IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


රටේ හැම පුරවැසියෙක්ම ලක්ෂ 13ක ණයකරුවෙක්

(සුජිත් හේවාජුලිගේ)

රජය මෙතෙක් ලබාගෙන ඇති ණය හේතුවෙන් රටේ සෑම පුද්ගලයකුම  රුපියල් දහතුන් ලක්ෂ තිස් හය දහස් නව සිය හතළිස්  දෙකක (1336942) ණයකරුවකුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

මේ අතර රජය මේ දක්වා ලබාගෙන ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් කෝටි විසි නව ලක්ෂ අසූ  පන් දහස් හය  සියයක්  බවද ඔහු  සඳහන් කළේය.

රජය මේ වසරේ මුල් මාස පහේදී භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර මගින් රුපියල් කෝටි දෙලක්ෂ  අසූ හය දහස් නව සිය පනස් දෙකක්  ලබාගෙන ඇතැයි  මහ බැංකු වාර්තාවල සඳහන් වන බව පැවසූ මහාචාර්යවරයා භාණ්ඩාගාර බිල්පත් මගින් රුපියල් කෝටි දෙලක්ෂ හැට හතර දහස් අට සිය එකොළහක්ද භාණ්ඩාගාර බැඳුම්කරවලින් රුපියල් කෝටි විසිදෙදහස් එකසිය හතළිස්  එකක්ද  ලබාගෙන ඇතැයි ප්‍රකාශ කළේය.

මේ අතර භාණ්ඩාගාර බිල්පත් වලින් ලබාගෙන ඇති ණයවල වාර්ෂික වැඩිවීම( 2022 වසර වනවිට)  සියයට අසූ එකක් දක්වා ඉහළ ගොස් ඇති බවත් බැඳුම්කර වලින් ලබාගෙන ඇති ණයවල වර්ධනය සියයට 25 ක් බවත් ඔහු කීවේය.

දේශීය ණය බර දිනකට රුපියල් කෝටි එකසිය හතකින් පමණ  ඉහළ ගොස් ඇතැයිද  මහ බැංකු වාර්තාව පෙන්වා දෙන බව වසන්ත අතුකෝරළ මහතා පැවසීය.

පසුගිය අවුරුදු පහ තුළ පමණක් රටේ දේශීය ණය ප්‍රමාණය සියයට සියයට 150 කින් වැඩිවී ඇතැයි  පවසන මහාචාර්යවරයා මේ අනුව භාණ්ඩාගාර බිල්පත් ණය සියයට  450කින් වැඩිවී ඇතැයිද ප්‍රකාශ කළේය.

එසේම බැඳුම්කර ණය  සියයට 110 කින් වැඩිවී ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

කෙටිකාලීන භාණ්ඩාගාර බිල්පත් ණය කල් පිරීම හේතුවෙන්  මේ ණය  ලබාගෙන ඒ ණය  ගෙවීමට සිදුව ඇති බවත් මේ හේතුවෙන්  දේශීය ණය සම්බන්ධයෙන් දැඩි අස්ථායි තත්වයක් නිර්මාණයවී ඇති බවත්  ඔහු  පෙන්වා දුන්නේය.



අදහස් (5)

රටේ හැම පුරවැසියෙක්ම ලක්ෂ 13ක ණයකරුවෙක්

විපරමා Saturday, 20 May 2023 11:38 AM

රටම හොරාකාලා විනාශ කරපු කාලකන්නි, දූෂිත දේශපාලුවන් තමයි මේවාට වගකියන්න ඕනේ...

:       0       10

DilucSaturday, 20 May 2023 02:55 PM

ඇයි ඔවුන්ව තෝරලා ඇරපු ජනතාව...

:       0       1

Gunapala Ayya Saturday, 20 May 2023 04:37 PM

තව ටික දවසකින් පාන් මිල අඩු කරාවි..., පරිප්පු මිලත් අඩු කරාවි.., සහනාධාර වැඩිකරාවි... ආයිත් මෙයාලාම පත්කරලා යවන්න. එතකොට තමයි ඔයාලගේ ළමයින්ටත් හොඳ අනාගතයක් හැදෙන්නේ...

:       0       4

ගමේ එකාලා Saturday, 20 May 2023 05:12 PM

දූෂිත පවුල් පාලනේ අය කරපු දේවල්වල ප්‍රතිඵල තමයි. මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය, සුනාමි ආධාර ගසා කෑම, එකෙක් රොකට් යැව්වා, තවත් එකෙක් කාර් රේස් තිබ්බා. කොහෙවත් ඉන්න සල්මන් ඛාන් කෙනෙක් ගෙන්නුවා.. මහින්ද බල තණ්හාවෙන් පිස්සු වැටිලා අරලියගහ මන්දිරයේ දන්සැල් පාටි දැම්මා. ඩොලර් උගන්ඩාවට පැටෙව්වා. ලෝකෙටම පේන්න නැව් එන්නේ නැති වරාය, ගුවන් තොටුපොළ, නෙළුම් කුළුණ හදලා ඉන්න අය හොඳටම ගසා කෑවා. නූපන් දරුවන් ලෝකෙටම ණයකාරයින් කරපු දූෂිත දේශපාලුවන්ට සාපවෙනවා.. රටට කරපු විනාශයට...

:       0       4

සාකැස්ටික් Saturday, 20 May 2023 09:25 PM

ඔබත් අදම දේශපාලනයට යොමු වන්න. ඉන් ඔබේත් දරුවන්ගේත් අනාගතය සුරක්ෂිත හා සැපදායී වනු ඇත..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

විශ්ව රූ රැජින ඩෙන්මාර්කයට
2024 නොවැම්බර් මස 18 2 0

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද


නව කැබිනට්ටුවේ මහාචාර්යවරු පහක්
2024 නොවැම්බර් මස 18 7 0

ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.


චිත්‍රපට අධ්‍යක්ෂ තේජා ඉද්දමල්ගොඩ දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 18 13 0

චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය


රත්වත්තේ යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 18 59 0

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශෂිපබා රත්වත්තේ මහත්මිය මෙම මස 22 වැනි දින දක



රවීගේ නම යැවීම අත්තනෝමතික වැඩක්
2024 නොවැම්බර් මස 18 437 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ


වැඩි දෙනා කියවූ පුවත්




අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 18880 21

රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18828 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 356 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 634 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1815 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site