(සුජිත් හේවාජුලිගේ)
අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය එම පක්ෂය විසින් අහෝසි කරනු ලැබ ඇත.
මේ තීරණය එම පක්ෂය මැතිවරණ කොමිසමට දැනුම් දී ඇතැයි එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය.
අපේ ජන බල පක්ෂය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා වශයෙන් පත්කරනු අතුරලියේ රතන හිමියෝ පසුගිය ජනවාරි මාසයේදී එම මන්ත්‍රී මන්ත්‍රී ධූරයේ කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.
රතන හිමියන් පාර්ලිමේන්තුවට පළමුවෙන්ම පත්වූයේ 2004 වර්ෂයේදීය. ඒ ජාතික හෙළ උරුමය නියෝජනය කරමිනි.
ඉන්පසු උන්වහන්සේ මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවේදී සිවු වතාවක් වරින්වර දිවුරුම් දුන්හ.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රතන හිමිගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
kamal Saturday, 16 October 2021 10:33 AM
සාදු, සාදු, සාදු... දැන් ඉතින් චීවරයේ ගෞරවය ආරක්ෂා කරගෙන තමන්ගේ මූලික කර්තව්‍යය සසරින් එතෙර වීමට කටයුතු කිරීමයි.
පැරකුම්Saturday, 16 October 2021 02:49 PM
අර කිව්වා වගේ සසරෙන් එතෙර වෙන්න බලමු. අපටත් එතෙර වෙන්න උදව් කරන්න…!
මුදියන්සේ, Saturday, 16 October 2021 12:22 PM
භික්ෂූන් තමන්ගේ කාර්යය කළ යුතුව තිබියදී ගිහියන්ගේ කාර්යයන්ට යාමෙන් බුද්ධ ශාසනයේ ගෞරවය කෙලෙසා ඇත. අනෙකුත් ආගමික නායකයින් තුල මෙවැනි ක්‍රියාවන් නොමැත. ගිහියන්ගේ කටයුතු කළ යුතු නම් බුද්ධ ශාසනයට අගෞරව නොකර චීවරය ඉවත් කොට කටයුතු කිරීම උචිතය.
ගොවිරාළ Saturday, 16 October 2021 12:33 PM
රසායනික පොහොර තහනම් කිරීමට මූලික අය අතුරින් මේ හාමුදුරුවෝ එක් අයෙක්... මේ නිසා සිදුවුණේ ජනාධිපතිවරයාට තිබුණු මහජන ප්‍රසාදය අඩුවීමයි. පක්ෂ සාමාජිකත්වය අහෝසි වීමෙන් මන්ත්‍රී තනතුර නැතුව යනවා ජනාධිපතිවරයාට සෞභාග්‍යය උදාවේවි...
Udhuli Saturday, 16 October 2021 01:01 PM
අපේ හාමුදුරුවනේ මොකද වුනේ...?
Prabha Saturday, 16 October 2021 01:17 PM
ඔය දේශපාලනය අතහැරලා දාන්න දැන්වත්...
Hafeel Saturday, 16 October 2021 01:58 PM
ආපහු දළදා මාලිගාව ඉදිරිපිට සංදර්ශනයක් බලන්න පුලුවන්ද?
de silva Saturday, 16 October 2021 02:24 PM
තොවිලෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ . හාමුදුරුවෝ මර නින්දේ අපි බද ගින්නේ
ජගත් ලියනගේ Saturday, 16 October 2021 05:01 PM
දේශපාලනය කරන්න ආවාම සංඝයා වහන්සේලාට තියන ගෞරවය නැති වෙනවා.
ලුම්බිණි Saturday, 16 October 2021 05:37 PM
අතන මෙතන කොතන ගියත් රතන හිමි තමයි ...
saman Saturday, 16 October 2021 07:03 PM
පාර්ලිමේන්තුවට ගිහින් බුද්ධාගමටත් නිගරු කර කිසිම දේශපාලන පක්ෂයට මෙවැනි භික්ෂූන් බඳවාගන්න එපා.
සමන්Sunday, 17 October 2021 04:54 AM
මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටුවට ගත්තේ නෑ කියලා මහින්දටයි නාමල්ටයි හතර අතේ බැන අඬගහන අතරේ තමයි ඔය ඥානසාර හිමියන් ඉන්න පක්ෂයට රිංගුවේ. ඊට පස්සේ ඒකටත් වැඩේ දුන්නා. වාහන සහ අනිකුත් ලාභ ප්‍රයෝජන සඳහා කරන දේවල්!
Bamunuarachchi Sunday, 17 October 2021 07:27 PM
මෙපමණ කලක් කළ සේවයට ස්තුතියි. දැන් බැටන් එක අපේ ඥාණසාර හිමිට බාර දෙන්න. අපිට ඕනේ සිංහල බෞද්ධයා වෙනුවෙන් හම්බයින් මර්දනය කරන්න පුළුවන් කෙනෙක්. අපට ඉන්නේ රට මුස්ලිම්කරණය කරන බව දනදැනත් සංහිඳියාව හොයන චීවරධාරීන්...
siri Monday, 18 October 2021 04:09 AM
මේ කොමෙන්ට් ටික කරුණාකරලා බලන්න, දැන්වත් බල තන්හාව අත්හැර ගන්න.
Lelwala Monday, 18 October 2021 11:15 AM
නිවන් යන්න පාර්ලිමෙන්තුවට යන්න ඕන.
banda Tuesday, 19 October 2021 05:28 PM
දැන්වත් ඇති නේද.?