(ප්‍රසන්න පද්මසිරි සහ පාලිත ආරියවංශ )
පස්සර නමුණුකුල කන්දේහේන කතරගම දේවාලයේ රදම් පෙරහැරේ දෙවියන් රැගෙන ගිය ටැක්ටර් රථයේ සවිකර තිබු රදම අධි බලැති විදුලි රුහැනක පැටලී විදුලි සැර වැදී එහි ගමන් කළ තරුණයින් දෙදෙනෙකු අද 24 උදේ මියගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා සිටියදි රෝහල් ගත කළ බව පොලිසිය කියයි,
මෙම අනතුරින් නමුණුකුල,බූටාවත්තේ පදිංචි ගනේෂන් රමේෂ් (37) සහ පන්නීර් සෙල්ව කුමාර් (27) යන තරුණයින් දෙදෙනා මියගොස් තිබෙන අතර ගානන්ද සෙල්වම්,එම්.මහදේවන් සහ ඩී.රාසයියා යන තිදෙනා තුවාල ලබා පස්සර දිසා රෝහලේ ප්‍රතිකාර ගන්නා බව පොලිසිය කියයි,
කන්දේහේන කතරගම දේවාලයේ වාර්ෂික දේව උත්සවයට සමගාමීව 23 සවස දෙවියන් රැගෙන පිටත්වු රදම් පෙරහැර කන්දේහේන,දේවතුර,බූටාවත්ත ගම්මාන හරහා වීදි සංචාරය කිරීමෙන් පසු 24 උදේ 6.30ට පමණ නැවත දේවාලයට පැමිණෙමින් සිටියදි බූටාවත්ත ප්‍රදේශයේදි මාර්ගය හරහා උඩින් දිවෙන අධිබලති විදුලි රැහැනක ටැක්ටර් රථයේ සවිකර තිබුන දෙවියන් තැම්පත් කළ රදම වැදීමෙන් විදුලිය එයට වැදී රදම පාමුල සිටි පුද්ගලයින් පස් දෙනෙකුට විදුලි සැර වැදී තිබෙන බව පොලිසිය කියයි,
තරුණයින් දෙදෙනෙකු එම ස්ථානයේදීම මියගොස් සිටි බවත් තුවාල ලැබු තිදෙනා සමග පස්දෙනාම පස්සර දිසා රෝහලට ගෙනා බවත් පොලිසිය කියයි,
විදුලි සැර වැදීමෙන් තුවාල ලැබු තිදෙනා පස්සර දිසා රෝහලේ ප්‍රතිකාර ලබන අතර මියගිය දෙදෙනාගේ මුත ශරීර එම රෝහලේ මුත ශරීරාගාරයේ තැම්පත් කර මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත,
බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් මත නමුණුකුල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ,
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්
දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ
කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්
සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
රදම් කරත්තය විදුලි රැහැනේ වැදී 2ක් මරුට
Jayampathi Rohana Thursday, 24 August 2023 06:58 PM
කනගාටුදායක සිද්ධියක්...ආරක්ෂාව සැලකිලිමත් වීම අනිවාර්යයෙන්ම සැලකුවා නම් .මෙවැනි විපත් නොවනු ඇත