(අංජුල මහික වීරරත්න)
තිස් වසරක යුද්ධයේ දී දිවිපිදූ රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය පුද කිරීම සඳහා 14 වන ජාතික රණවිරු සැමරුම් උළෙල සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර ජාතික රණවිරු ස්මාරකය අසලදී අද (19) පස්වරුවේ පැවැත්විණි.
ආරක්ෂක අමාත්‍යංශය හා යුද හමුදා මූලස්ථානයේ සම්බන්ධීකරණයෙන් රණවිරු සේවා අධිකාරිය මෙම රණවිරු සැමරුම් උළෙල සංවිධාන කළේය.
සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රණවිරු සැමරුම් භූමියට පැමිණීමත් සමඟ සමරු උත්සවය ආරම්භ කෙරිණි.
ජාතික ගීය වාදනයෙන් පසු දිවි පිදු රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිහඬතාවක් ආරක්ෂා කොට ගෞරවාචාර පුද කෙරිණි.
බෞද්ධ ඇතුළු සර්ව ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව උත්සවයේ කටයුතු ආරම්භ වූ අතර රටේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කිරීමට ජීවිත පරිත්‍යාග කළ යුද, ගුවන් හා නාවික හමුදාවන්හි, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බලකායේ රණවිරුවන්ගේ මතකයන් හා වීරත්වය ඇගැයීම සඳහා රණ බෙර වාදනයක් ද පැවැත්විණි.
අනතුරුව ජනපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්වරු ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු හිටපු ත්‍රිවිධ හමුදාපතිවරු, රණවිරුවෝ සහ රණවිරු පවුල්වල සාමාජිකයෝ රණවිරු ස්මාරකය පාමුල මල් කළඹ තබා රණවිරුවන්ට උත්තමාචාරය පුද කළහ.
දශක තුනක කාලයක් පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කර අත්කරගත් යුද විජයග්‍රහණයට වසර 14ක් සපිරෙන අතර එම යුද්ධයේදී දිවි පිදූ යුද, ගුවන්, නාවික, පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකායේ රණවිරුවන් 28,619 දෙනෙක් මෙහිදී සැමරීමට ලක් කෙරිණි.27,000කට අධික ආබාධිත වූ රණවිරුවන්ටද මෙහිදී ජාතියේ ප්‍රණාමය පළ කළේය.
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රණ බිම මතක සමරයි- ලක් අහස යට
නිහාල් Friday, 19 May 2023 07:03 PM
ආගම බේරා ගැනීමේ ව්‍යාපෘතිය වගේම රට බේරාගැනීමේ සටන ඇරඹුණා... සැදැහැ සිතින් ඡන්දය ලබා දී සදාකාලික රැවටීම ළඟාකරගන්න...
මරණයFriday, 19 May 2023 07:28 PM
එක අතකට එහෙම හොඳයි. නොදන්න කයියන්ට ඡන්දෙ ලබාදී මරණය ළංකර ගන්නවාට වැඩියි...!
සමන් විමල් Friday, 19 May 2023 08:22 PM
මම හිතුවේ තොප්පිගල කැලෑවක් කියපු අයට විලි ලැජ්ජාවක් තිබුණද කියලා...?
සුපුන් Friday, 19 May 2023 09:28 PM
ඒ දවස්වල කිලිනොච්චි යනවා කියලා මැදවච්චි ගියේ. අලිමංකඩ යනවා කියලා පාමංකඩ ගියේ... තොප්පිගල කැලයක්... ඕනෑ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්...
Bamunuarachchi Monday, 22 May 2023 05:46 AM
මේ යුද්දය දිනන්න බැහැ කියලා ප්‍රබාකරන්ට උතුර නැගෙනහිර බාරදෙන්න ISGA ගිවිසුම සකස්කරපු එක කාටත් අමතක වෙලා වගේ? ගූගල් කරලා කියවන්න ISGA ගිවිසුම.