IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


රන්ජන් ලබන සතියේ නිදහස්

 

(සුජිත් හේවාජුලිගේ )

සිර දඬුවම් විඳින ප්‍රවීණ රංගන ශිල්පී රංජන් රාමනායක මහතා ජනපතිවරයාගේ පොදු සමාව යටතේ ලබන සතියේදී  නිදහස් කෙරෙනු ඇතැයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ලංකාදීපයට පැවැසීය.

රාමනායක මහතා පිළිබඳ සියලු නිර්දේශ වාර්තා තමා ජනාධිපතිවරයාට බාරදී අවසන් බවද  හෙතෙම සඳහන් කළේය.

මේ අතර  වරද සම්බන්ධයෙන් සමාව ගැනීමේ ලියවිල්ලකටද රංජන් රාමනායක මහතා පසුගියදා අත්සන් කළේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින්  රන්ජන් රාමනායක මහතාට  වසර හතරක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කරනු ලැබීය.

ඒ 2021 වර්ෂයේ ජනවාරි 12 වැනිදාය.

මේ අනුව ඔහු  වසර දෙකකට ආසන්න කාලයක් මේ වනවිට සිර දඬුවම් විඳ ඇත්තේය.

රන්ජන් රාමනායක මහතා  ජනපති පොදු සමාව යටතේ නිදහස් කරන ලෙස  සමගි ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන  කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් පසුගිය කාලයේදී රජයෙන් ඉල්ලා සිටියහ.



අදහස් (9)

රන්ජන් ලබන සතියේ නිදහස්

Gamini Saturday, 20 August 2022 05:42 AM

මෝඩ වැඩක්...!

:       0       0

Bamunuarachchi Saturday, 20 August 2022 07:15 AM

ඊට පස්සේ සප්ලයි එක පටන් ගනීවි නේද? කාටද සැප? එය අධිකරණය අවබාවිත කිරීම ඔහෙට පරශ්නයක් නොවෙයි නේද? ඔයකියන සමගි ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන කලාකරුවන් ඇතුළු විශාල පිරිසට අල්පොන්සොගේ හඬපට වලින් කියවුනුදේ ප්‍රශ්නයක් නොවෙයි නේද?

:       0       0

ලලිත් අම්බලන්ගොඩ Saturday, 20 August 2022 09:20 AM

ඔබ නිදහස් වී පැමිණ මේ අසික්කිත දේශපාලනය නතර කරන්න පෙරමුණ ගන්න. අසරණ ජනතාව වෙනුවෙන් යුක්තිය ඉටුකර දෙන්න ඔබට සැබෑ වුවමනාවක් තිබෙන බව මම පිළිගන්නවා. ඒත් ඔබ සටන් කරනනේ ඔබේම පිලේ රංචුවක් සමග බව අමතක කරන්න එපා. එමනිසා අඩුව තියෙද්දී අත පුච්චාගන්න එපා. කිසිවිටෙක අධිකරණයට අපහාස කිරීමට කිසිවෙකුට අයිතියක් නැහැ. එතැනට අත නොතියා ඔබ කටයුතු කරන්න. කොහොමත් ඔවුන් ඔක්කොම යාලුවොනේ මල්ලි. හොරු කවදාවත් හොරු අල්ලන්නේ නැහැ. දැන් ඔබ කළයුතු තවත් වැදගත් දෙයක් තියෙනවා. හිර ගෙදර ඔබ වැනි කෙනෙකුට ඉතාමත්ම ආරක්ෂිත තැනක්... නමුත් ඔබේ විචේචනයට ඉලක්කවන අය ඇතැම්විට ඔබේ ජීවිතය පවා විනාශ කරන්න පුළුවන්. ඒ ගැන අවබෝධයෙන් කටයුතු කරන්න. මමත් අරගලයක් කරනවා. හැබැයි තනියම... මම මැදිහත් වෙලා අම්බලන්ගොඩ පාසල් ඉඩමක් බේරුවා. මම තව අරගලයක් කරනවා අම්බලන්ගොඩ දේශපාලකයන්ගෙන් තානායම් භූමිය බේරගන්න. කුඩා පාසල් වසා දැමීමත් මම බොහෝ දුරට නතර කළා. හැබැයි තනියම... ඒ නිසා දැන් ඉතින් ජීවිතේ ගැන කල්පනාවෙන් වැඩ කරන්න...

:       88       8

විපරමා Saturday, 20 August 2022 02:52 PM

රටේ යුක්තිය නීතිය සාධාරණය විනාශ කෙරුවේ හිටපු පාලකයෝ. රටේ නීතිය ක්‍රියාත්මක වෙච්චි හැටිත් අපි නොදන්නවා නෙවෙයි .එහෙම උනානම් අද පාර්ලිමේන්තුවේ ඉන්න දූෂිතයෝ වැඩ් හරියක් ඉන්ඩ ඕනේ හිරේ. රන්ජන් ගැන තිබුනේ වෙනම එකක් .

:       50       5

BamunuarachchiSunday, 21 August 2022 06:17 AM

ඔව් ඔව් යුක්තිය, සාධාරණය හඬපට වලින් කියැවුණා. අන්තිමට අල්ලපු හොරෙක් නැහැ...

:       0       0

Kumara Saturday, 20 August 2022 07:21 PM

බොහොම හොඳයි..!

:       0       0

Aruna Saturday, 20 August 2022 09:02 PM

රටේ ලොකු ප්‍රශ්නයක් ඉවරයි... දැන් සැනසීමේ මැරෙන්න පුළුවන්...

:       2       42

ගමේ එකාලා Sunday, 21 August 2022 03:51 AM

රටම කාබාසීනියා කරපු දුශිත බලලෝබි දේසපාලුවෝ ,පවුල් පිටින් රටම හොරාකාපු එවුන් ,මිනිමරුවෝ පාතාලකාරයෝ ස්ත්‍ර්‍රි දූෂකයෝ නිදහසේ,නිදැල්ලේ ඉන්න රටක් .

:       0       1

gunarathna Sunday, 21 August 2022 09:16 AM

දැන් මල්ලි නඩුකාර මහත්වරුන් කවුරුත් නැතිද? ඔබතුමා එළියට එන්නේ උසාවියෙන් සමාව අරන්.. ඔය වැඩේ එදාම කළා නම් එදාම එළියේ... නේද මල්ලි... සිංහයෙක් වගේ ඇතුළට ගිහින්, සුනඛයෙක් වගේ ඉන්න පුළුවන් මල්ලි..!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2007 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 465 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 938 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 5326 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 700 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 4186 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 297 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site