( රංජිත් රාජපක්ෂ)
නුවරඑලිය හාවාඑලිය ප්‍රදේශයේ සිට තලවකැලේ ප්‍රදේශය දක්වා අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් රදැල්ල කෙටි මාර්ගයේ මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් විමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරා සහ මගින් දෙදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව නානුඔය පොලිසිය පැවසිය.
ඊයේ (14) නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ කාර්බර්ග් වතුයායේ (බස් රථ අනතුර සිදු වු ස්ථානයේදි) ධාවනය වෙමින් තිබු ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන ජලය ගලා බසින කාණු පද්ධතියේ ගැටි මෙම අනතුර සිදු වි ඇත.
අනතුරට පත් ත්‍රිරෝද රථයේ තුවාලකරුවන් ඉවතට ගෙන රෝහල් ගත කිරිමට එම වතුයායේ වතු කම්කරුවන් සහ නානුඔය පොලිසියේ නිලධාරින් පියවර ගෙන තිබුණි.
අනතුරෙන් ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති අතර , අනතුර සම්බන්ධයෙන් නානුඔය පොලිසිය පරික්ෂණ පවත්වයි.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රදැල්ල මාර්ගයේ අදත් අනතුරක්
චන්දන Wednesday, 15 February 2023 04:43 PM
ත්‍රීවීලර් මහත්වරු හිතන්නේ ඒවා ජෙට් වගේ යන්න පුළුවන් කියලා. 60ට යන කාර් ඉස්සර කරගෙන යන්න බලනවා. මේවාට පොලිසිය වග කියන්න ඕනෑ. පාරෙ නීතිය ක්‍රියාත්මක කරන්න පොලිසිය බැඳිලා ඉන්නවා. එයාල ඉන්නේ හැංගිමුත්තන් කරමින් කාර්, වෑන් අල්ලන්න විතරයි. ත්‍රීවීලර් කරන වැරැදි අහුවෙන්නේ නැහැ...