(අජිත්ලාල් ශාන්තඋදය)
රත්නපුරය ඇතුළු ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැළෙන තද වර්ෂාවත් සමග කලූගඟේ සහ කුරුගඟේ ජල මට්ටම් සීග‍්‍රයෙන් ඉහළ යෑමත් සමග ගංවතුර අවදානම් මට්ටම පසුකර සුලූ ගංවතුර මට්ටමකට පැමිණ ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව මුවගම ජල මාපකයේ සටහන් තහවුරු කරයි.
කලූ ගඟේ ගංවතුර අවදානම් මට්ටම වූ මීටර් 5.2 සීමාව අද පෙරවරු 11.45 වනවිට ඉක්මවා ගියේය.
මේ අතර කුරුගඟේ ජල මට්ටම පැය හතරක් තුළ අඩි දහතුන හමාරකින් ඉහළ ගිය බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කුරුවිට නගරයේ කුරුගඟේ පාලම මත ජල මාපකයේ දත්ත හෙළිකරයි. පෙරවරු අට වනවිට අඩි පහ හමාරක් වූ කුරුගඟේ ජල මට්ටම දහවල් 12.30 වනවිට අඩි 19 පමණ විය.
කලූ සහ කුරු ගංගාවල ජල මට්ටම් තවමත් ඉහළ යමින් පවතී.
මේ අතර එරත්න ප‍්‍රදේශයේ දී කුරු ගඟේ ජල මට්ටම ඉහළ නැගීම මීට අවුරුදු විස්සකට පෙර ඇතිවූ තත්ත්වයකට සමාන වූ බව ප‍්‍රදේශවාසීන් කීවේය. පලාබද්දල ප‍්‍රදේශයේ දී කලූගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා පලාබද්දල පාලමට උඩින් ජලය ගලාගිය බව ප‍්‍රදේශවාසීහූ කීහ. මෑතකදී කලූගගේ වැඩිම ජල මට්ටම පලාබද්දලදී දුටු බව ද ඔවුහු කීහ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක් යැයි කැබ
අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.
යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය ප
දේශපාලනයේ අත් දැකීම් තියෙනවා යැයි කියන පිරිසට තියෙන්නේ හොරකම් කරන බොරු කරන ජනතාවව රවට්ටන අත්දැකීම් යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍ර
ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රත්නපුරයට සුළු ගංවතුර තත්වයක්