(අමිල චින්තක ගමගේ)
වෙළෙදපොළේ සුළභව විකිණෙන එකම හාල් ව ර් ගය කීරී සම්බා පමණක් බවත් රතු කැකුලු හාල් ඇටයක්වත් වෙළෙදපොළේ සොයා ගැනීමට නැතැයි පිටකොටුව සහ නාරාහේන්පිට සහල් තොග සහ සිල්ලර වෙළෙන්දෝ අප කළ සොයා බැලීම්දී අද අනාවරණය කළහ.
දැන් සති ගණනක සිට රතු සහ සුදු කැකුලු හාල් හිගය පවතින බවත් මේ නිසා වෙළෙදාම් කටයුතු දිනෙන් දින පහළ බසිමින් යන බවත් එම වෙළෙන්දෝ පැවසූහ.
කීරී සම්බා මිලදී ගැනීමට ජනතාවගේ යම් උනන්දුවක් ඇති වී තිබුණත් මිල වැඩිනිසා ජනතාව එම සහල් මිලදී ගන්නේ සුළු වශයෙන් බවද ඔවුහු කීහ.
පසුගිය කාලයේ රටින් ආනයනය කළ සහල් මිලදී ගැනීමට ජනතාවගේ එතරම් උනන්දුවක් නැති බවද ජනතාව ආනයනික සහල් මිලදී ගන්නේ අකමැත්තෙන් බවද වෙළෙන්දෝ කීහ.
ඇතැම් පාරිභෝගිකයන් රතු කැකුලු සොයාගෙන පැමිණ සහල් හංගාගෙන සිටිනවායැයි සැක කර රණ්ඩුවට පැමිණෙන බවද ඹවුහු පැවසූහ.
රතු කැකුලු සෙවීම අද කලුනික සොයනවාටත් වඩා අමාරු කටයුත්තක් වී ඇතැයිද පිටකොටුවේ වෙළෙදන්දෝ අප සමග ප්‍රකාශ කළහ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
රතුහාල් හොයන්නත් නෑ