(අජිත්ලාල් ශාන්තඋදය සහ අප්සරා යෝසිත්)
රත්නපුර දිස්ත්‍රික්කයේ ක්‍ෂයරෝගය වැළඳුන රෝගීන් හාරසියයක් 2024 වර්ෂයේ හඳුනාගත් අතර ඉන් 42 පමණ ජීවිතක්‍ෂයට පත්වු බව විශේෂඥ වෛද්‍ය සමන් කපිලවංශ මහතා පැවසුවේය.
ලෝක ක්‍ෂයරෝග දිනසැමරුම් උත්සවයට එක්වෙමින් ඔහු මේ බව පැවසුවේය.
ලෝක ක්‍ෂය රෝග දිනය සෑම වසරකම මාර්තු 24දිනට යෙදෙයි. රත්නපුර ළය රෝහලේ කාර්ය මණ්ඩලයේ මූලිකත්වයෙන් මෙම සැමරුම් උත්සවය පැවැත්විණි.
රත්නපුර දිස්ත්‍රික් මහ රෝහලේ සිට රත්නපුර බස් නැවතුම් පොළ, ඔරලෝසුකණුව අසල මැණික් පොළ හරහා කිලෝමීටර් තුනකට ආසන්න දුරක් පසුකරමින් දැනුවත් කිරීමේ පාගමනක් රත්නපුර නගර ශාලාව වෙත පැමිණියේය.
ක්‍ෂය රෝගය මර්ධනය කිරීමේ අවශ්‍යතාව, ක්‍ෂය රෝගයේ මුලික ලක්‍ෂණ ආදිය ඇතුළත්ව නොමිලේ ප්‍රතිකාර ගත හැකි ස්ථාන පිළිබඳව දැනුවත් කරන වගන්ති ඇතුළත් පෝස්ටර්, බැනර් එම පාගමනේ ප්‍රදර්ශයනය කරනු ලැබීය.
පැල්මඩුල්ල මිතරු මිතුරෝ ආයතනයේ විශෝධනය වන තරුණ පිරිස් වීදි නාට්‍යයක්ද තැනින් ගැන රඟදක්වමින් ක්‍ෂය රෝගය පිළිබඳවත්, එය වළක්වා ගත යුත්තේ ඇයි ද යන්න පිබිබඳවත් ජනතාව දැනුවත් කරනු ලැබීය.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රත්නපුරෙන් වසරකට ක්ෂය රෝගීන් 400යක්