(සුජිත් හේවාජුලිගේ )
ලාංකේය දේශපාලන ක්ෂේත්‍රයේ පෙරළිකාර චරිතයක් මෙන්ම හිටපු මුදල් අමාත්‍යවරයකුද ප්‍රකට ආර්ථික විශේෂඥයකුද වූ රොනී ද මැල් මහතාගේ අවසන් කටයුතු මාතර රුහුණු විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පළමුවැනිදා පස්වරුවේ සිදුකිරීමට නියමිතය.
දේහය මහජන ගෞරවය සඳහා පාර්ලිමේන්තුවට රැගෙන යෑමට කෙරුණු ඉල්ලීමක් රොනීද මැල් මහතාගේ අවසන් කැමැත්තට ගරු කරමින් සංවිධායක මණ්ඩලය ප්‍රතික්ෂේප කළේය.
දේහය කොළඹ 3 චාල්ස් රියමඟ අංක5 දරන ඒ මහතාගේ නිවෙසේ මහජන ගෞරවය සඳහා ඊයේ තැන්පත් කර කෙරිණ.
දේහය රැගත් ආදාහන පෙරහැර හෙට(29) පස්වරු 2.00 ට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මාතර වැල්ලමඩම රුහුණු විශ්ව විද්‍යාලයට රැගෙන යෑමට නියමිතය. රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය සමන් චන්දන ඉදිරිවීර මහත්වරුන් ඇතුළු විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය විසින් එහිදී දේහය බාර ගනු ලබනු ඇත.
අනතුරුව රොනීද මැල් මහතාගේ දේහය රුහුණු විශ්ව විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාංගනය අසල විශේෂ ශාලාවේ මහජන සහ සිසු ගෞරවය සඳහා තැන්පත් කෙරෙනු ඇත.
පසු දින එනම් මාර්තු 1 වැනිදා දේහය අවමගුල් පෙරහරකින් රුහුණු විශ්ව විද්‍යාලයේ ක්‍රීඩාංගණයට රැගෙන යෑමට නියමිතය. පස්වරු 4.00 ට බෞද්ධ ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව මැල් මහතාගේ අවසන් කැමැත්ත අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඔහුගේ දේශපාලන ගුරුවරයා ලෙස සැලකූ හිටපු අමාත්‍ය පිලිප් ගුණවර්ධන මහතා වෙනුවෙන් ඔහුගේ පුත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරුන් ගුණකතන පැවැත්වීමට නියමිතය.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
රොනීගේ දේහය මැති සබයට නෑ