(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහික වීරරත්න)
රෙදිපිළි ආනයනය තහනම් කර ඇතැයි ඇතැම් ජනමාධ්‍ය ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම බොරුවක් බව බතික් සහ පේෂකර්ම රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පර්ලිමේන්තුවදී අද (09) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේවා විතානගේ මහතා (ස.ජ.බ)යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
තමා පැවසුවේ ආනයනික මුද්‍රිත බතික් රෙදිපිළි ආනයනය තහනම් කිරීම සම්බන්ධයෙන් පමණක් යැයිද ඔහු කීය.
මුද්‍රිත බතික් රෙදිපිළි විශාල වශයෙන් ආනයනය දේශීය බතික් කර්මාන්තයට මරු පහරක් බව පෙන්වාදුන්අමාත්‍යවරයා,අත් යන්ත්‍ර රෙදිපිළි සම්බන්ධයෙන් ද ඉදිරියේදී එබඳුම ක්‍රමවේදයක් අනුගමනය කරන බව සඳහන් කළේය.
රෙදිපිළි ආනයනය තහනම් කරන බවට ඇතැම් මාධ්‍ය ගෙනයන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම ජනතාව නොමග යැවන්නක් යැයිද පැවසීය.
මෙරට බතික් නිෂ්පාදකයින් 11,000ක් පමණ සිටින බවට හඳුනාගෙන ඇතැයි බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම කර්මාන්තය දියුණු කිරීම සඳහා අමාත්‍යංශසතුව අවශ්‍ය තරම් මුදල් ප්‍රතිපාදන සහ සැලසුම් ඇති බවදප්‍රකාශ කළේය.
සෑම දිස්ත්‍රික්කයකම එක් බතික් නිෂ්පාදන පුහුණු මධ්‍යස්ථානයක් විවෘතකරන බවත්, මේ වන විටත් එවැනි ආනයන 200ක් රට පුරා පිහිටුවාඇති බවත් ඔහු කීය.ලබන වසරේ සිට බතික් කර්මාන්තය සඳහා වන අමුද්‍රව්‍ය හිඟයනැති කිරීමේ වැඩපිළිවෙලක්ද ආරම්භ කිරීමට නියමිතබව දයාසිරි ජයසේකර මහතා තවදුරටත් සඳහන් කළේය.
එසේම, ප්‍රාදේශීය වශයෙන් පවත්වාගෙන යන අත් යන්ත්‍ර පේශකර්ම මධ්‍යස්ථානසමහරක් වැසී යාමට කාර්මිකයන්ගේ හිඟය, වෙළෙඳපොළ ගැටලුතාක්ෂණික ගැටලුමෙන්ම මූල්‍ය හිඟයදබලපාන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සම්බන්ධව පළාත් සභාව සමග සමීපව කටයුතු කර තත්වය සාධනීය අතට වෙනස් කිරීමට පියවර ගනිමින් සිටින බවද සඳහන් කළේය.
නත්තල හා උත්සව සමය නිමිත්තෙන් අද (24) අතිරේක බස් රථ සේවා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබේ.
රුපියල් කෝටියක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , සිය ගමන් මල්ලේ සූක්ෂම ලෙස සගවා ගෙන පැමිණි විදේශිකයෙකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට ර
ඌව පළාතෙත් හම්බන්තොට,රත්නපුර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ
මුදල් ආරවුලක් විසඳීමට පැමිණිල්ලට වාසිවන අයුරින් කටයුතු කිරීම සඳහා පැමිණිල්කරුගෙන් රුපියල් 5000 ක අල්ලසක් ලබා ගනිද්දී ත්‍රිකුණාමල මූලස්ථාන පොලිසියේ ස
රුපියල් දෙදහසකට නොවැඩි මුදලකට මත්පැන් බෝතලයක් හඳුන්වාදීමේ වැඩපිළිවෙළ අවුල් කිරීමට එක්තරා බියර් නිෂ්පාදන සමාගමක් අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහ හ
විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රසාද දීමනා මෙවර නොදීමට ගෙන ඇති තීරණය හේතුවෙන් මණ්ඩලයේ මතුවූ අර්බුදකාරී තත්වය ලොකු පිපිරීමක් දක්වා වර්ධනය වෙමින් තිබෙ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
‘රෙදිපිළි ආනයනය තහනම පිළිබඳ තහනම බොරුවක්‘
chithra Friday, 09 April 2021 12:15 PM
මේ යන්නේ 1970 කාලයටද..? බතික් දැන් වැඩක් නැහැ. මේ අනාගත දැක්මක් නැති රජයෙන් අපේ රට 1970 යුගයකට ආපහු ගෙනියන්න වගේ හදන්නේ...
විපරමා Friday, 09 April 2021 12:39 PM
සමහර මාධ්‍ය වලින් වැඩි හරියක් කියන්නේ ටොම්පච කියලා අපි නම් දැනගෙන හුඟක්කල්..