(ඩයනා උදයංගනී)
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුවී සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් වූ ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) අත්සන් තැබීමෙන් පසු ඔහුගේ නිදහස අපේක්ෂාවෙන් කලාකරුවන්, මාධ්‍යවේදීන් මහජනතාව ඇතුළු පිරිස් මේ වන විටත් වැලිකඩ බන්ධනාගාරය අසලට රැස්වෙමින් සිටිති.
රන්ජන් රාමනායක මහතාට ආදරය කරන අය අද දහවල් 12ට වැලිකඩ බන්ධනාගාරය අසලට පැමිණෙන ලෙස ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමෙහි ද පළ කර ඇති අතර, ඒ අනුව මේ වන විටත් ඒ අසලට බොහෝ පිරිස් රැස්ව සිටිති.
සිර දඬුවම් ලබන රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව දෙන ලෙස දේශපාලනඥයන්, කලාකරුවන් ඇතුළු විවිධ පිරිස් පසුගිය කාලයේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කළ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද එයට අදාළ ලේඛනයට අත්සන් තැබීය.
(ඡායාරූප: හිමත් මතීෂ)
නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.
මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරය
පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාද
ශ්රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ.
අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රන්ජන්ගේ රසිකයෝ වැලිකඩට එති
Bamunuarachchi Friday, 26 August 2022 01:13 PM
මෙහෙව් ගොබ්බයින් ඉන්න රටක් හරියාවිද...?
Hafeel Friday, 26 August 2022 01:42 PM
එහෙමනම්, එදා දුමින්දව ගෝඨාභය නිදහස් කරන විට හරිද? අධිකරණයෙන් දඬුවම් නියම වූ කවුරු හෝ වේවා නිදහස් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන මෙම වගන්තිය සාධාරණ නොවේ...
BamunuarachchiFriday, 26 August 2022 06:52 PM
හලෝ මම ගොබ්බයින් කිව්වේ රන්ජන්ට නොවෙයි රන්ජන් බලන්න ගිය අයට. නොදන්නා සිංහලේට ගිහිල්ලා වරිගේ නහගන්න එපා කියලා කතාවක් තිබෙනවා.
BamunuarachchiFriday, 26 August 2022 06:55 PM
රන්ජන්ගේ හඬපට ඇසුවද? එතකොට තේරුනේ නැද්ද දුමින්ද හිරේ වැටුනේ ඇයි කියලා? ඕවට කියන්නේ ගොන්පාට් කියලා...
ගමේ එකාලාFriday, 26 August 2022 05:00 PM
සෞභාගයේ දැක්මට රැවටුණු 69 ලක්ෂයක් හින්දා රටකට වෙච්ච විනාසේ කොයි තරම්ද?
senaSaturday, 27 August 2022 09:51 PM
රන්ජන් රාමනායක සිරගත කිරීමට වගකිවයුතු අය නැවත රන්ජන් වෙත පැමිණ තිබෙන බව පෙනෙන්නට තිබේ.
Chinthaka Friday, 26 August 2022 01:22 PM
නියමයි ද්‍රවිඩ චිත්‍රපටියක දර්ශනයක් බලාගන්න පුළුවන් නේද?
nalin Friday, 26 August 2022 02:16 PM
ජයවේවා, අයුක්තිය අසාධාරණය වෙනුවෙන් හඬ නගන්න තවතවත් ශක්තිය ලැබේවා..! රාජපක්ෂලාගේ බත් ගොට්ටන්ට නම් රිදිලා වගේ හොඳටම...
බද්රානි Friday, 26 August 2022 03:57 PM
රාජපක්ෂ රැල විසින් තමයි රන්ජන්ව මේ ඛේදනීය තත්වයට පත්කළේ. සරත් ෆොන්සේකා මහත්මයාටත් ඔවුන් කලේ මේ ටිකමයි. සිංහලේ හෝ රාවණා ලේබලය අලවා ගත් අය තමයි රන්ජන්ව හිරගත කිරීමට මුල් වුනේ. ඒ අයට මේ කළ අපරාධයට ශාපය වදිනවාමයි..! මිනීමරුවන්ට නිදහස දෙන රාජපක්ෂලා තරම් අධර්මිෂ්ඨයෙක් නොවන රනිල් මහතා රන්ජන්ට ජනාධිපති සමාව ලබාදීමෙන් කරගත්තේ ලොකු පිනක්. රන්ජන් ඔබට ජයවේවා..!!
