IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


රණවිරු ගැටලුවලට විසඳුම්

(ඩයනා උදයංගනී)

ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් ගෙවනු ලබන වැටුප් සහ දීමනා ඔවුන් මිය ගිය පසු ඔවුන්ගෙන් යැපෙන්නන්ටත් දිවි ඇති තෙක් ලබාදීම වෙනුවෙන් අනුමැතිය ලබා ගැනීමට සකස් කළ කැබිනට් පත්‍රිකාව මේ වන විට ඇමති මණ්ඩලයට යොමු කර ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

මිය ගිය රණවිරුවන්ගෙන් යැපෙන්නන්ටත් එකී වැටුප් සහ දීමනා ජීවිතාන්තය දක්වා ලබා ගැනීමට ද මින් අවස්ථාව සැලසෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවති ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමතමිනි.

වත්මන් පාර්ලිමේන්තුව පත්වීමෙන් පසු උපදේශක කාරක සභාවේ ප්‍රථම රැස්වීම මෙය වේ.

මෙම කාරක සභාවේ සභාපති ධූරය හිමිවන්නේ විෂයභාර ඇමතිවරයා වන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාටය.  

රණවිරු පවුල්වල ඉල්ලීම ඉටු කරන බව සඳහන් කළ ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඒ සඳහා උද්ඝෝෂණ කිරීමේ අවශ්‍යතාවක් නැති බවත්, උද්ඝෝෂණ පිටුපස ඇත්තේ වෙනත් අරමුණක් බවත් කීවේය.වත්මන් රජය මින් පෙර කාලවලදී මෙන් උද්ඝෝෂණකරුවනට කිසිදු හිරිහැරයක් නොකළ බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

 



අදහස් (2)

රණවිරු ගැටලුවලට විසඳුම්

විපරමා Friday, 09 April 2021 08:26 AM

ඔය ටික කියන්න රණවිරුවන්ගේ බිරින්දෑවරු උද්ඝෝෂණ කරනකම්ම බලාගෙන හිටියේ අහවල් දේකටද? සෞභාග්‍යයේ දැක්ම අමතක වෙලාවත්ද?

:       12       24

ජයන්ත Friday, 09 April 2021 08:54 AM

උද්ඝෝෂකයින් විසිර ගියොත්, ඔය ටික ඔතැනින්ම ඉවරයි.

:       8       18

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති රුව 5000 ඔබ්බ වූ අලෙවි නියෝජිතයා මාට්ටු
2024 නොවැම්බර් මස 05 4 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000/= නෝට්ටුවක් ව්‍යාජව සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයකු අත්අඩං


තැපැල් ඡන්දය දෙන්න තවත් දින දෙකක්
2024 නොවැම්බර් මස 05 5 0

තැපැල් ඡන්දය සළකුණු කළ නොහැකි වූ රාජ්‍ය සේවකයන් සිටී නම් ලබන 7 සහ 8 දෙදින රාජකාරි කරන කාර්යාලයට අදාල දිස්ත්‍රිකකයේ තේරීම් භාර නිලධාරි කාර්යාලයේ තැපැල්


ගිණි අවි සමග විශ්‍රාමික සෙබලෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 05 39 0

කොළඹ විශේෂ කාර්ය බළකා මූලස්ථානයට ලද තොරතුරක් මත ඇඹිලිපිටිය, කොතලාවල හංදිය සීමාවේ ගෙවත්තක සඟවා තිබූ ටී. 56 වර්ගයේ ගිණි අවියක් ඇතුළු ආයුධ රැසක් සමග යුධ හම


පාසලට ඇතෙක් පනී
2024 නොවැම්බර් මස 05 66 0

ගලෙන්බිඳුණුවැව කහටගස්දිගිලිය කොට්ඨාසයේ පණ්ඩුලගම මහා විද්‍යාලයට පාසල් කාලයේ ඇතෙකූ පැමිණීම නිසා ගුරුවරුන් මෙන්ම පාසල් සිසු සිසුවියන් නොසන්සුන්කාරී


’’තෙල් මිල අඩු කරන්න පසුගිය රජයේ ගිවිසුම්වලින් බාධාවක් නෑ’’
2024 නොවැම්බර් මස 05 35 0

ලංකා ඛනිජ සංස්ථාව ඉන්ධන මිල තීරණය කිරීමේදී වෙනත් තරගකරුවෙක් හෝ ක්‍රියාකරුවෙක් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් සෙසු තරගකරුවන්ට අළෙවියෙන් හෝ මිලකර


බදුල්ල අනතුරේ රියැදුරුගෙ බලපත්‍රය අත්හිටුවලා
2024 නොවැම්බර් මස 05 228 0

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුවියන් දෙදෙනකුට මරු කැඳවමින් ඉකුත්දා බදුල්ලේදි සිදුවු මාරක රිය අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරුගේ රියදුරු බලපත්‍


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 412 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1314 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 695 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site