(ඩයනා උදයංගනී)
සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට තම නිවෙස් තුනෙන් එකක් ලබාදීමට සූදානම් බව රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා පවසයි.
රන්ජන් රාමනායක මහතා පදිංචිව සිටි මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාසයෙන් ඔහුගේ බඩුමුට්ටු ඉවත්කරගන්නා ලෙස මේ වන විට දැනුම් දී ඇති අතර ඒ සඳහා ලබාදී තිබූ සහන කාලය ලබන 20 වැනිදායින් අවසන්වීමට නියමිත බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
එබැවින් ඔහුට තම නිවෙස් තුනෙන් එකක් ලබාදීමට තීරණය කළ බව චන්දිමාල් ජයසිංහ මහතා සිය ෆේස්බුක් ගිණුමට වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද (15) එක්වෙමින් පවසා ඇත.
රන්ජන් රාමනායක මහතා තම සමීප මිතුරකු බවත් මෙවන් මොහොතක නැති මිතුදම් හා මනුස්සකම්වලින් පලක් නොවන බවත් චන්දිමාල් ජයසිංහ මහතා සඳහන් කරයි.
රාමනායක මහතාට නිදහස් වී පැමිණි දිනක මෙම නිවසේ පදිංචි වී ඔහුගේ කටයුතු ඉදිරියට කරගෙනයාමට හැකි බව ද ජයසිංහ මහතා ප්‍රකාශ කර ඇත.
2025 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
චීනයේ නිල සංචාරයකට සහභාගී වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාට ආරාධනයක් ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
2015 වසරේ ශ්‍රී ලංකා මහා බැංකු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් දූෂණය නම් වරද සිදු කර ඇතැයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට පෙබරව
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහ
E8 වීසා ක්‍රමවේදය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අම්පාර මහඔය පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ අරලගංවිල බෝගස් හන්දිය ප්‍රදේශයේ අද(26 )උදෑසන පාලමක් කැඩී සම්පූර්ණයෙන්ම ගිලා බැසීම හේතුවෙන් එහි ගමනාගමන කටයුතු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රන්ජන්ට ගෙයක් දෙන්න චන්දිමාල් සැරසෙයි
jayasekara Thursday, 15 July 2021 02:16 PM
ඔයිට වඩා හොඳයි.. ඔය ගේ විකුණලා ඒ සල්ලිවලින් නැතිබැරි හිසට වහලක් නැති මිනිස්සුන්ට ගෙවල් 10ක් විතර හදලා දෙනවා. ලොකුම පිනක් ඒක...
Not a slaveThursday, 15 July 2021 03:08 PM
කුහකකමේ සීමාවක් තියාගන්න. බොරුවට කියවන්නේ නැතිව. දෙන මනුස්සයයි, රන්ජන් මහත්තයයි ඒක බලාගනියි.. ඔයාගේ ගෙදර වැඩේ ඔයා බලාගන්න..
KamalThursday, 15 July 2021 03:26 PM
හම්මේ ඉතින් පින් කරන හැටි උගන්වන්න නම් ඕනතරම් ඉන්නවා. හිඟන්නෙකුට රුපියලක් දෙන්නේ නැති අය...
BamunuarachchiThursday, 15 July 2021 03:51 PM
ඔහොම ගොයියෝ ඉන්නවා. ඕවා සංදර්ශන...
sathyapala Friday, 16 July 2021 02:27 AM
අපි එකම රෑනෙ කුරුල්ලෝ... අපි එකම රෑනේ කුරුල්ලෝ මේ පාරාදීසේ... නෑ වෙන්වන්නේ නෑ තනිවෙන්නේ...//
ibba nahunu kata Thursday, 15 July 2021 02:59 PM
ඉතාම අගය කරනවා... නමුත් හිරේ ඉන්න කෙනාට ගෙවල් අවශ්‍ය නැහැ.
chandimaFriday, 16 July 2021 02:25 AM
ඇත්ත කතාව... අනික ආවා කියලා වැඩි කාලයක් එළියේ ඉන්නේ නැහැනේ... කටට බ්රේක් නැති හින්දා දවස් තුන හතරකින් ආයෙත් අවුරුද්දක්, දෙකක් ඇතුලේ...!!!
