IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


රනජන්ට නිදහස ඉල්ලා සජිත්ගෙන් ජනපතිට ලිපියක්

(නිමල කොඩිතුවක්කු)

සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන ලිඛිත ඉල්ලීමක් කරනු ලැබීය.

රාමනායක මහතාගේ නිදහස සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස දේශපාලන පක්ෂ, පාට භේදයකින් තොරව ආගමික නායකයින්, ප්‍රවීණ කලාකරුවන්, නීති විශාරදයින්, සිවිල් පුරවැසියන් ඇතුළු විශාල පිරිසක් ඉල්ලීම් කර ඇති බැවින් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගේ සාධනීය ප්‍රතිචාරය කඩිනමින් අපේක්ෂා කරන බවත් විපක්ෂනායකවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලැබීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ තව තවදුරටත් මෙසේද සඳහන් වේ. "පාර්ලිමේන්තු මන්ත්‍රී අප හිතවත් රන්ජන් රාමනායක මහතා 2021 ජනවාරි 12 දින සිට මේ දක්වා දින 232ක කාලයක් සිර දඬුවම් විඳිමින් සිටී. රන්ජන් රාමනායක මහතා අවංක චරිතයක් ඇත්තෙකු ලෙසත්, සත්‍ය වෙනුවෙන් කතා කරන චරිතයක් ලෙසත් කා අතරත් පිළිගැනීමක් තිබේ. කලාකරුවකු ලෙස රන්ජන් රාමනායක මහතා වසර ගණනාවක් අඛණ්ඩව ජනප්‍රියම නළුවා ලෙසත්, ජනතාවාදී කලාකරුවකු ලෙසත් විශාල කීර්තියක් ලබා ගෙන සිටින අතර දේශපාලනඥයෙකු ලෙස අවස්ථා රැසකදීම ඉහළම ජනතා මනාපයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූවෙකි. දේශපාලනයෙන් හෝ වෙන යම් කිසිම මාර්ගකින් අයථා කටයුතුවලට හෝ දූෂණවලට එතුමා සම්බන්ධ නැති බව කවුරුත් දන්නා කරුණකි.

එතුමාගේ නිදහස සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස දේශපාලන පක්ෂ, පාට භේදයකින් තොරව ආගමික නායකයින්, ප්‍රවීණ කලාකරුවන්, නීති විශාරදයින්, සිවිල් පුරවැසියන්, විශාල පිරිසක් ඉල්ලීම් කළ අතර ඔබතුමාටද එවැනි ඉල්ලීම් ගණනාවක් යොමුකර තිබිණි.

එවන් තත්ත්වයක් තුළ, රන්ජන් රාමනායකයන්ගේ නිදහස වෙනුවෙන් මා මීට පෙර අවස්ථා කිහිපයකදීම ඔබ තුමන්ව දැනුවත් කළ අතර ඒ සෑම අවස්ථාවකදීම ඔබතුමන්ගෙන් ලද යහපත් ප්‍රතිචාරය පිළිබඳව කෘතවේදීව සිහිපත් කරමි.

රන්ජන් රාමනායක මහතාගේ නිදහස උදෙසා ඉහත පාර්ශවයන් නැවත නැවතත් මා වෙතින් විමසීම් සහ ඉල්ලීම් සිදුකරනු ලබන අතර, එකී ඉල්ලීම් සාධනීය බවත්, සාධාරණ බවත් මා මෙන්ම ඔබතුමාද විශ්වාස කරනු ඇතැයි අපේක්ෂා කරමි. ඒ අනුව රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දීම පිළිබඳව ඔබතුමන්ගේ සාධනීය ප්‍රතිචාරය කඩිනමින් මා අපේක්ෂා කරමි.

 



අදහස් (14)

රනජන්ට නිදහස ඉල්ලා සජිත්ගෙන් ජනපතිට ලිපියක්

යෝගා Wednesday, 01 September 2021 01:35 PM

රන්ජන් නිදහස් කිරීම තුළින් ජනපති ලවා අධිකරණයට අපහාස කරවීම මෙහි අරමුණයි...

:       24       9

ශාන්Wednesday, 01 September 2021 02:33 PM

අර මරණ දඬුවම්කරුව අධිකරණ දෙකක විශේෂ විනිසුරුවන් 7ක තීන්දුව ඉවතදමා නිදහස් කරවීම හැල්ලූ කිරිමක් නොවේ. මේක තමයි අපහාස කිරිම.

:       6       16

chandanaWednesday, 01 September 2021 04:41 PM

ශාන් ඔබ කියනා පුද්ගලයාව වැරදි කරුවකු කිරීමට කෙතරම් උපක්‍රම යොදා ඇත්දැයි යන්නට තිබෙන හොඳම සාක්ෂියද මොහුමය. හඪපට නැවත අසා පසුව අදහස් දක්වන්න.

:       6       1

Senarath Wednesday, 01 September 2021 02:20 PM

අධිකරණයේ ස්වාධීනත්වය ගැන මහලොකුවට කතාකරනවා. ඒ වුණාට අපහාස කරපු මිනිහාට දඬුවම් දුන්නාම ඒකෙන් බේරගන්න ඉල්ලීම් කරනවා. දැන් පැහැදිලියි රංජන් මේවා කළේ කාගේ වුවමනාවටද කියලා...

:       7       9

Raveendra Wednesday, 01 September 2021 03:12 PM

කිසිවෙකු මධ්‍යස්ථව අවංකව හොදින් නිරීක්ෂණය කලොත් මුන්දෑ කියන තරමක් කියන්නේ ගොන් කථාමනේ..

