(ජේ.කේ.එල්. චාමින්ද)
රත්ගම සිරිසුමන විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ තිබු ප්ලාස්ටික් පුටු 92ක් සොරකම් කිරිම , සොරකම්කරණු ලැබු භාණ්ඩ බැහැර කිරිම හා ළග තබා ගැනිම සම්බන්දයෙන් ප්‍රධාන සැකකරු සමග කාන්තාවන් 07 දෙනෙකු ඇතුළු 09 දෙනෙකු අත්අඩංගුවට ගත් බැව් රත්ගම පොලීසිය පවසයි.
මෙකි ප්ලාස්ටික් පුටු සොරකම් කොට ඇත්තේ රත්ගම දේවිනිගොඩ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදිවියේ පසුවන තරුණයෙකි. සොරකම් කරණු ලැබු මෙකි භාණ්ඩ විකිණිම සදහා උදව් කිරිම සම්බන්දයෙන් කාන්තාවක් හා සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත. සොරකම් කළ භාණ්ඩ ළග තබා ගැනිම සම්බන්දයෙන් කාන්තාවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බැව් රත්ගම පොලිසිය පවසයි.
රුපියල් 87400ක් වටිනා මෙකි පුටු සොරකම් කොට ඇති බවට පොලිසියට ඉකුත් 13 වැනිදින පැමිණිල්ලක් ලැබි තිබුණි.
පොලිසිය විසින් ඒ අනුව පරික්ෂණ පවත්වා මෙකි සොරකමට සම්බන්ද ප්‍රධාන සැකකරු හා හොරභාණ්ඩ බැහැර කිරිම හා ළග තබා ගැනිම සම්බන්දයෙන් මෙම සැකකරුවන් හා සැකකාරියන් අත්අඩංගුවට ගනු ලැබිය.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් හා කාරියන් රත්ගම, දේවිනිගොඩ, ගම්මැද්දගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙති. සොරකම් කරණු ලැබු ප්ලාස්ටික් පුටු 59ක් පොලිසිය මගින් සොයාගෙන ඇත.
සැකකරුවන් හා සැකකාරියන් අද (16) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම
පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රත්ගම විදුහලක පුටු සොරාගත්තැයි 9ක් අත්අඩංගුවට