Bamunuarachchi Thursday, 15 July 2021 03:50 PM
තුනම දුන්නත් අපිට කමක් නැහැ. අපිට ඇති රුදාව මොකක්ද?
aseFriday, 16 July 2021 07:18 AM
රුදාවක් නැත්නම් මොන කෙහෙල්මලටද ආඩපාලි?
සොරිසේන Friday, 16 July 2021 12:35 PM
රිදුණු තරම පේනවා කමෙන්ට් පිට කමෙන්ට් එනකොට...
Shantha - Qatar Thursday, 15 July 2021 04:06 PM
අපි මොනවා කියන්නද? නැති බැරි සහ ඇති හැකි...
Ruhunu Thursday, 15 July 2021 05:14 PM
මට හිතුනේ වෙන දෙයක්...!
Prabha Thursday, 15 July 2021 05:26 PM
මේ ගොයියත් අන්තිමට පාර්ලිමේන්තුවේ නතර වුණත් පුදුම වෙන්න දෙයක් නෑ.
සිරිබිරිස් Thursday, 15 July 2021 05:36 PM
එක ජාතියේ කට්ටියනේ....
SEVAKA GRAMA Thursday, 15 July 2021 06:16 PM
ඔක්කොම එකම ඩයල් තමයි...!!!
බද්රානි Thursday, 15 July 2021 06:21 PM
මනුස්සයෙක් හිතේ ශ්‍රද්ධාවෙන් දානයක් දුන්නත් බල්ලන් බුරන තත්වයකුයි දැන් මේ රටේ උදාවෙලා තියෙන්නේ....
Demuni Uduwara Thursday, 15 July 2021 10:48 PM
ඇත්තෙන්ම නිවැරැදියි.
BamunuarachchiFriday, 16 July 2021 09:29 AM
මෙයාලා වැඩ වලට වටේ ඉන්න බල්ලෝ බුරනවා. උන්ටත් බුරන බල්ලන් දිහා අපි බලාගෙන ඉන්නවා.
බද්රානිFriday, 16 July 2021 08:26 PM
බල්ලන්ගේ හැසිරීම ගැන බමුණුආරච්චි දන්නේ නැත්නම් ඉතින්, ඊට වඩා වෙන කවුද දන්නේ? ඒ කියන්නේ බල්ලෝ, වෙලාවකට අනිත් බල්ලෝ බුරන දිහා බලාගෙනත් ඉන්නවා එහෙනම් නේද?
බමුණු.Saturday, 17 July 2021 02:15 PM
බල්ලන්, කුක්කන් වෙලා පහුගිය දවස්වල ඇඳන් යට හැංගීලා, වකුටුවෙලා ඉඳලා දැන් දැන් එළියට බැහැලා සද්දයට උඩු බුරලනු පෙනේ. අපේ බමුණුආරච්චි මහතාත් කාලේකට පස්සේ තමයි එළියට බැහැලා තියෙන්නේ... දැන් තමයි පේන්නේ චන්දිමාල් ඇතුළු කට්ටියට නිරෝධායන දඬුවම් නීතිය ක්‍රියාත්මක වුනේ ඇයිද කියලා. රන්ජන්ට පක්ෂපාතී නිසා. චන්දිමාල් දෙන්නේ ඔහුට අයිති ගෙයක්... ඒ ගැන බමුණුආරච්චි මහතා කේන්ති අරගෙන වැඩක් වෙන්නේ නැහැ. පිස්සු නටන්නේ නැතිව කොණ්ඩේ බැඳගන්න...
Chandima Thursday, 15 July 2021 07:43 PM
මොනවා වුණත් රංජන් ජනතාවගේ ඡන්දයෙන් හොරකම් නොකරපු කෙනෙක්.. තමන්ගේ දේත් මිනිස්සුන්ට දුන්නු කෙනෙක්... කරපු වරද මහ අයගේ සැබෑව ප්‍රසිද්ධියේ හෙළිකිරීම... එය වරදක්ද? එහෙම කෙනෙක් අසරණ වෙලා හිරෙ ඉද්දී චන්දිමාල් කරන්නේ විශිෂ්ඨ උපකාරයක්...