BamunuarachchiFriday, 26 August 2022 07:01 PM
රන්ජන් හඬපටය කියන ඒවා කලේ රාජපක්ෂලා කියලාද? ඒ හඬපට මගේ ගාවත් තිබෙනවා. රන්ජන්ට මලබද්ධය හැදුණෙත් රාජපක්ෂලා නිසා... එන්නකෝ යූ ටියුබ් එකට මම ලස්සනට උත්තර දෙන්න...
KumaraSunday, 28 August 2022 09:37 AM
රන්ජන්ව හිරේ දැම්මේ යහපාලන කාලය තුළ දමපු නඩුවකට. එයට රාජපක්ෂලා හෝ දේශපාලකයින් සම්බන්ධ නැහැ. නඩුව දාපු කෙනත් එජාපයෙන් ඡන්දෙ ඉල්ලපු කෙනෙක්. මේක තනිකරම කළුකෝට් මාෆියාවේ වැඩක්. රන්ජන් සටන පාවා දුන්නා. ඔහු කළ ප්‍රකාශය බොරු බවට දිවුරුම් පෙත්සමක් දීලා තමයි එළියට ආවේ. මෙච්චරකල් දුක් වින්ද එකෙන් වැඩක් නැහැ දැන්... ඔහු වීරයෙක් නෙමේ. සටන පවා දුන්නු දුර්වලයෙක්...
Gamini Friday, 26 August 2022 04:15 PM
ලංකාවේ ඉන්නේ මෝඩ මිනිස්සු...!
ගමේ එකාලාFriday, 26 August 2022 10:16 PM
69 ලක්ෂයෙන් ඔයත් කෙනෙක් වෙන්නැති.
helaya Friday, 26 August 2022 06:13 PM
ජනතාව සමග දුගීදුප්පත් ජනතාව පැත්තේ සිටගත්තු කලාකරුවෙක්.. ඔබ අප සිතේ තබාගෙන සිටින සාධාරණ සමාජය එළිදැක්වූවට සමහර අය එයටද නිගරු කරනවා.
පිටරැටියා Friday, 26 August 2022 06:46 PM
මානවහිතවාදි, සුන්දර කලාකරුවෙක් වන රන්ජන්ට ලැබූ නිදහස ගැන සතුටු වෙනවා. ඔහුගේ තටු කපලයි එළියට දාලා තියෙන්නේ. රටම හොරාකාලා කාබාසිනියා කරපු දුෂිත පවුල් පාලනේ උදවිය සහ අන්ත දුෂිත දේශපාලකයෝ අද නිදහසේ, සුවසේ.
Deepal Nirosh Saturday, 27 August 2022 10:57 AM
මෙතනට ආපු මේ රසික රසිකාවියො ගැන ගැටළුවක් නැහැ. ඒත් කෝ මේ සිරකරුවෙක් හෝ සැකකරුවෙක් හෝ නිදහස් වන විට පේළියට ඉස්සරහට ඇවිත් අත්පුඩි ගහන ටයි කෝට් සාරි ඇඳගත්තු අපේ වැදගත් නෝන මහත්තුරු ටික. එයාලා දන්නේ නැතිවවත්ද?
demian Saturday, 27 August 2022 05:07 PM
මට රාජපක්ෂලා වගේම රංජනුත් අප්පිරියයි. රාජපක්ෂලා ආගම විකුණලා බලේ රැකගත්තේ. රන්ජන් ආගමට අපහාස කළා. මමත් කැතලික්. නමුත් ඒ වගේ කතා හින්දා මොහු අප්පිරියයි...
Amali Sunday, 28 August 2022 09:47 AM
රන්ජන්ව එළියට ගත්තේ නම් රාජපක්ෂලා මිසක් වෙන කවුරුත් නෙමේ. රන්ජන්ව හිරේ දැම්මේ යහපාලන කාලය තුළ දමපු නඩුවකට. එයට රාජපක්ෂලා හෝ දේශපාලකයින් සම්බන්ධ නැහැ. නඩුව දාපු කෙනත් එජාපයෙන් ඡන්දෙ ඉල්ලපු කෙනෙක්... මේක තනිකරම කළු කෝට් මාෆියාවේ වැඩක්. රන්ජන් සටන පවා දුන්නා. ඔහු කළ ප්‍රකාශය බොරුබවට දිවුරුම් පෙත්සමක් දීලා තමයි එළියට ආවේ. මෙච්චර කල් දුක් වින්ද එකෙන් වැඩක් නැහැ දැන්. ඔහු වීරයෙක් නෙමේ. සටන පවා දුන්නු දුර්වලයෙක්...!