IMG-LOGO

2024 ජුලි මස 05 වන සිකුරාදා


රත්නපුර පළාත්පාලන ආයතනවලට ලං.වි.ම රතු නිවේදන

(ලසන්ත නිරෝෂණ පෙරේරා )

වීදී ලාම්පු සදහා රත්නපුර මහ නගර සභාව ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලින් විදුලි බල මණ්ඩලයට අයවිය යුතු රුපියල් මිලියන ගණනක මුදල් නොගෙවීම නිසා රතු නිවේදන නිකුත් කර තිබේ .

රත්නපුර මහ නගර සභාවට වීදී ලාම්පු සදහා රුපියල් ලක්ෂ 38 ක ව්දුලි බිලක් මාසිකව ලැබෙන අතර හිග බ්ල්පත් ගෙවෙන ලෙස මෙවර ව්දුලි බ්ල් පත සමග නිවේදනය ඒවා ඇතැයි නගර සභාවේ බලධාරියෙකු පැවසිය .

රත්නපුර මහා නගර සභාව මෙන්ම බලන්ගොඩ ,ඇබිළිපිටිය නගර සභා ද සෙසු පළාත් පාලන ආයතනද මෙම ගැටලුවට මුහුණ දි ඇති අතර පළාත් පාලන ආයතන වලට මෙම මුදල් ගෙවිමට හැකියාවක් නැති බැවින්  වීදි ලාම්පු වල විදුලිය ව්සන්ධි නොකරන ලෙස රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව ව්දුලි බල මණ්ඩලයට දැනුම් දුන් බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා පැවසිය .

විදුලි බල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවත්විදුලි  පහන් මගින් සිදු වන්නේ ජනතාව ට සේවයක් බවත් රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපතිවරයා පැවසිය .
රත්නපුර දිස්ත්‍රික්කයේ සමහර පළාත් පාලන ආයතන වලට කිසිදු ආදායමක් නැති අතර සමහර පළාත් පාලන ආයතන වලට මෙතරම් ව්ශාල මුදලක් ගෙවිමේ හැකියාවක් නොමැති බවද ඔහු සදහන් කළේය .

රත්නපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් අරුණ උපුල් මහතා පැවසුවේ ව්දුලි බ්ල්පත් සමග දැනට මාස තුනක පමණ සිට ව්සන්ධි කිරිමේ නිවේදන ලැබෙන බවයි.

රත්නපුර මහ නගර සභා බල ප්‍රදේශයේ  වීදි ව්දුලි පහන් අටදහස් ගණනක් ඇතැයි ද රත්නපුර නගරයේ විදී ලාම්පු හත්සිය  පහක් (705) ව්දුලි බල මණ්ඩලය ව්සින් නඩත්තු කරන බවද ඔහු පැවසිය

 නියාමන ව්‍යාපෘතියක් ලෙස සූර්‍ය් ව්දුලි බල පද්ධති සවි කිරිම කෙරේහි අවධානය යොමුවි ඇතැයි රත්නපුර නාගරික කොමසාරිස්වරයා මෙහිදී පැවසිය .



අදහස් (5)

රත්නපුර පළාත්පාලන ආයතනවලට ලං.වි.ම රතු නිවේදන

යෝගා Wednesday, 03 July 2024 01:39 PM

ගෙවාගන්න බෑ කියල ඒ බරත් අසරණ විදුලි පාරිභෝගික ජනතාවට දරන්න බෑනේ. ඔය පළාත්පාලන ආයතනවල ආදායම් හරියට කලමනාකරණය කරගනිල්ලා.

:       1       16

Shammika Wednesday, 03 July 2024 02:03 PM

යෝගා වීථි ආලෝක ලාම්පු සවිකරන්නේ මොකටද කියලා තේරුම් ගන්න මොළයක් නැද්ද? රාත්‍රියේ යෝගා ගමනක් ගොස් බසයෙන් බැස නිවාස වෙත පයින්ම යනවා. අතේ එළියක් නැහැ. එහෙම වෙලාවට මේ වීථි ආලෝක ලාම්පු ප්‍රයෝජන ලැබෙන්නේ නගර සභාවටද? නැත්නම් යෝගාටද? ඒක ගැන හිතන්න යෝගාට මොළයක් ලැබේවා. පළාත් පාලන ආයතන සූර්ය පැනල බලයෙන් වීථි ආලෝක කරනවා නම් හොඳයි... ඒත් ඉතින් අනවශ්‍ය කාර්‍ය මණ්ඩලය නඩත්තු කරන්න ආදායම් ඉපැයීම් නැහැනේ...

