණි Thursday, 23 May 2024 10:35 AM

පෝය දවසේ විහිලු කරන්න එපා අනේ.

:       1       14

Anura Thursday, 23 May 2024 10:59 AM

බටලන්ද වදකයොත් පෝය දවසට බන කියන රටක් මේක

:       2       13

Hafeel Thursday, 23 May 2024 11:24 AM

මෙයා කොච්චර පුන පුනා එක්වන්න එක්වන්න කියල කිව්වට, රටේ ජනතාව කැමති නැහැ මෙයාට බලය දෙන්නවත්, මෙයාත් එක්ක එක්වන්නවත්. පාර්ලිමේන්තුවට ආපු වෙලාවත් මෙයා මෙහම එක්වන්න එක්වන්න කියල කිව්වට, අද වනතුරු එක මන්ත්‍රී කෙනක්වත් ගන්න බැරි වෙලා ඉන්නේ. එදා ගිය අර බැලූන් ඇමති සහ සැමදාම එහෙන් මෙහෙන් පනින මනුෂත් හැර කිසි කෙනක් ගිය නැහැ.

:       1       9

Rata Perata Thursday, 23 May 2024 12:02 PM

ඇත්තටම මේ මනුස්සයාට පිස්සුද? කිසිම හැගිමක් දැනිමක් නැති පුද්ගලයෙක්... ඡන්ද පැරදිලා මන්ත්‍රී කෙනෙක්වත් වෙන්න බැරි වෙලා අවුරුදු 40ගානක් බලයේ ඉදලා රට බං⁣කොලොත් කියලා.. ආයෙත් එකතු වෙන්නලු

:       2       13

DHARMATILEKE Thursday, 23 May 2024 12:43 PM

සුවපත් කරන්නේ කවුද? ලෙඩ කෙරුවේ කියලා කියන්න ඔබ තුමන් හරම වේලේම මග අරිනවා

:       1       12

siri Thursday, 23 May 2024 12:45 PM

මැතිවරණයේ දි ජනතාව රට ගොඩ ගන්න පුළුවන කණ්ඩායමකට දේවි..ඔබත් එම අයට සහය දෙන්න

:       1       13

විතාන Thursday, 23 May 2024 12:49 PM

බටලන්දෙදි සුවපත් කරපු කෙරිල්ලට හැට දහසක් අම්මාවරුන්ගෙ කදුලු වලට නුඹට අවීචි මහා නරකාදියේ දොරටු ඇරිලයි තියෙන්නෙ. ජේ ආර්, ප්‍රේමේ, රන්ජන්, කුරේ වගේ අය ලෝ දිය බිබී බලන් ඉන්නෙ පිලිගන්න.

:       1       13

PATTA hora Thursday, 23 May 2024 01:09 PM

පිනා හිතන්නේ ලංකාවේ ඉන්නේ 2022න් පස්සේ ඉපදුන උන් විතරක් කියලා. අපිට ඉහත පමනක් නෙවෙයි මෑත අතීතයත් මතකයි. බටලන්ද, අධ්‍යාපනය ධවල පත්‍රිකාව, මහ බැංකු මංකොල්ලය විතරක් නෙමෙයි පක්ෂෙ කිසිම එකෙක් මහජනයා තෝරා නොගත්, නමුත් පිනට හම්බ වුන ආසනයත් කාටවත් නොදී අවුරුදු 2 1/2 ක් තියාගෙන ඉදන්, පොහොට්ටු පූට්ටුව නිසා පිං ජනාධිපති වෙලා රට උලා කාලා ඉන්න බවත් මතකයි. රටේ ආර්ථිකය හකුලුවා , මිලදී ගැනීමේ ශක්තිය නැතිකරලා , ගත්ත ණය නොගෙවා රටේ දියුණුව ගැන පාරම් බානවා.

:       1       14

ashok Thursday, 23 May 2024 02:56 PM

වෙසක් පෝය දවසෙවත් අත්හැරීම පුරුදු වෙන්න දශක ගණනක් ඔබලා මහජන මුදලින් වරප්‍රසාද භුක්ති වින්දනේ... අනාගතේ රට තොහොමත් සුවපත් වේවි. මිනිස්සු වෙනදාට වඩා අද බුද්ධිමත්...

:       1       0

චතුරි Thursday, 23 May 2024 03:07 PM

ලංකාව සුවපත් කරන්න එක්වෙන්න. ඒකට තමයි ජනතාව ලෑස්ති වෙන්නේ... රටට කිසි හෙනයක් නැහැ. මන්ද මානසික පිස්සන් ටිකක් රට පාලනය කරන්නේ. ඔවුන්ට පිස්සු. ජනතාවයි දේශයයි හොඳ සිහියෙන් ඉන්නවා... බුදුපියාණන්ගේ නම භාවිතා කරලා හොඳ නරක කියලා දුන්නා කියලා වැඩක් නැහැ... හරි අනුකම්පාවෙන් කතා කරන්නේ. ඔය ජනතාවට ගහන කඳුළු ගෑස්. බැරිද නඩේ එකතුවෙන තැනක් බලලා ඔවුන්ටත් ගහන්න... මහ ලොකු උගතා. බේබද්දෙක් ඉන්න ගෙයක් වගේ... රට දැන් ඔවුන්ට බොන්න සල්ලි නැති වුණාම ගෙදර තියෙන බඩු සේරම විකුණනවා. ඊට පස්සේ පොලියටත් සල්ලි අරන් යාලුවෝ එක්ක විනෝද වෙනවා. තමුන් කරන්නේත් ඒක රට විකුණලා නඩේට සුරසැප දෙනවා. ඔවුන්ගේ සැපට ජනතාවට බදු ගහනවා. මෙදා සැරේ ගෙදර ඉන්නේ දවසයි. ඊට පස්සේ දවසම උසාවියේ. ඊටපස්සේ කුඩුවේ යාලුවොත් එක්ක. හොර නඩේ. හිතන් ඉන්නේ ජනතාව හරි මෝඩයි. ටිකක් ඉවසීමෙන් ඉඳලා බලේ අර ගන්න පුළුවන් කියලා. ඉරාන ජනපති එක දවසකට ලංකාවට ආවා කියලා. මැරුණු ගමන් ශෝක දිනයක් කෙරුවා. මොවුන්ට තියෙන්නේ පිස්සුවේ හොඳම එක... මොවුන්ගේ කෙරුවාව මේ විදියට ලියලා වැඩක් නැහැ.. චිත්‍රපටියක් ගහන්න ඕනෑ..

:       1       0

nandana Thursday, 23 May 2024 03:27 PM

දශක ගණනාවක් රට ලෙඩ කරපු අයම රට සුවපත් කරන්න කතා කිරීම විහිළුවක්...

:       1       0

මොහාන් Friday, 24 May 2024 11:23 AM

පිනට පාත් වුණු අය...!

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1109 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


අතීත දොස් හොයනවට වඩා වගකීම ඉටු කරන්න
2024 සැප්තැම්බර් මස 28 10 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 752 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1149 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 842 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 507 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site