සමරගේFriday, 16 July 2021 08:00 AM
රන්ජන් කරපු වැරදි තිබෙනවා. නඩුවකට පෙර විනිසුරුවන්ට කතාකිරීම එයාමයි පටිගත කරගත්තේ. ශානි අබේසේකර වළං හෝදන්න ඉල්ලන තත්ත්වයට පත්කිරීම. ඒත් රන්ජන් විසින්ම කරපු දේවල්. චන්දිමාල් පාටි දැම්මාම ගිහින් පියුමිව බදාගෙන පත්තරේට ෆොටෝ දැමිල්ල එයාලගේ වැඩක්. රන්ජන් ඉස්සරම හොඳ දේවල් කළා. මැද පෙරදිග කාන්තාවන්ගේ ප්‍රශ්න සමාජයේ අවධානයට යොමු කිරීම ඉතා වටිනා දෙයක්. නමුත් රන්ජන් හිතන්නේ නැතුව ඇති එයා කරන වැරදි දෙයින් අනික් අය එයා සමග තරහක් ඇතිකරගන්නා බව. පද්මිණී රණවක සහ ශානි අබේසේකර දැන් රන්ජන් ගැන මොනවා හිතනවා ඇතිද?
සමන්තFriday, 16 July 2021 06:30 PM
පිළිතුරු ලියන්න අකමැති වුණත් දේශපාලන වුවමනාවන් වෙනුවෙන් හොඳ මිනිස්සුන්ට මඩ ගහන කොට ලියන්න වෙනවා. රන්ජන් පද්මිණී රණවකට කතා කරනකොට නඩුව ඉවර වෙලා තීන්දුවත් දීලා තිබුනේ. ශානි කියන්නේ එකඑකාට කඩේ ගිය කෙනෙක් නෙමෙයි. කවුරු හරි කතාකරන කොට, කතාකරන එක අද මිනීමරුවන් නිදහස් කරන විදිහේ වැඩක් කියලා හිතන්න එපා. ඔය පොහොට්ටු දේශපාලනේ නිසා අද වෙලා තියෙන දේ පේනවා නේද?
රොෂාන් Thursday, 15 July 2021 07:47 PM
දැන් ඉතින් ගෙදරම ඉන්න පුළුවන්...
surendra fernando Thursday, 15 July 2021 07:54 PM
කොහොමත් 69 බයියන්ට ඇඩ්රස් නැතිවෙලානේ ඉන්නේ... ඒක නිසා හොඳ මනුස්සයෙක්ට පිනට දෙන එකටත් හරි අමාරුයි... බයියො තමයි..
යාපාFriday, 16 July 2021 09:16 AM
බයියන්ට ඇඩ්රස් නැද්ද කියලා බලාගන්න පුලුවන්නේ.. වහල්ලන් ඊළඟ ඡන්දෙන්... මිනිස්සුන්ට ගිය අවුරුදු 5 අමතක නෑ.. රතු අලි කෙරුවාව. රන්ජන්ට හොඳ මිනිහෙක් කියනවා නම් නීතිය නමන හැම කෙනාටම හොඳ මිනිහෙක් කියලා කියන්න ඕනෑ. ඔබ වගේ හරක් ඉන්නකන් රන්ජන්ලටත් බොරුවට අධිකරණයට බැණ බැණම යටින් ගේම් ගහලා හරක්ගෙන් හොඳ අහන්නත් පුළුවන්...
Herath Thursday, 15 July 2021 09:43 PM
දේශපාලනයෙන් හම්බ නොකර ඇත්ත කතා කළ ඔහුට කරන මේ උපකාරයට බොහෝම ස්තුතියි..!
Rata Perata Thursday, 15 July 2021 09:52 PM
ඊට වැඩිය හොඳයි අර අපේ සල්ලි හොරකම් කරලා හදපු, දැන් අයිතිකාරයෙක් නැති දෙනියායේ මාලිගාවෙන් කෑල්ලක් දෙමු.
Nimal Friday, 16 July 2021 12:03 AM
හොඳට ගැලපෙන අය ඒ ඒ අයට උදව්කර ගන්නවා. මේක දානයක් කියලා සමහර වහල්ලු වගයක් අර්ථකථනය කරනවා.
