IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


රත්නපුර සිසු සැරියකට පෞද්ගලික බස් විරෝධයක්

(අජිත්ලාල් ශාන්තඋදය)

ගොරකඇල සිට තෙප්පනාවල කුරුවිට හරහා රත්නපුර දක්වා රත්නපුර ලංගම ඩිපෝවෙන් පාසල් සිසුන් ප්‍රවාහනයට සිසුදැරිය බස්රථයක් ධාවනයේ යෙදවීමට එරෙහිව එම මාර්ගයේ පුද්ගලික බස්රථ දින දෙකක් තිස්සේ ආරම්භ කළ වැඩවර්ජනය අද (19) ද පැවැත්විණි.

වර්ජනය හේතුවෙන් කදන්ගොඩ සිට ගොරකඇල දක්වා වු මගීන් ප්‍රවාහන ගැටලුවකට මුහුණ දී සිටිති. වර්ජනයේ නිරත පුද්ගලික බස් රථ සේවකයින් පවසන්නේ මෙම සිසුසැරිය බස්රථය උදේ හයට ගොරකඇලින් ගමන් අරඹන වෙලාවටම පුද්ගලික බස්ථයක්ද කුරුවිට දක්වා පිටත්වීමට ගමන් අරඹන බවයි.

මැවතිවරණ සමයේ දේශපාලන වාසි ගැනීමට මෙම බස් රථය ධාවනයට යෙදවු බවට ද ඔවුහු චෝදනා කරති.

 කුරුවිට පොලීසියට සහ රත්නපුර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට ද පැමිණිලි කළ බවද වර්ජනයට එක්ව සිටින බස් රථ සේවකයෝ කීහ.

සබරගමු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීයේ සාමාන්‍යාධිකාරී  දමිත් ප්‍රියන්ත බටවල මහතාගෙන් විමසු අවස්ථාවේ ඔහු පැවසුවේ තමන්ට ද එවැනි පැමිණිල්ලක් ලැබුණු බවයි.

ඒ සම්බන්ධව රත්නපුර සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට සහ රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ද දැනුවත් කළ බව ඔහු කීවේ ය.

 එකම වේලාකට ලංගම සහ පුද්ගලික බස් රථ දෙකක් එකම මාර්ගයේ ධාවනය වීම බස් හිමියන් පවසන ආකාරයට ගැටලුවක් බව ද ඔහු කීය.

මේ අතර සිසුසැරිය බස් රථයේ ගමන්ගන්නා දරුවන්ගේ මව්පියන් පැවසුවේ මේ සිසුසැරිය බස්රථය අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ ඉල්ලා සිටීමේ ප්‍රතිඵලයක් බවයි.

 

 



අදහස් (4)

රත්නපුර සිසු සැරියකට පෞද්ගලික බස් විරෝධයක්

Aruna kumara Thursday, 19 September 2024 03:23 PM

බස් කාරයන්ට ලමයි නැති එවුවෝ

:       0       26

Wajira Thursday, 19 September 2024 03:48 PM

සිසුසැරිය කියන්නෙ පාසල් දරුවන්ට ගමනාගමනය සදහා තියෙන බස් රථයක් .ඒකට විරුද්ධව කටයුතු කරන්න කිසිම මිනිස් ප්‍රානියෙකුට හැකියාවක් නැහැ .මේ වර්ජනය පාසල් දරුවන්ට කරන හිරිහැරයක් නිසා ළමා රක්ෂණ අධිකාරියේ අවධානයට යොමුවේවා. කාළකණ්නි පුද්ගලික බස්තියන්ලාට ආත්ම ගණනක් පඩිසන් දේවි ස්වභාව ධර්මයාගෙන් බේරෙන්න ලැබෙන්නේ නැහැ

:       0       36

Janindu Perera Thursday, 19 September 2024 04:06 PM

යුන්ෆෝම් ඉන්න ළමයින්ව ප්‍රයිවට් බස් එකේ නිකං එක්කගෙන ගියා නං ඉවරනෙ කතාව

:       1       13

රම්බොඩ Thursday, 19 September 2024 04:30 PM

ලංගම කියන්නෙ එදා සිටම ජනතාවට මහත් සේවයක් කරමින් සිට්න රාජ්‍ය ආයතනයක්. සිසු සැරිය බස් යන්න ඕන රටේ දරුවන් ට පැසැල් පටන් ගන්න වෙලාවට මිසක මේ මිනිසුන් කියන වෙලාවට නෙවෙයි.

:       0       17

ඔබේ අදහස් එවන්න

දියත

ශිෂ්‍යත්ව පේපරේ වට්ස්ඇප් යැවූ ගුරන් තිදෙනකු පන්නයි
2024 සැප්තැම්බර් මස 19 787 1

අනුරාධපුර,රත්මලේ තිස්ස විදුහලේ පහ වසර ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානයේ සේවය කළ ශාලාධිපති ඇතුළු තිදෙනෙකුගේ සේවය අත්හිටුවිමට පියවර ගෙන ඇති බව උතුරු මැද ප


අපේක්ෂකයින් ප්‍රවර්ධනය කළ නිලධාරීන් 9ක් රාජකාරියෙන් ඉවතට
2024 සැප්තැම්බර් මස 19 1223 0

දේශපාලන කටයුතුවල නියැලී ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනයට කටයුතු කළ බව කියන හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් නව දෙනෙකු මැතිවරණ රාජකාරී කටය


ෆේස් බුක් තවම ඡන්ද වැඩ
2024 සැප්තැම්බර් මස 19 1130 0

සමාජ මාධ්‍යයන්හි මැතිවරණ ප්‍රචාරක කටයුතු නතර කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව අදාල පාර්ශවවලට නියෝග ලබාදී ඇතත් තවමත් ඒ ප්‍රචාරක කටයුතු සිදුවන බව වාර්ත


නිල නොවන ඡන්ද ප්‍රථිපල නිකුත් කිරීමෙන් වළකින්න
2024 සැප්තැම්බර් මස 19 463 0

ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ලැබෙන තෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම පාර


ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කරයි
2024 සැප්තැම්බර් මස 19 1144 0

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබේ.


ට්‍රැක්ටරයක ගැටී සිව්දරු මව මරුට
2024 සැප්තැම්බර් මස 19 293 0

ඇතුන්ගම,උලගල්ල මාර්ගයේ අටේ කණුව වංගුව ආසන්නයේදි ස්කුටර් වර්ගයේ යතුරු පැදියක ගමන්ගත් 62 හැවිරිදි කාන්තාවක් ට්‍රැක්ටරයක ගැටී අද (19) මියගිය බව තිරප්පනය ප


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 43 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 75 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site