:       6       0

Harsha Wednesday, 03 July 2024 02:34 PM

ඔය ආයතන වල ඉන්නේ වියදම, ආදායම කළමනාකරණය කරන්න බැරි හරක් පාලකයෝද? ගහලා පන්නන්න තියන්නේ...

:       0       10

Jayakodi Thursday, 04 July 2024 07:00 AM

මහ නගර සභාවෙ ඉන්නෙ පවුල් දෙකතුනකට සම්බන්ධ පිරිසක් තමයි එක්ව සොරකම් කිරීම ඔවුන්ට හරිම පහසුයි අම්මා අප්පා දූලා පතාල බෑනලා ලේලිලා අයියා මල්ලි අඹුසැමි යුවළම නෑනා මස්සිනාලා වගේ අය තමයි ඉන්නෙ ආදායම් කළමනාකරණය කරන්නේ කොහොමද සැපයුම් නිළධාරි බිල් ඉදිරිපත් කර මුදල් අරගෙන බෙදාගන්නවා හැමදේම එහෙම තමයි උදේ පෙරෙට්ටුව තියල සේවයට යවන කම්කරුවන් බොහොමයක් දේශපාලුවන්ගේ හිතවතුන් නිසා ඔවුන්ගේ පුද්ගලික වැඩට යනවා සමහරක් ඔවර්සියරලා නගර සභා ගොඩනැගිල්ලෙ ඉදගෙන ඔත්තු බලනවා කවුද පරීක්ෂා කරන්න එන්නෙ කියලා කවුරු හෝ නිළධාරි කෙනෙක් ගියාම ටෙලිෆෝන් පනිවුඩ යවනවා සමහරක් ශාලා භාර කරුවන් උදේ පොත අත්සන් කර පුද්ගලික ත්‍ර්‍රීවිලර් පැදවීමට යනවා ඒක තමයි සත්‍ය තත්වය කිව්වොත් කෙලවරක් නැතුව කියන්න කරුණු තියෙනවා

:       0       1

Ruwan De Silva Wednesday, 03 July 2024 04:26 PM

ලංවිම පෞද්ගලික සමාගමක් නම් ශෝක් එකට පළාත් පාලන ආයතන ටිකයි, ඇමතිලා, රජයේ ලොක්කොත් හිඟ මුදල් ගෙවයි, මොකද පෞද්ගලික වුනාම පාඩු ලබන්න කැමති නෑනේ.

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

බදුලු රාත්‍රී තැපැල් දුම්රිය පීලි පනී
2024 ජුලි මස 05 148 0

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1046 දරන රාත්‍රි තැපැල් දුම්රිය මීට ස්වල්ප වේලාවට පෙර අද ((5) රාත්‍රි පිලිපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මා


අල්ලස් ගත් පොලිසියේ දෙකක් මාට්ටු
2024 ජුලි මස 05 88 0

පුද්ගලයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකර සිටීමට බව පවසා රුපියල් ලක්ෂ 3 ක මුදලක් පළමුව ලබාගෙන එහි දෙවන කොටස වන රුපියල් 154,200/= ක මුදලක් කොළඹ අපරාධ කො


රනිල් මකුලෑවේ මහා නා හිමි බැහැ දකී
2024 ජුලි මස 05 174 1

නියමිත වේලාවට ජනාධිපතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාව මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට දැනුම් දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මකුලෑවේ විමල රාමඤ්ඤ මහ


පියුමි තවත් පැටලැවිල්ලක
2024 ජුලි මස 05 1728 0

රුපියල් කෝටි හයකට අධික වටිනා කුශ් හා කොකේන් ගුවන් තැපැල් මගින් ආනයනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයාගේ නාවල දෙමහල් නිවසේ ගරාජ


අනධ්‍යයන සේවකයන්ට දෙමසක වැටුප්- අතිකාල දීමනා
2024 ජුලි මස 05 659 0

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ මාස දෙකක වැටුප් සහ අප්‍රේල් මාසයට අදාල අතිකාල දීමනා ලබා දෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පැව


ධීවරයකුගේ සිරුරක් යාපන වෙරළට ගොඩ ගසයි
2024 ජුලි මස 05 108 0

යාපනය වේලනෙයි වෙරළ තීරයට ධිවරයකුගේ මෘත දේහයක් ගොඩ ගසා තිබියදී හමු වූ බව ඌ(ර්)කාවතුරේ පොලිසිය සදහන් කරයි. ඒ අනුව අදාළ මෘත දේහය අද (05) වේලනෙයි ප්‍රදේශයේ සුර


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 690 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1645 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3529 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site