:       12       12

BamunuarachchiThursday, 02 September 2021 10:38 AM

අපි දන්නවා. කියලා වැඩක් නැහැ.

:       0       0

SUNIL MILANO Wednesday, 01 September 2021 04:24 PM

මේ පුතාණෝ කතාකරන්නේ කොහෙන්ද දන්නේ නෑ. යහපාලනය කාලේ මෙයා කොහේද දන්නේ නැහැ හිටියේ...? නිකරුණේ කී දෙනෙක් සිරගත කළාද? එක වචනයක් කතා කළාද? දැන් මොකක්ද හැදිලා තියෙන පිස්සුව...?

:       7       8

කිරි පුතා Wednesday, 01 September 2021 04:34 PM

මෙන්න මෙයාට තියෙන ජාතික ප්‍රශ්නය

:       0       0

Sumudu Wednesday, 01 September 2021 04:57 PM

අධිකරණ තීන්දුවත් හැල්ලුවට ලක්වේයි ද

:       5       0

අබිලින්Thursday, 02 September 2021 06:30 AM

රංජන් කිව්වේ ඇත්ත දේ. ඇත්ත තිත්තෙන් .සජිත්ගේ ඔය ඉල්ලීමෙන් වැඩක් වෙන්නෙ නැහැ. රංජන් මහ දවාලේ මිනී මරල නැති නිසා ඔය ඉල්ලීමෙන් වැඩක් නැහැ

:       0       0

chandanaThursday, 02 September 2021 01:14 PM

ඔව් එයා කිව්ව ඇත්ත කොයිතරම් රසවත්ද කියනවා නම් අවුරුදු 18ට අඩු ළමයින්ට අහන්නවත් බැහැ. අවුරුදු 18ට වැඩි අයට වුණත් ලැජ්ජාවක් තියෙනවා නම් අහන්න බැහැ. එයා එක පැත්තක් සත්‍යවාදී කඩතුරාව පොරවා ගත්තේ එයාගේ තවත් අසම්මත වැරදි පැති වහගන්නයි. කෙලින්ම කියන්නකෝ එයා අර මනුස්සයාට කොහොම හරි වැරැදි කරුවකු කරන්න හිටපු අධිකරණ විනිසුරුවරියක සමගයි, පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සමගයි කරපු දුරකතන සංවාද බොරුද? ඒ්ක බොරු නෙවෙයි නම් ඒ් මත අර මනුස්සයාව වැරැදි කරුවෙක් වීම නිවැරදිද? සත්‍යය දැනගන්න අවශ්‍ය නිසයි අහන්නේ....

:       0       0

BamunuarachchiThursday, 02 September 2021 10:48 AM

ගුලිකර කුණු කුඩේට දමන්න..

:       0       0

sapumal Wednesday, 01 September 2021 06:17 PM

රන්ජන්ට ජනාධිපති සමාව නොදිය යුතුයි. ඒවා දෙන්න තියාගන්න මිනි මරුවන්ට. රන්ජන් කිව්වේ අධිකරනේයේ සම හරක් ධුශිතයි කියලානේ. එතකොට හරිනම් කරන්න ඕනේ එයාගෙන් සාක්ෂි අරගෙන ධුශිතයින්ට දඩුවම් දෙන එකනේ . මේ කැකිල්ලේ තීන්දුවෙන් ඌව හිරේ දැම්ම. අධිකරණයට අපහාස කළා කියල හිරේ දානවනම් මුලින්ම දන්නා ඕනේ සරත් එන් සිල්වා ව.

:       0       0

Bamunuarachchi Thursday, 02 September 2021 09:53 AM

කෙලින්ම කුණු කූඩේට

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වසන්ත නිසා කවිරත්න වේදිකාව වර්ජනය
2024 සැප්තැම්බර් මස 16 1413 0

සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට නැග සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස යන තුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී


පන්නල පොලිසියට පාප්ප ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 16 396 0

පන්නල ඇලබඩගම සුහද ජනපදය මාර්ගයේ එක්තරා දේශපාලන පක්ෂයකට අයත් දැන්වීම් අලවමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගිය පොලිස් කණ්ඩායමක පාප්ප බාල්දි පාරක් කෑමට වූ


ශිෂ්‍යත්ව පේපරය බෙදන්න කලින් පිට කරලා
2024 සැප්තැම්බර් මස 16 710 0

අනුරාධපුර, රත්මලේ තිස්ස විදුහලේ පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කිය


ජනපති අපේක්ෂක සීලරතන හිමිට අ:පුරේදී මැර තර්ජන
2024 සැප්තැම්බර් මස 16 920 0

ජනසෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහ ඔහුගේ ආරක්ෂකයාට ඊයේ (15) රාත්‍රී අනුරාධපුර නව බස් නැවතුම්පොළේදී පිරිසක් පරුෂ වචනයෙන


ජල ගැලුම් නිම්නයේ වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 16 230 0

පොළොන්නරුව ජලගැලිම් නිම්න ජාතික වනෝද්‍යානයේ වැලිකන්ද කටුවන්විල ප්‍රදේශයේ, සංවිධානාත්මක දැව ජාවාරම්කරුවන් පිරිසක් විසින්ම දිගු කලක සිට අක්කර පනහකට


ලංකාවට යන්නේ පරිස්සමෙන්: ඇමෙරිකාවෙන් උපදෙස්
2024 සැප්තැම්බර් මස 16 759 0

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2132 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 986 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site