IMG-LOGO

2025 මාර්තු මස 24 වන සඳුදා


රට සවාරිවලට හිතුමතේ සල්ලි අරන්: මැතිසබේ ප්‍රොටොකෝල් අංශය පීරයි



(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා සහ  සන්ධානගත  (Foreign Relations and protocol) කාර්යාලයේ පසුගිය වසර දහයේදී සිදුවී ඇතැයි පැවසෙන බරපතළ   මූල්‍ය වංචා සම්බන්ධයෙන් එහි මූල්‍ය අධ්‍යක්ෂ ජී. සරත් කුමාර මහතා විසින්ද විමර්ශනයක් අරඹනු ලැබ ඇත.

මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ කතානායක  වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් අනුවය.

මෙම කාර්යාලයේ සියලුම ගිණුම් සහ වියදම් කාලයක සිට නිශ්චිත විගණනයකට ලක්වී  නොතිබූ  බව කතානායකවරයාට තොරතුරු අනාවරණය වීමෙන් පසු එහි සියලු කටයුතු රජයේ විගණකාධිපතිවරයා යටතට පත් කිරීමට කතානායකවරයා පසුගියදා පියවර ගත්තේය.

පාර්ලිමේන්තුවේ හිටපු නිලධාරීන් කීපදෙනකු විදේශ සංචාරවලදී මෙහි විදේශ මුදල්(ඩොලර්) අයථා ලෙස පාවිච්චි කර ඇති බවට ලැබී ඇති තොරතුරක්  සම්බන්ධයෙන්ද කතානායකවරයාගේ අවධානය යොමුවී ඇත.

එසේම එම  අංශයේ වාහන පාවිච්චිය සම්බන්ධයෙන්ද චෝදනා  එල්ලවී ඇත. ඒ පිළිබඳවද විගණන කණ්ඩායම්වල අවධානය යොමු වී ඇත.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මූල්‍ය අංශයේ නිලධාරියකුගෙන් ඊයේ  අප කළ විමසුමකදී ඔහු  පැවසුවේ මූල්‍ය අධ්‍යක්ෂවරයා  විදේශ සබඳතා අංශයේ  පසුගිය කටයුතු කිහිපයක් ගැන මේ දිනවල පුළුල්ව සොයා බලාගෙන යන බවයි.

මේ අතර පාර්ලිමේන්තුවේ මුදල් අක්‍රමිකතා ඇති වීමට ඉඩ ඇති මාර්ග වසා දැමීමට කතානායකවරයා උපදෙස්දී ඇත.



අදහස් (4)

රට සවාරිවලට හිතුමතේ සල්ලි අරන්: මැතිසබේ ප්‍රොටොකෝල් අංශය පීරයි

හසක Thursday, 20 March 2025 10:45 AM

මේ වරප්‍රසාද නැතිවෙනවට මේ අවභාවිතා කාරයෝ අකමැතියි. ඉතින් උන්ට පුළුවන් හැමදේම කරනවා මේ තියෙන ක්‍රමය රැකගන්න.

:       2       30

ddsThursday, 20 March 2025 12:07 PM

ඔය දේවල් මොනතරම් පෞද්ගලික මත (opinions) නැතුව කරුණු (facts) එක්ක කිව්වත් පිලිගන්න අකමැති, නැත්නම් නොතේරෙන අය ඉන්නවා. ඒ මිනිස්සුන්ට ඒ දේවල් කියලා, වාදකරගෙන වැඩක් නැහැ, ඒ අයටම අවබෝධ වෙනකන්.

:       2       12

බකල ජයා Thursday, 20 March 2025 10:54 AM

මූල්‍ය අධ්‍යක්‍ෂක නොදැනුවත්ව මේක වෙන්න පුළුවන් කියන එක උපරිම හොඳටම පිලිගන්න වෙනවා. මම පුදුම මෝඩයෙක්. පරීක්ෂණය කරන්නෙත් එයාමයි. තවත් හොඳයි. හරිම සාධාරණව, අපක්ෂපාතීව වැඩේ වෙයි. අනේ මං වගේ මෝඩයෙක්.

:       2       15

maalaka Friday, 21 March 2025 06:40 AM

මේ මුළු කාර්ය මණ්ඩලයම මාරු කරන්න .අලුතෙන් හිතන්න මේවා කාර්යක්ෂමව පවත්වා ගෙන යාමට

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

කෑම පාර්සලය දෙනතුරු දුම්රිය ප්‍රමාද කළ රියදුරු පරීක්‍ෂණයක්
2025 මාර්තු මස 24 366 0

කෑම පාර්සලය නියමිත වෙලාවට රියදුරු කුටියේ නොතැබීමට විරෝධය දක්වමින් කුරුණෑගල සිට කොළඹ කොටුව දක්වා ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය පසුගිය 22 වැනිදා වි


රැකියා කණ්ඩායම් දෙකක් අද ඊශ්‍රායලයට
2025 මාර්තු මස 24 158 0

ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ ආශ්‍රිත රැකියා (Renovation General Workers) සඳහා තෝරා ගත් දෙවැනි කණ්ඩායම අද (24) දිවයිනෙන් පිටත්


කොටස් වෙළෙඳපොළ කැපී පෙණෙන වර්ධනයක්
2025 මාර්තු මස 24 308 0

කොළඹ කොටස් වෙළෙඳපොළ කැපී පෙණෙන වර්ධනයක් ප්‍රදර්ශනය කරමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 33.28 ක් දක්වා අද (24) ඉහළ ගිය බව එම වෙළෙඳපොළේ උසස් නිලධාරියෙක් පැවසීය.


බහරේන් යන අයට එන්නතක් අනිවාර්ය කරයි
2025 මාර්තු මස 24 285 0

බහරේන් රාජ්‍යයට පැමිණෙන විදේශිය ශ්‍රමිකයන්ට මෙනින්ගොකොකල් රෝගය ඇතිවිම වලක්වීම සඳහා භාවිතා කරන Meningococcal vaccine එන්නත්කරණය අනිවාර්යය කර ඇති බව එරට සෞඛ්‍ය අම


නව කම්කරු කොමසාරිස් වැඩ බාර ගනී
2025 මාර්තු මස 24 565 0

නව කම්කරු කොමසාරිස් ජනරාල් ලෙස පත් කෙරුණු නදීකා වටලියද්ද මහත්මිය නාරාහේන්පිට - මෙහෙවර පියස ගොඩනැගිල්ලේ පිහිටි කම්කරු දෙපාර්තමේන්තුවේදී අද වැඩ බාර ගත


පාරිභෝගික අධිකාරිය විශේෂ මෙහෙයුමක්
2025 මාර්තු මස 24 150 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කරන බවත් එම විශේෂ වැඩසටහන අප්‍


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 234 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 567 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1209 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site