ගමේ එකාලා Friday, 16 July 2021 04:47 AM
රන්ජන් කියන්නේ සමහර දූෂිත දේශපාලුවන් වගේ ජනතාව ගසාකාපු හොරෙක් නෙවෙයි. දන්නෝ දනිති. එවැනි කෙනෙකුට උදව් කරන්න කවුද අකමැති...?
R.V.G.Perera Friday, 16 July 2021 06:59 AM
චන්දිමාල් ඔබ හොඳ මිතුරෙක්...!!!
Buddika Friday, 16 July 2021 07:14 AM
තමන්ගේ පුද්ගලික දෙයක් අනුන්ට හිතවත්කමට, හෝ පිනට දෙන්නේ චන්දිමාල් හම්බකරපුවා හා එයාගේ මහන්සියෙන්... ඒවාට ගරහන්නේ 69 ලක්ෂයේ කුහක ගල්බමුණෝ... ඡන්දෙ දීලා අද ඉන්නේ ඇටිකෙහෙල් ගිලපු උගුඩුවො වගේ. මැදමුලනින් කරන හැම දේම හරියි කියන්නේ මේ වගේ මෝඩ හරක්...
සමන්ත Friday, 16 July 2021 08:10 AM
ඉතාම හොඳ වැඩක්... රංජන් කියන්නේ අවංක හිතහොඳ මිනිහෙක්. ඔහු මිනිස්සු වෙනුවෙන් වැඩ කළා. කතා කළා. හොරෙක් වුනේ නෑ. විභාග පාස්වෙන්න උත්සාහ කළා මිස කොන්ත්‍රාත් කරන්න උත්සාහ කළේ නෑ. ඔබ කරන දේ ඔබට තියෙයි. කොහොමත් අපි රන්ජා ගැන බලාගන්නවා. ඔහු ඉක්මණින්ම එළියට ඒවි. එදාට ඔබත් වීරයෙක් වේවි...!!! මෝඩ බයියන් කියන දේවල් ගණන් ගන්න එපා...
Buddhika Friday, 16 July 2021 10:59 AM
චන්දිමාල් කොහොමත් ඡන්දේ ඉල්ලනවා කියලා තියෙනවා.. ඉතින් ඒකට සුදුසුකම් සපුරා ගන්නවා දැන්ම ඉඳලා... ඊට පස්සේ අවුරුදු 05ක් පාර්ලිමේන්තුවේ .. පෙන්ෂන් එකක් ජීවිත කාලයටම... තවත් මොනවද? ලංකාවේ සිස්ටම් එක.. එතුමාගේ හැකියාව ...
sami Friday, 16 July 2021 11:29 AM
විජේ කුමාරතුංගට මොකද වුණේ? ඒ වගේ හොඳ මිනිස්සුන්ටම තමයි මේ රටේ හැම කරදරයක්ම...
ලැසිFriday, 16 July 2021 07:04 PM
විජයවයි, රංජන්වයි සමාන කරන්න බෑ. විජය දේශපාලනයේ යෙදුනේ එහි ගරුත්වය රකිමින්... ඔහු කිසිදිනෙක එක එකා සමග අනික් අය ගැන අසභ්‍ය විදිහට කතාකළා කියලා කවදාවත් කිසිකෙනෙක් කියලා නැහැ. තරුණ නළුවෙක් විදිහට මොන දෙයක් කරත් ඔහු දේශපාලනයට එක්වුණාට පස්සේ තමාගේත් තමාට සම්බන්ධ සහ අනික් හැමදෙනාගේත් ගෞරවය රැකෙන විදිහට හැසිරුණා. විජයට හිටපු සතුරන්ගේ හැටියට ඔහු වැරදි කරා නම් ඒවා සඟවන්න ලැබෙන්නේ නෑ...
ලංකා Friday, 16 July 2021 01:37 PM
පුතාණෝගේ ආර්යාවට කියලා... ජනසවියත් හදලා දෙමු...
විජේ Saturday, 17 July 2021 04:53 PM
එක වල්ලේ කලටිනේ...!!!