IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


රට හදන්න ජනතා අංශයකුත් පිහිටුවනවා

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශයට අමතරව ජනතා අංශයක් ද ඇති කර ජනතාව ආර්ථික වශයෙන් නඟා සිටුවීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එම ජනතා අංශයේ ධාවකයා බවට සමූපකාර ව්‍යාපාරය පත් වන බව කී ජනාධිපතිවරයා  ඒ වෙනුවෙන් ස්වාධීන හා ශක්තිමත් සමුපකාර ව්‍යාපාරයක් ගොඩ නගන බව පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි  සමුපකාර ව්‍යාපාරයේ ඉදිරි ගමන් මඟ පිළිබඳ සාකච්ඡා කිරීමට කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ පැවති හමුව අමතමිනි. 

සමූපකාර ව්‍යාපාරයේ අභිවෘද්ධිය වෙනුවෙන් ගත යුතු පියවර පිළිබඳ අදහස් හා යෝජනා ඇතුළත් යෝජනාවලියක් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

එසේම සමූපකාර සංවර්ධන උසස් පෙළ පාඨමාලාව (NVQ) හදාරනු ලැබුවන්ට සහතික පත් ප්‍රදානයද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි. 



අදහස් (6)

රට හදන්න ජනතා අංශයකුත් පිහිටුවනවා

Kumara Friday, 09 August 2024 01:18 PM

මේක රාජ්‍ය සේවක හමුවක්ද? මැතිවරණ රැළියක්ද​? රාජ්‍ය බලය පාවිච්චි කරලා දේශපාලනය කරපු අයට ඉතිහාසයේ ජනතාව පාඩම් උගන්නලා තිබෙනවා.

:       9       48

ගමේ එකාලා Friday, 09 August 2024 01:54 PM

අවුරුදු 45 ක් දේශපාලනේ කෙරුවා. දැනුයි මොලේ පෑදීගෙන එන්නේ. විකාර කියවනවා...

:       7       30

මාළු මාම Friday, 09 August 2024 04:29 PM

ඔයා කියන ඔය අවුරුදු 45න් කීයක් රනිල් ජනාධිපති වෙලා හිටියාද?

:       6       4

sunanda Friday, 09 August 2024 02:56 PM

සාහිත්‍ය රසයෙන් අනූන කතා කියන්න එපා. ප්‍රතිපත්ති ගැන කතා කරන්න. ජනාධිපති වුනොත් කියන්න එපා ඉන්දියාවට පාලම් හදන්න, නළ එලන්න, කම්බි අදින්න, විකුණන්න වරමක් ලැබුණා කියලා. එහෙම දේවල්වලට වරමක් අවශ්‍ය නම් ප්‍රසිද්ධියේ කතා කරන්න ඒවා ගැන...!

:       1       9

tm.wickramarathne Friday, 09 August 2024 04:53 PM

ඔය ඉන්න අය වැඩි දෙනෙක් මාලිමාවට...!

:       4       8

පොඩිඑකා Friday, 09 August 2024 06:55 PM

සමුපකාරෙ විනාස කලේ ඔයාලාම තමයි ගොයියෝ. බොරු නම් රවීගෙන් අහලා බලන්න...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 0 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 886 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 857 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 696 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 6857 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 2145 3

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34212 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23983 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 154 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 480 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 216 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site